සභා ඉතිහාසයේ ප්‍රථම වරට අඹු සැමි යුවලක් එක වර සාන්තුවරයට

Parents of the Little Flower of Jesus to be canonized in the autumn

භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් යුවල
(2015 මාර්තු 15)
 ඔබේ දෙව්මැදුර කැපකර තිබෙන්නේ ජේසුගේ කුඩා මල වන සාන්ත තෙරේසා කන්‍යාවට ද? නැති නම් ඔබ එතුමියට විශේෂ භක්තියක් තිබෙන කෙනෙක් ද?
ඔබට තවත් සුබාරංචියක් මේ.

සාන්ත තෙරේසා කන්‍යාවගේ මව සහ පියා - ප්‍රංශයේ ජීවත් වූ (භාග්‍යවන්ත)  ලුවී සහ සෙලී මාටෑන් යුවල - ශුද්ධවරයට එසවීමට ප්‍රැන්සිස් සසුන් පියාණන් බදාදා අනුමැතිය දුන්නා. මෙම භාග්‍යවර යුවල ගේ මධ්‍යස්ථකමින් සිදු වූ ප්‍රාතිහාර්යයක්  නිල වශයෙන් පිලි ගැනීමත් සමග පාප් වහන්සේ මෙම  අනුමැතිය ලබාදුන්නේ ශුද්ධවර භාවය පිලිබඳ සසුන් නියෝජනයේ අධිපති ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග පැවැති සාකච්චාවක දී. ඔවුන් ශුද්ධවර භාවයට එසැවීම ලබන ඔක්තෝබර මාසයේ සිදුවන බවයි වතිකාන ආරංචි මාර්ග පවසන්නේ.




කතෝලික සභා ඉතිහාසයේ ගිහි යුවලක් -විවාහක අඹු සැමි යුවලක් - එක වර සාන්තුවරයට එසැවෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ජේසු සමිඳුන්ට සාක්ෂි දරමින් ආදර්ශවත් සහ ශුද්ධවන්ත  කිතුනු ජීවිත ගතකර සදා ජීවිතයට පියමං  කල ගිහි කිතුනුවන් ව්ශාල වශයෙන් ශුද්ධවර භාවයට එසවීම ආරම්භ කලේ ශුද්ධ වූ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනුයි. එය වඩාත් ගැඹුරට ගෙන යමින් "මෙලොව ජීවත් වන සෑම කෙනකුවම දෙවියන් වහන්සේ ශුද්ධවන්ත භාවයට කැඳවන  බව" ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය අනුශාසනා වල දී නිතර පවසනවා." තම අසල්වැසියාට දයාව දක්වමින් මහා කුලුණුබර දෙවි සමීඳුන් ගේ දයාවේ දොරටුවෙන්" ශුද්ධවන්තභාවයට ඇතුළුවිය හැකි බවයි උන්වහන්සේ පවසන්නේ. 2016 වසර දේව දයාවේ අති විශේෂ ජයන්ති වසරක් ලෙස පාප් වහන්සේ ප්‍රකාශයට පත්කර ඇත්තේ ද මේ ඉගැන්වීම කිතුනු හදවත් වල සනිටුහන්  කිරීම සඳහායි. මේ අනුව භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් යුවල ශුද්ධවරයට එසවීම මේ වසරේ සුදොතුම් පිය කැලැන්ඩරයේ විශ්ෂ ස්ථානයක් ගනු ඇති.

මෙම සාන්තුවර භාවයට එසවීම ඔක්තෝබරයේ වතිකානයේ දී පැවැත්වෙන පවුල පිලිබඳ ලෝක රදගුරු කතිකාව තුළ දී සිදුකිරීමට නියමිතයි. ඒ මගින් පවුල් ජීවිතයේ ශුද්ධවන්ත භාවය අවධාරණය කිරීම පාප් වහන්සේ ගේ අරමුණයි.

මේ යුවල ගැන 

ලුවී සහ සැලී එකිනෙකා හමු වී තුන්  මසකින් විවාහ වුණා .වසරක් පමණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කලත් ඉන් පසු ඔවුන් දරුවන් නව දෙනකු ගේ  මව් පියන් වුනා.දරුවන් සිව් දෙනකු ළදරු කාලයේදීම මිය ගිය අතර ඉතිරි ගැහැණු දරුවන් පස් දෙනාම පැවිදි ජීවිතයට ඇතුළු වුනා. 1877 දී සැලී පිළිකාවකින් මිය ගියේ දරුවන් රක බලා ගැනීම ලුවී ට ඉතිරි කරමින්. ඒ වන විට කුඩා තෙරේසා ගේ වයස අවුරුදු 4 යි. 1889 සිට ආඝාත දෙකකට ගොදුරු වූ ලුවී දීර්ඝ රෝග  කාලයකින් පසු 1894 දී සදා ජීවිතයට නික්ම ගියා.

මේ යුවල භාග්‍යවරයට ඔසවන ලද්දේ 2008 දී සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ විසින්.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය