ටියුනීසියා ප්‍රහාරය ජීවිතයේ පරිශුද්ධත්වය කෙලෙසන්නක් - පාප්වහන්සේ

Tunisia attack: An act  against 'the sacredness of life'Holy Father prays for the victims

(2015 මාර්තු 19)
ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට බදාදා  එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සිය බලවත් ශෝකය පල කරමින් එරට එරට අගරදගුරුතුමන්ට සුදොතුම් පියාණන් පණිවිඩයක් යවා තිබේ. මෙම ප්‍රහාරය "මානව  ජීවිතයේ පරිශුද්ධත්වයට සහ සාමයට එරෙහිව සිදුකෙරුණු ක්‍රියාවක්" යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ එම පණිවිඩය මගින් කියා සිටිති.
සිද්ධියෙන් සංවේගයට පත් පවුල්වල සාමාජිකයන් සමගත් සමස්ථ ටියුනීසියාන ජනතාව සමගත් තමන් යැදුමෙන් සම්බන්ධ වන බව පාප් වහන්සේ ගේ පණිවිඩයේ සඳහන් වෙයි. "මිය ගිය අය සදා සාමයට කැඳවන මෙන් ද තුවාල ලබුවනට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ද මම සමිඳුන් යදිමි' යි උන්වහන්සේ වැඩි දුරටත් පවසති.



ටියුනීසියානු හමුදා ඇඳුමින් සැරසුණු ත්‍රස්තවාදීන් දෙදෙනකු කෞතුකාගාරයට කඩා වැදී ප්‍රහාර එල්ල කරන විට සංචාරකයන් 200 දෙනකු පමණ එහි සිටි බව වාර්තා සඳහන් කරයි. සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයෝ 23 දෙනෙක් මිය ගියහ. ප්‍රහාරය එල්ල කරන ලද්දේ තම සංවිධානය විසින් බව ISIS (අයිසිස්) හෙවත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ප්‍රකාශ  කර ඇතැයි BBC ය පවසයි. 

ටියුනීසියාව අරාබිකරයේ විශේෂ කඩ ඉමක් සටහන් කළ රටකි. අරාබි කරයේ ඒකාධිපති පාලකයනට එරෙහි "අරාබි වසන්තය" නම් විප්ලව රැල්ල ආරම්භ  වූයේ ටියුනීසියාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය උදා කිරීමෙන් පසුව පැවැත්වූ ප්‍රථම නිදහස් මැතිවරණයෙන් සාමකාමී ආණ්ඩු මාරුවක් සිදු වූයේ නොබෝදා ය. ත්‍රස්තවාදීන් කෞතුකාගාරයට ප්‍රහාර එල්ල කරන අවස්ථවේ ඊට ආසනව පිහිටි ටියුනීසියා පාර්ලිමේන්තුව තුළ අයිසිස් මර්දන නීති සම්මත කර ගැනීම පිලිබඳ සංවාද පැවැත්වෙමින් තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පසුව ටියුනිසියානු ජනතාව වීදිවලට බැස ත්‍රස්‌තවාදයට සහ අන්තවාදයට එරෙහිව විරෝධතා පැවැත්වූ හ.

එරට බහුතරය මුස්ලිම් ජනතාවයි.

ප්‍රහාරය එල්ල වීමෙන් පසු කෞතුකාගාරයේ දර්ශන.(The  Telegraph )

On behalf of Pope Francis, the Vatican’s Secretariat of State has sent a letter to the archbishop of Tunisia, assuring him of the Pope’s prayers after Wednsday’s deadly terrorist attack killed at least 23 people.


In the March 19 telegram, Holy Father called the attack “(an act) against peace and the sacredness of human life.” He said that he unites with prayer “to the suffering of the families (of the victims) and to all those affected by this tragedy, as well as to the entire Tunisian people.”

Francis closed his letter by asking the Lord “to welcome the deceased in peace and comfort those who are seriously injured.”

Signed by Vatican Secretary of State Cardinal Pietro Parolin, the telegram was addressed to Mons. Ilario Antoniazzi, archbishop of Tunisia, following yesterday’s attack on the country’s National Bardo Museum, which is a popular tourist destination.


(CNA)

(Pictures CNA and The Telegraph, UK)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය