රෝමයේ දුප්පතුනට පාප්වහන්සේ ගෙන් ආහාර

Rome's poor receive food from the Holy Father

ඉකුත් 8 වැනිදා ටොර්  බෙල්ලා මොනාකා ප්‍රදේශයට හදිසියේ පැමිණි 'අමුත්තා" වටකරගත් ප්‍රදේශවාසීන්
(2015 මාර්තු 23)
රෝමයේ ටොර්  බෙල්ලා මොනාකා කලාපයේ විවිධ දුක් ගැහැට වලින් පීඩා විඳින ජනතාව වෙත තමන් තුළ ඇති සෙනෙහසත් සමීපබවත් දැක්වීම සඳහා  සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ඔවුනට අහාර තොගයක් යවා තිබේ. රාත්තල් දහසක් වන මෙම ආහාර තොගය ප්‍රදේශවාසීන් වෙත බෙදා හැරීමට නියමිතව තිබුනේ සමාජයේ කොන් වූ ජනකොටස් නඟා සිටුවීමට ක්‍රියාකරමින් සිටින  වෛද්‍ය සහයෝගිතා ආයතනය  (Institute of Medicine Solidarity)  විසිනි.
ආයතනයේ අධ්‍යක්ෂ ලුසියා එර්කොලි කියා සිටියේ ප්‍රදේශයේ දුප්පත්ම ජනතාවට සහන සඳහා ආහාර බෙදා දීම ගැන ලැබුණු දුරකථන පණිවිඩයෙන් තමා පුදුමයටත් සතුටටත් පත් වූ බවයි.



යුරෝපීය සංගමයේ රටවල් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය නිසා රෝමයේ බොහෝ දුර්වලම ජනකොටස්  දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

ඉකුත් මාර්තු 8 වනදා ගැලවුම්කාරයාගේ මාතාව වන මරිය වහන්සේ ගේ දේවස්ථානයේ අපෝස්තලික සංචාරයක් සඳහා යන අතරතුර පාප් වහන්සේ මෙම ගම්මානයේ නැවතී ගම්වැසියන් ගේ සුවදුක් සොයා බැලීය.

පාප්වහන්සේ තම ගම්වැසියන්ට සමීපබව මෙම සිද්ධියෙන් තහවුරු වී ඇතැයි එර්කොලී සඳහන් කරයි.
(CNA )

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය