මුලධර්මවාදී 'කිතුනු' කණ්ඩායම්වලට ප්‍රතිචාරය මර්දනය ද? - ප්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන් අහන්න

What is the response to the Sects? – Listen to the Holy Father

(2015 මාර්තු 16)
ඉවැන්ජලිකල් නොහොත් මුලධර්මවාදී කිතුනු කණ්ඩායම් ලෝකය පුරා කතෝලික සභාවට (පමණක් නොව වෙනත් ආගමිකයනට පවා) මේ වන විට මහත් අභියෝගයක් මෙන්ම තර්ජනයක් ද වී තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඇතැම් විට මෙවැනි කණ්ඩායම් 'හතු පිපෙන්නාක්' මෙන් මතු වන බව කතෝලික  පුජාප්‍රසාදීන් වහන්සේ මෙන්ම සෙසු ආගමික පුජ්‍ය පුජක උතුමන්ලා ද පෙන්වා දෙති. අපි විවිධාකාරයෙන් ඔවුනට ප්‍රතිචාර දක්වමු. ඔවුන් දැඩි ලෙස විවේචනය කරමු. ඔවුන් ගේ 'හමුවීම් ශාලා' කඩා බිඳ දමමු. ඔවුන් අපේ ප්‍රදේශ වලින් එලවා දමමු. කිතුවන් හැටියට කතෝලික අප ආරක්ෂා වන අතර මෙවැනි ඉවන්ජලිකල් කණ්ඩායම් මර්දනය කිරීම සඳහා ඔවුනට එරෙහි ව පාර්ලිමේන්තු අණ  පනත් සම්මත කරගැනීම පිළිබඳව ද පසුගිය කාලයේ පැවැති රෙජීමය  සමග  අපි සාකච්ඡා කරමින් සිටියෙමු.


ප්‍රැන්සිස් පාප් වහන්සේගේ උපන් රට වන ආජන්ටිනාව ද ඇතුලත් ලතින් ඇමෙරිකාව සියයට සියයක් කතෝලික ජනගහනයක් විසු කලාපයක් වුවද,  ආසියාවටත් වඩා දරුණු ලෙස මුලධර්මවාදී කණ්ඩායම් වල 'අභියෝගයට' එම කලාපයේ කතෝලික සභාව මේ වන විට  මුහුණ දී සිටියි. මැක්සිකෝව, බ්‍රසීලය, චිලී ,පිරු වැනි රටවල් සියල්ලේ ම පාහේ සභා නායකයෝ මෙම ගැටලුවට විවිධ විසඳුම් සොයමින් සිටිති. එබැවින් මෙය සෑම අංශයකටම ප්‍රශ්නයක් වී තිබේ. 

ඉකුත් සතියේ පාප් වහන්සේ සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ  මැක්සිකෝ රුපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදියා මෙම 'දැවෙන' ප්‍රශ්නය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේට යොමු කළේය. මැක්සිකෝව සහ පොදුවේ ලතින් ඇමෙරිකාව තුළ මුලධර්මවාදී කණ්ඩායම් වැඩි වර්ධනය වීමේ ප්‍රවනතාව පිලිබඳව පාප්වහන්සේ ගේ දැක්ම  කුමක්දැයි මාධ්‍යවේදියා විමසුවේය." මේ තත්වය නිසාකතෝලිකයන් විශාල පිරිසක්  සභාවට අහිමි වෙමින් තිබෙනවා. ඉතින් මෙහි ලා  සභාවේ වගකීම කුමක් දැ " යි හේ ප්‍රශ්න කෙළේය.

මේ මුලධර්මවදී පිරිස් ඉවන්ජලිකල් හෝ කුඩා කණ්ඩායම් හෝ වේවා ඔවුන් තුළ දක්නට  ඇති සුවිශේෂ  ලක්ෂණය වන්නේ  පෞද්ගලික  සම්බන්ධතාවය  යයි  ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. ජනතාවට සමීප වීමට, ඔවුන්ට සුබ පැතීමට , ඔවුන් නිතර හමුවීමට හැකියාවක් මේ කණ්ඩායම් වලට ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.තමන් දකින අන්දමට මෙවැනි කණ්ඩායම් පෝෂණය කෙරෙන කතෝලික සභාවේ දුර්වල තැන් පෙන්වා දුන් පාප් වහන්සේ, "ලතින් ඇමෙරිකාවේ සභාව තුළ පවතින බලවත් පුජකාධිපතිවාදය ජනතාව සභාවෙන් දුරස්ථ කිරීමට හේතු වී තිබෙනවා. ගිහියන් ගේ වර්ධනයට ප්‍රධානම බාධාව ලෙස  පවතින්නේ මෙම පුජකාධිපතිවාදය" යි කියා සිටියහ. කෙසේනමුත් කතෝලිකයන් තුළ පවතින ජනප්‍රිය භක්තිය සහ භක්ති අභ්‍යාස වලට ස්තුති වන්නට ගිහියන් තුළ වර්ධනයක් දක්නට ඇතැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. " වන්දනා මෙහෙයන්, නොවාන, පෙරහැර වැනි මෙම භක්ති අභ්‍යාස නිසා ගිහියනට නිර්මාණශීලී වන්නට සහ නිදහස් වනට අවස්තාවක් ලැබී ඇතිවා වුවද සංවිධානාත්මකව ගත් කල, පුජකාධිපතිවාදය විසින් ඇතිකර තිබෙන දුරස්ථ භාවය නිසා ගිහියනට පුර්ණ ලෙස වර්ධනය වීමට නොහැකි වී තිබෙනවා."යහපත්, අවංක ඉවන්ජලිකල් කණ්ඩායම් සහ කුඩා කණ්ඩායම් හඳුනාගත යුතුයි ද ප්‍රැන්සිස් පාප් වහන්සේ  පෙන්වා දුන්හ.  ඇතැම් කණ්ඩායම් ජනිත වන්නේ සෞභාග්‍යයේ දේවධර්ම සංකල්ප වලිනි. ප්‍රබල ආගමික චින්තනයක් පෙන්නුම් කරන ඔවුහු ආර්ථික වශයෙන් යහපත් ජීවිතයක් පොරොන්දු වෙති. එහෙත් අවසානයේ ඔවුන් මුදල් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසුහ. එබැවින් එක එක සිද්ධිය සැලකිල්ලට ගත යුතු ය. 

කතෝලිකයන් සභාවෙන් පලා යාමට තවත් හේතුවක් ව පවතින්නේ  පුජාප්‍රසාදිවරුන් ගේ "කනගාටුදායක" දේශනා යයි ප්‍රැන්සිස් සසුන් පියාණෝ  පෙන්වා දුන්හ. "එම දේශනා හදවතට කතා කරන්නේ නැහැ. ඒවා බොහෝ විට දාර්ශනිකයි. නැතහොත් දෙවධාර්මික පාඩම්. මා මේ සඳහා "ඉවන්ජෙලි ගෞදියුම් " විශ්ව ලේඛනයේ ප්‍රධාන කොටසක් වෙන් කර තිබෙනවා. ඉවන්ජලිකල් කණ්ඩායම් ජනතාවට සමීප වන අතර, හදවත් ඉලක්ක කරගනිමින් කතා කරනවා.  ඔවුන් ඉතා හොඳින් දේශනා වලට සුදානම් වෙනවා" යයි පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ. 

දේශනා පිලිබඳ ප්‍රොතෙස්තන්ත සංකල්පය කතෝලිකයන්ටත් වඩා ප්‍රබල බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඔවුන් දේශනය සලකන්නේ සක්‍රමේන්තුවක් ලෙසයි.මේ අනුව කතෝලික සභාවේ දක්නට ඇති  දුරස්ථ භාවය,  පුජකාධිපතිවාදය, සහ නීරස දේශනාවලට ප්‍රති පක්ෂව ඉවන්ජලිකල් කණ්ඩායම් වල සමීප බව, වැඩ කිරීම, අන්තර්ග්‍රහණය,සහ හදවත අවුලන  දේව වචන පෙන්වා දිය හැකියයි  පාප් වහන්සේ පැවසුහ. මේ තත්වයට එක විසඳුමක් ලෙස ආජන්ටිනාවේ බුවනෝස් අයරෙස් නුවර කතෝලික සභාව සහ ඉවැන්ජලිකල් පාස්ටර් වරුන් අතර තිබු සංවාදය උන්වහන්සේ පෙන්වා දුන්හ.

කුඩා මුලධරමවාදී කණ්ඩායම් වලට ප්‍රතිචාර දැක්වීමෙහි ලා අඳුරේ ඇත පත ගාමින් සිටින අප රටටත්  පාප් වහන්සේ ගේ ඉගැන්වීම පහනක් හා මං පෙතක් කර ගත හැකි නොවන්නේ ද? 



Evangelical groups and sects have become a challenge or a ‘threat’ to the Catholics (and all other major religions worldwide. In Sri Lanka, priests and religious leaders of all major religions say that these sects are proliferating throughout the country. We respond to their ‘behaviour’ in numerous way: We criticize them; destroy their meeting halls; drive them away from out towns and parishes. There was also an attempt on our part not so long ago, in which we tried to pass parliamentary bills to crush the sects while we, Catholics, were being protected by the same laws.
Latin America, including Pope’s home country Argentina was formerly a Catholic region. However, Catholics there too are now facing the same phenomenon. It is worse than the situation in Sri Lanka. So much so that the Journalist of the Mexican TV channel who interviewed Pope Francis in view of the second anniversary of his election, paused this question to him.
The journalist asked the Pope for a reflection on the proliferation of sects in Mexico and more generally in Latin America and the Churches’ responsibility in the loss of faithful.
The Pope began by explaining about evangelical movements and whether these were sects or not. He said that What they typically offered was personal contact, the ability to be close to the people, to greet and meet people in person.
”In Latin America a strong clericalism creates a certain distance from people. Clericalism in Latin America has been one of the biggest obstacles to the growth of the laity. The laity in Latin America grew only thanks to popular piety, which the Pope says, has given the opportunity to lay people to be creative and free, through worship, processions etc. But organizationally, the laity has not grown enough and has not grown because of a clericalism that creates distance.” He said.


Returning to the question the Pope made a distinction between honest and good evangelical movements and those that are considered sects. For example, there are proposals that are not religious and Christian evangelicals also reject them. There are sects - some originate from the theology of prosperity - that promise a better life and, although they appear animated by great religious spirit, eventually they ask for money.

Holy Father said, therefore, one could not generalize and one has to evaluate each case.

The Pope also spoke of “disastrous” homilies as another reason for the flight of Catholics. "I do not know if they are the majority - but they do not reach the heart. They are lessons in theology and are abstract or long and this is why I devoted so much space to them in Evangeli Gaudium. Typically evangelicals are close to the people; they aim for the heart and prepare their homilies really well. I think we have to have a conversion in this. The Protestant concept of the homily is much stronger than the Catholic. It’s almost a sacrament".

In conclusion, the Pope said that the flight of Catholics is caused by distance, clericalism, boring homilies as opposed to closeness, work, integration and the burning word of God. And it is a phenomenon that affects not only the Church but also the evangelical communities series.
The Pope concluded his discussion by citing the importance of the work undertaken between the Church and evangelical pastors in Buenos Aires.

Can the teaching of the Holy Father be a lamp and a way out for us who are groping in the darkness for a solution for this problem?
( Source: Radio Vatican)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය