"කිතුනු අපට ඇත්තේ එකම මාර්ගයයි: බැහැපත්කමේ -අවමානයේ මාර්ගයයි" - ගොබ් ඉරිදා පණිවිඩය

“Humility and Humiliation: The way of Christians” – Palm Sunday reflection



(2015 මාර්තු 29)
"ශුද්ධ වූ සතිය 'ශුද්ධවන්ත ' වන්නේ ජේසු සමිඳුන් ගේ බැහැපත්කම අනුගමනය කිරීමෙනි. සතියේ ඉදිරි දින කිහිපය එකින් එක දිග හැරෙන විට බැහැපත්කමේ ප්‍රතිඵලය ලෙස එතුමනට ලැබුණු නින්දාව  හා අවමානය අත්දකින්නට හා අනුකාරී වන්නට සුදානම් වන්නැයි "සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළහ. ශුද්ධවූ සතියට ඇතුළුවන ගොබ් ඉරිදා කියවීම් පාදක අනුශාසනය කරමින් පාප් වහන්සේ මෙසේ කියාසිටියහ.

ශු. පාවුළු තුමා පිලිප්පි වරුනට ලියු ලිපියේ සඳහන් වන (2:6-11) "උන්වහන්සේ දෙවියන් වහන්සේ ගේ ස්වරුපය දැරූ  නමුත් දෙවියන්වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේ ම ත්‍යාජ කර ගනිමින් වහලකු ගේ ස්වරුපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක " යන කොටස පදනම් කරගනිමින් ජේසු සමිඳුන් ගේ බැහැපත්කම  සුදොතුම් පියාණෝ පැහැදිලි කළහ.



"මේ වදන් අපට පෙන්වන්නේ දෙවියන් වහන්සේ ගේ මාර්ගයයි. එනම් බැහැපත්කමයි. එය ක්‍රිස්තියානින්ගේ ද මාර්ගයයි. ජේසු සමිඳුන් ගේ බැහැපත්කමේ මාර්ගය නිරන්තරයෙන් අප පුදුමයටත් කැළඹීමටත්  පත්  කරයි. මන්ද බැහැපත් දෙවිඳානන් කෙනකුට හුරු වීමට අපට කවදාවත් නොහැකි නිසයි."
ගොබ් ඉරිදා සුබ අස්නෙන් කියවුණු සුවිශේෂක මාර්කු  තුමා විස්තර කල ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්ති කතාවෙන් සමිඳුන් ගේ බැහැපත්කම අප සිත් තුලට කිඳා බසියි.

දුක්ප්‍රාප්ති සිද්ධි මාලාව තුළ ජේසු සමිඳුන් මුහුණ දුන්නේ "ලැජ්ජාවට, අවමානය වුවත්, එය දෙවියන් වහන්සේ ගේ මාර්ගයයි. ජේසු සමිඳුන් ගේ මාර්ගයයි. එය බැහැපත්කමේ මාර්ගයයි.  ඒ හැර වෙනත් මාර්ගයක් නැත. එසේම ලජ්ජාවෙන්, අවමානයෙන් තොර වූ බැහැපත්කමේ මාර්ගයක් ද නොමැත."

"වහලකු ගේ ස්වරුපය ගැනීමෙන් ජේසු සමිඳුන් පෙන්වා දෙන්නේ සැබෑ බැහැපත්කම ප්‍රකාශ කල හැක්කේ සෙසු අයට කරන සේවය මගින් බවයි. එසේම බැහැපත්කම ප්‍රකාශ කළ හැක්කේ දෙවියන් වහන්සේට අපගේ ජීවිතය තුළ ඉඩකඩ සැලසීම සඳහා ලෞකිකත්වයෙන් අප හිස් කර ගැනීමෙනි; ලෞකිකත්වයේ ඇඳුම් වලින් ඉවත් වීමෙනි."

ලෝකයේ මාර්ගය ගැන අවවාද කල ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ පැවසුහ: " සියල්ලටම වඩා විශාලම අවමානය මෙයයි. ලෝකයේ මාර්ගය, අහංකාරයේ, උඬඟු කමේ සහ ජයග්‍රහණයේ දුර්පරීක්ෂාවට අප පොළඹවයි. ජේසු සමිඳුන් දින හතළිහක් කාන්තාරයේ ගත කරද්දී යක්ෂයා උන්වහන්සේ පෙලඹවූයේ    එම පරීක්ෂාවටයි.එහෙත් සමිඳුන් වහාම ඒවා ප්‍රතික්ෂේප කල සේ උන්වහන්සේ සමග අපටත් එම පෙළඹවීම් ප්‍රතික්ෂේප කල හැකියි."

ශුද්ධ වූ සතිය තුළ ජේසු සමින්දුන්ගේ බැහැපත්කමේ-අවමානයේ මාර්ගය සමීපව  අනුගමනය කරන්නැ යි ප්‍රැන්සිස් පාප් වහන්සේ සියල්ලන්ට ආරාධනා කළහ." ප්‍රජා නායකයන් උන්වහන්සේට අවමන් කරමින් උන්වහන්සේගේ වරදක් අල්ලාගැනීමට කරන උත්සාහය; තම සමීපම ශ්‍රාවකයන්ගෙන් කෙනකු වූ ජුදස් විසින් කෙරෙන පාවාදීම; උන්වහන්සේ දරුණු අපරාධකාරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැගෙන යාම; අණඩු  තීන්දුව; අවමන් කර , කසපහර දී, මරණයට තීන්දු කිරීම අවසානයේ කුරුසියේ මරණය තෙක් වූ බැහැපත්කමේ අවමානය අත්දකින්න."

ජේසු සමිඳුන් වෙනුවෙන් අවමානයටත් හිරිහැරවලටත් පත්වන්නාවුද උන්වහන්සේ අත්  හැරීමට  ප්‍රතික්ෂේප කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නාවුද කිතුනුවන් අදත් සිටින බව සුදොතුම් ප්‍රන්සිස් පාප්වහන්සේ සිය දේශනාව අවසන් කරමින් පැවසුහ. "ඔවුන් අපේ යුගයේ ප්‍රාණපරිත්‍යාගීන්" යැයි උන්වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ මෙසේ සිහිපත් කලේ පකිස්තානය වැනි රටවලත් ISIS ත්‍රස්තවාදීන් අතිනුත් හිරිහැරයට ලක්වන සහ ඝාතනයට ලක්වන කිතුනුවන්ව ය.


Pope Francis on Palm Sunday said that imitating the humility of Jesus is what makes Holy Week “holy,” and encouraged attendees to mimic his attitude of humiliation as the week unfolds.

Referring to the day’s second reading from St. Paul’s letter to the Philippians, which recounts how Jesus “humbled himself” by taking on human form, the Pope said that “these words show us God’s way and the way of Christians: it is humility.”

Humility, he said, is “a way which constantly amazes and disturbs us: we will never get used to a humble God!”

As the Church sets out on the path of Holy Week that leads us to Easter, “we will take this path of Jesus’ own humiliation. Only in this way will this week be holy for us too!” Francis explained.

In his homily Francis focused on how Jesus’ incarnation and death serve as strong examples of God’s humility, which he shows to his people even when they disobey and complain to him.

Despite the shame Jesus faced, “this is God’s way, the way of humility. It is the way of Jesus; there is no other. And there can be no humility without humiliation,” Francis said.

By taking on the “form of a slave,” Jesus shows us that true humility is expressed in service to others, and consists of stripping and emptying oneself of worldliness so as to make room for God, he said.

“This is the greatest humiliation of all,” the Pope noted, and warned against taking that path of the world, which tempts us with “vanity, pride, success,” just like the devil did with Jesus during his 40 days in the desert.

However, Jesus “immediately rejected” this temptation, he said, explaining that “with him, we too can overcome this temptation, not only at significant moments, but in daily life as well.”

He encouraged attendees to follow Jesus on his path of “humiliation” during Holy Week, and noted how throughout the course of the next week, the Church will participate in Jesus’ suffering in a concrete way.

“We will feel the contempt of the leaders of his people and their attempts to trip him up. We will be there at the betrayal of Judas, one of the Twelve, who will sell him for thirty pieces of silver. We will see the Lord arrested and carried off like a criminal; abandoned by his disciples, dragged before the Sanhedrin, condemned to death, beaten and insulted,” he said.

In addition, we will also hear how Peter, the “rock” among the disciples, denies Jesus three times and will hear how the crowds, urged by their leaders, call for Barabas to be freed and Jesus crucified.

Jesus will be “mocked by the soldiers, robed in purple and crowned with thorns. And then, as he makes his sorrowful way beneath the cross, we will hear the jeering of the people and their leaders, who scoff at his being King and Son of God,” the Pope explained.

He closed his homily by recognizing the many who selflessly give themselves in hidden service to others, and by praying for those who are persecuted “because they are Christians.”

Referring to them as the “martyrs of our own time,” Francis said these people refuse to deny Jesus and therefore endure “insult and injury with dignity.”

He prayed that as the Church sets out on the path of Holy Week, faithful would commit to following Jesus’ way of humility with determination and “immense love” for him, saying that it is this love which “will guide us and give us strength.”

(CNA)

Pictures credit: Catholic News Agency

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය