සොරකම් කර ටයිබර් නදියට හෙළන ලද ඇමේසන් මුර්ති ඉතාලි පොලිසිය සොයා ගනියි. පැහැර ගැනීමේ සිද්ධිය ගැන සුදොතුම් පියතුමා ඇමේසන් සිනොඩ් සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලයි

Pope Francis announces retrieval of indigenous statues; asks  pardon.


(2019 ඔක්තෝබර 25)
රෝමයේ දෙව්මැදුරක ප්‍රදර්ශනය කර තිබියදී  පැහැරගන්නා ලද "පචමමා" නමැති ස්වදේශික ප්‍රතිමාව ඇතුළු ප්‍රතිමා කිහිපය රෝම පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිවේදනය කරයි. එසේ ම මෙම ප්‍රතිමා පැහැර  ගැනීම  හේතුවෙන් සිත් රිදීමක් ඇති වූ සියලු දෙනා ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ද එතුමා ප්‍රකාශ කරයි. මේ සිද්ධිය සිදු වූයේ රෝම පදවිය තුළ දී බැවින් තමා සමාව ඉල්ලා සිටින්නේ පදවිය භාර රදගුරු තුමා ලෙස බව ද එතුමා සඳහන් කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රකාශය කලේ ඇමේසන් සිනොඩ් කතිකාවේ 15 වැනි මහා සභාවේ පස්වරු සැසිය ඔක්තෝබර 25 වැනි සිකුරාදා පස්වරුවේ ආරම්භ වූ අවස්ථාවේ දී ය.

එතුමා කල එම ප්‍රකාශයේ පිටපතක් ශුද්ධාසන මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේ ය:

"සුභ දහවලක්! මිථ්‍යා වන්දනාවක් නොවන ආකාරයෙන් රෝමයේ ට්‍රාන්ස්පොන්ටිනා  දෙව්මැදුරේ තබා තිබිය දී සොරකම් කරන ලද  ස්වදේශික ආදිවාසි ප්‍රතිමා පිළිබඳව වචනයක් කියන්නට අවශ්‍යව තිබෙනවා.

ප්‍රථමයෙන් ම, මේ සිද්ධිය සිදු වුණේ රෝමයේ දීයි. මේ නිසා මේ ක්‍රියාවෙන්  සිත් වේදනාවට පත් වූ සියලු දෙනාගෙන් රෝම පදවියේ රදගුරු තුමා ලෙස මම සමාව ඉල්ලනවා. 

ඊළඟට, ජනමාධ්‍ය වල දැඩි අවධානයට ලක් වූ මෙම ප්‍රතිමා ටයිබර් නදියෙන් සොයා ගෙන ඇති බවත් ඔබට දන්වන්නට අවශ්‍යයි. ප්‍රතිමාවලට අලාබ හානියක් සිදු වී  නැත. 

මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ඔබට ඒ ගැන දැනුම් දීම පොලිසියේ අණ දෙන නිලධාරී වරයායේ කැමැත්තයි. මේ මොහොත වන විටත් මේ තොරතුර පවතින්නේ රහසිගතවයි. සොයාගත් ප්‍රතිමා ඉතාලි පොලිසියේ අණදෙන නිලධාරිවරයා ගේ කාර්යාලයේ ආරක්ෂිතව තබා තිබෙනවා.

මේ ගැන ඔබ දක්වන අදහස් - එනම්, මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළව ඔබ ගන්නට අදහස් කරන වෙනත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්, නිදසුනක් ලෙස  'සිනොඩ් කතිකාවේ සමාප්ති දිව්‍ය පූජාවේ දී එම ප්‍රතිමා ප්‍රදර්ශනය  කිරීම' ඇතුළුව - දැනගන්නට තමා කැමැත්තෙන් සිටින බව පොලිස් අණදෙන නිලධාරී වරයා දැනුම් දී තිබෙනවා. අපි ඒ ගැන බලමු.

ඊට ප්‍රතිචාර දැක්වීමේ බලය වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් තුමාට මා පවරා තිබෙනවා .
මෙය තරමක් ප්‍රීතිමත් ප්‍රවෘත්තියක් .

ස්තුතියි." 

සබැඳි අනෙක් පුවත්:


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය