"කිතුනු විරෝධී ප්‍රහාර සඟවන්නේ ඇයි ?" - පාකිතානයේ දෙව්මැදුරුවලට එල්ලවූ ප්‍රහාර ගැන සසුන් පිය සොව පළවේ

Pope grieves Pakistan bombings, says world hides Christian persecution
ප්‍රහාර එල්ලවූ කතෝලික දේවස්ථානය-BBC Pics
(2015 මාර්තු 15)












පාකිස්ථානයේ කිතුනුවන් වෙත එල්ලවන ප්‍රහාර, තාඩන පීඩන හා හිංසා ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය බලවත් වේදනාව පල කරති. ඉරිදා දහවල් තුන්කාල ආරාධනාවෙන් පසු සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනා කරුවන් අමතමින්  උන්වහන්සේ කියා සිටියේ ලෝකය කිතුනු විරෝධී හිංසන සඟවන්නට උත්සාහ දරන බවයි. පාප්වහන්සේ මේ බව පැවසුවේ බැතිමතුන් 14 දෙනකු මරණයට පත්කරමින් පාකිස්තානයේ කිතුනු දේවස්ථාන දෙකකට ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාර ගැන සිය අදහස් පළකරමිනි. 

මුලින්ම ලාහෝර් නුවර යුහන්බාද්හි සාන්ත ජුවාම් කතෝලික දෙව්මැදුරේ ගේට්ටුව අසල බෝම්බයක් පුපුරුවා හරින ලද අතර ඊට නුදුරින් ඇති එංගලන්ත සභාවේ ක්‍රිස්තු දෙව්මැදුර අසල ඊළඟ බෝම්බ පිපිරීම සිදුවිය. මෙයින් තුවාල ලැබූ සංඛ්‍යාව 70 කට අධික බව ජාත්‍යන්තර පුවත් සේවා කියයි. තලේබාන් සංවිධානයේ අතු කණ්ඩායමක් ලෙස සැලකෙන ජමාතුල් අහ්රාර් සංවිධානය ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ. 

"පාකිස්තානයේ ලාහෝර් නුවර දේවස්ථාන දෙකකට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පුද්ගලයන් ගණනාවක් මියගොස් තවත් පිරිසකට තුවාල සිදුවූ බව ඇසීමෙන් මම වේදනාවට - බොහෝ වේදනාවට පත්  වුනා" යයි බැතිමතුන් අමතමින් පාප් වහන්සේ පැවසුහ. " මේවා ක්‍රිස්තියානි දේවස්ථානයි. කිතුනුවන්ට එරෙහිව  හිංසන ක්‍රියා සිදුවෙමින් තිබෙනවා. මෙම සහෝදර සහෝදරියන් කිතුනුවන් වීම නිසාම ඔවුන්ට ලේ වැගිරීමට සිදුවී තිබෙනවා" යි හැඟුම් බරව පැවසු ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන්නැ යි තමන් දෙවිඳුන්ට කන්නලව් කරන බව කියා සිටියහ. "මේ රටට සාමයේත් සංහිඳියාවේත් ත්‍යාගය ලබා දෙන්නැයි සදා යහපතේ උල්පත වන දෙවිඳුන්ට මම අයාචනා කරමි"යි ප්‍රන්සිස්  පාප් වහන්සේ සඳහන්  කළහ.

මෙවැනි ලේවැගිරීම වලට ලෝකය අන්ධව සිටීම ද  උන්වහන්සේ ගේ විවේචනයට ලක් විය. "ලෝකය සඟවන්නට උත්සාහ කරන මෙම කිතුනු විරෝධී ප්‍රහාර නිමා වී ලෝකයට සාමය ලැබේවා " යි පාප් වහන්සේ යාච්ඥා කළහ.

පාකිස්තානයේ කිතුනු  ප්‍රතිශතය ජනගහනයෙන් 2% ක් නමුදු ලාහෝරය කිතුවන් බහුල ප්‍රදේශයකි. ත්‍රස්තවාදීන් මෙවැනි ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කිරීම මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට යොමු වී තිබේ.

Pope Francis has made an appeal for peace in Pakistan and for solidarity with the country’s persecuted Christian minority, in the wake of a pair of terror attacks that left at least 14 people dead in the city of Lahore. He also accused the world of, “trying to hide” the persecution of Christians. 

“With pain, with much pain,” said Pope Francis to the crowd of pilgrims and tourists gathered for the Angelus prayer this Sunday in St. Peter's Square, “I learned of the terrorist attacks today against two churches in the city Lahore in Pakistan, which have resulted in numerous deaths and injuries.”

More than 70 people were hurt in the two explosions, which targeted worshipers attending Sunday mass at the churches in the Youhanabad area. The bombers are said to have detonated their explosives near the gates of St John's Catholic Church and Anglican Christ Church. Pakistan's Christian community has often been targeted by militants. An offshoot of the Pakistan Taliban, calling itself Jamatul Ahrar, has said it carried out the attack.
The Holy Father went on to say, “These are Christian churches: Christians are being persecuted. Our brothers' and sisters' blood is shed only because they are Christians. As I assure you of my prayers for the victims and their families, I ask the Lord, I beseech the Lord, source of all good, for the gift of peace and harmony to this country.”

Concluding his appeal, Pope Francis prayed, “That this persecution against Christians, which the world tries to hide, might end, and that there be peace.”

ප්‍රහාර ගැන දැනගැනීමෙන් පසු සෙසු ප්‍රදේශ වල කිතුනු ජනතාව ඊට විරෝධය පල කළහ.-BBC Pics


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය