"කතෝලිකයන් 'පාරිසරික පාප' පිළිගත යුතුයි" - සිනොඩ් සාමාජිකයෝ පවසති; "පරිසර ඝාතය දෙවියන්ටත් අසල්වසියාට්ත් එරහිව කරන වරදක්"

 Catholics need to recognize 'ecological sins,' synod members say


(2019 ඔක්තෝබර 10)
"පාරිසරික පාප" කතෝලික සභාව විසින් පිළිගන්නා ආකාරයෙන් කතෝලික සභාව සිය දේවධර්ම ශාස්ත්‍රය ගැඹුරු කළ  යුතු බව වතිකානයේ දී  මේ දිනවල මුළු දෙන ඓතිහාසික ඇමේසන් කලාපීය සිනොඩ් රදගුරු කතිකාවේ සාමාජිකයෝ පවසති. මෙය මේ දිනවල කතිකාව අමතන රදගුරු හිමිවරුන් සහ ගිහි වියතුන් විසින් අවධාරණය කරනු ලබන්නකි.

"පරිසරයට එරෙහිව කරන පාපයේ බරපතල කම දෙවියන් වහන්සේට එරෙහි පාපයක් ලෙසත්, එය සිය අසල්වසියාට මෙන්ම අනාගත පරම්පරා වලට ද එරෙහි පාපයක්  ලෙසත් සහතික කෙරෙන ආකාරයේ 'පාරිසරික සිත් මාරුවක්' ("ecological conversion") අවශ්‍ය බව සමුළුවේ දේශකයන් පෙන්වා දෙන්නේ" යයි ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද වතිකාන පුවත් සාරාංශයක  සඳහන් වේ.

"තිරය දෙස බලා සිටින ප්‍රේක්ෂකයකු ලෙස යථාර්ථය දෙස බලා ස්වාර්ථවාදයට  සහ උදාසීනත්වයට නැවැතීමේ තිත තැබිය යුතු ය. නිරන්තරයෙන් පාගා දමනු ලබන මානව ගරුත්වය කේන්ද්‍රය  වූ  වගකීම සහ පූර්ණ පාරිසරික සංහිඳියාව කේන්ද්‍ර කොටගත්  පාරිසරික සිත් මාරුවකට ආරාධනා කරමු," යි එම නිවේදනය කියයි.

සිනොඩ් කතිකාව සම්බන්ධයෙන් වතිකානයේ පවත්වන් ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජනසන්නිවේදනය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පාඔලෝ රුෆිනි  ද මේ ගැන කරුණු හෙළිදරව් කළේය. රදගුරු  හිමිවරුන්, නිරීක්ෂයන්, සහ වෙනත් කිතුනු සභාවල නියෝජිතයන් සිය දේශන වලදී පරිසර ගැටලුව ගැන කරුණු පෙන්වා දුන් බව රුෆිනි මහතා කීවේය. "තාක්ෂණික පැරඩයිමයක සිට රැකබලා ගන්නා පැරඩයිමයක් දක්වා මාරු වන ගැඹුරු පාරිසරික සිත් හැරීමක් ගැන ඔවුන් කතා කළා," යි ඔහු කියා සිටියේ ය.

"ක්‍රිස්තු ධර්මය යනු පාරිසරික පාප පවතිනවාය   යන දැනුම ඇතිව පාරිසරික ශීල ධර්මයකට කෙරෙන කැඳවීමක් බව එක් දේශකයෙක් කියා සිටියා. මේ පාප 'පරිසර ඝාතනය' ලෙසත් විස්තර කල හැකි බව එම දේශකයා පෙන්වා දුන්නා," යි ඔහු පැවසුවේ ය,
"ධර්මොපදේශයෙන් වගේ ම විශේෂයෙන් ම පශ්චාත්තාපයේ සක්‍රමේන්තුව මගින් පාරිසරික පාපවල පැවැත්මත් ඒවායේ බලපෑමත් විස්තර කළ හැකි බව දේශකයෙක් කියා සිටියා. අනෙක් පාප මෙන් ම පාරිසරික පාපත් බරපතල පාප සහ සුළු පාප ලෙස වර්ග කරන්නට පුළුවන් බවත් ඔහු පැවසුවා. එහෙත් ඒ කවර ආකාරයක දී  වුවත් ඒ පාප දෙවියන් වහන්සේටත් ස්වකීය අසල්වැසියාටත් එරෙහිව කෙරෙන සිත් රිදවීමක්."

අනෙක් අතින් පාරිසරික සිත් හැරීම ශුද්ධවන්ත භාවයට කෙරෙන සිත් හැරීමක් බව තවත් දේශකයකු කතිකාව අමතමින් කියා සිටියේ යයි වතිකා ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේ ය.

පින්තුරය - පෘථිවියේ පෙනහල්ල - ඇමේසන් වනාන්තරය - ගින්නෙන් වැනසෙමින්




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය