පාප්වහන්සේට ධවල මන්දිරයට ඇරියුම් - සංචාරය පවුල් හමුව අතරතුර

Pope Francis to visit White House Sept. 23

වතිකානයේ දී පාප්වහන්සේ-ඔබාමා හමුවූ මොහොත - Pics- From CNS

(2015 මාර්තු 26)
සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ලබන සැප්තැම්බර 23 වැනි දා වොෂිංටන් නුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හමුවීමට නියමිතයි. ධවල මන්දිරය මේ බව අද (බ්‍රහස්පතින්දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. උන්වහන්සේ ධවල මන්දිරයට යන්නේ ජනාධිපති ඔබාමා මහතා ගේ ආරාධනයක් පිළිගනිමිනි.
ලෝක පවුල් හමුවට සහභාගී වීම සඳහා තමන් සැප්තැම්බර මාසයේ ඇමෙරිකාවේ පිලඩෙල්පියා ප්‍රාන්තයට වැඩම කරන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය වසර අවසානයේ ප්‍රකාශ කළහ. ඇමෙරිකාව තුළ විවිධ ආයතන වලින් උන්වහන්සේට ආරාධනා ලැබුනේ එම අපෝස්තලික සංචාරයට දින යොදාගැනීමෙන් පසුවයි.

"2014 මාර්තු මාසයේ ජනාධිපති ඔබාමා මහතා වතිකානයේ දී පාප්වහන්සේ හමුවූ අවස්ථාවේ දී දෙපොල අතර ආරම්භ වූ සංවාදය මෙම හමුවේ දී ඉදිරියට ගෙනයනු ඇතැ' යි  මේ සම්බන්ධයෙන් ධවලමන්දිරය නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි. "දෙදෙනාට පොදු වූ වටිනාකම් සහ කරුණු රැසක් සම්බන්ධයෙන් දෙදෙනා තුළ වන කැපවීම මේ අතර වෙයි. දුප්පතුන් සහ සමාජයෙන් කොන් කරන ලද්දන් සුරක්ෂිත කිරීම, සියල්ලන් සඳහා  ආර්ථික අවස්ථා  වැඩි දියුණු කිරීම , යහපත් බාරකරුවන් ලෙස පරිසරය රක බලා ගැනීම, ආගමික සුලුතරයන් ආරක්ෂා කරමින් ලොව පුරා ආගමික නිදහස සුරක්ෂිත කිරීම,  සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් අපගේ සමාජවලට පිළිගෙන අන්තර්ග්‍රහණය කර ගැනීම වැනි කරුණු ඊට ඇතුලත් " වන බව ද එම නිවේදනය කියයි. 

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඇමෙරිකානු සංචාරයේ දිනපොත මේ වන විටත් කාර්ය බහුල වෙමින් තිබේ. සැප්තැම්බර්  26-27 දිනවල පිලඩෙල්පියාවේ පැවැත්වෙන ලෝක පවුල් හමුව උන්වහන්සේ ගේ සංචාරයේ වැදගත්ම අවස්ථාවයි. කැලිෆෝනියාවේ ප්‍රථම කතෝලික ප්‍රජාවන් ආරම්භ කල භාග්‍යවන්ත ජුනිපෙරෝ සේරා තුමන් සාන්තුවරයට එසවිමද මෙම සංචාරයේ දී සිදුකරන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. ඊට අමතරව ඇමෙරිකානු කොන්ග්‍රෙස් මණ්ඩලය අමතන ලෙස ද උන්වහන්සේට ඇරියුම් කර තිබේ. සැප්තැම්බර් 25 වැනිදා ප්‍රැන්සිස් පාප් වහන්සේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින් ගේ සංවිධානයට ද යාමට නියමිත ය. මේ සියලු දින  දැනටමත් තහවුරු කර තිබේ.  

ලෝක පවුල් හමුව  කතෝලික සභාව විසින් පවත්වනු ලබන රැලියකි. පාප් වහන්සේ මෙවර පවුල් හමුවට එක් වන්නේ ඔක්තෝබරයේ පැවැත්වෙන පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාව ද පසුබිම් කරගෙනයි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය