ඔබ යොවුන් කතෝලිකයෙක් ද? ඔබේ අදහස් බයක් නැතිව සභාවට කියන්න ඕනැද? මෙන්න අවස්ථාව.

Are you a millennial youth? Want to express your opinion to the Church? Take this chance.



(2017 ජුනි 15)

ඔබ සහශ්‍රක යොවුන් කතෝලිකයෙක් ද?

සභාව ගැන, සභාවෙන් නූතන ලෝකයේ තරුණයෙකු  ලෙස ඔබ බලාපොරොත්තු වන මගපෙන්වීම, සහයෝගය, හෝ අත්වැල  සම්බන්ධයෙන්  ඔබ සිතන දේ ගැන, ඔබේ රදගුරුතුමන්ලාට සහ සමස්ත සභාවටම  කියන්නට ඔබ බලා සිටිනවාද?

එහෙනම්, මෙන්න අවස්ථාව.

2018 දී පැවැත්වෙන යෞවනයන් පිලිබඳ ජගත් සිනොඩ් සමුළුවත්, 2019 පැනමාවේදී පැවැත්වෙන ජගත් යොවුන් දිනයත් පාදක කරගනිමින්, අභියෝග සමග දිනෙන් දින අලුත් වෙමින් පවතින  නූතන ලෝකය තුළ ජීවිතයේ වසන්තය ගත කරන යොවුන් ඔබගේ විශ්වාසයේ ජීවිතය ගැන  අදහස් විමසන්නට වතිකානය තීරණය කර තිබේ.

මෙම මත විමසීම  සංවිධාන කරන්නේ 2018 රදගුරු සිනොඩ් සමුළුවේ මහලේකම් කාර්යාලයයි.

2018 දී පැවැත්වෙන රදගුරු සිනොඩ් සභාවේ 50 වැනි මහා සභා වාරයේ තේමාව “යොවුන් ජනතාව, විශ්වාසය සහ කැඳවීම් නිර්ණය කිරීම” යන්නයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෙම තේමාව තෝරාගන්නා ලද්දේ 2014-2015 වසර වල පැවැත්වුණු පවුල පිලිබඳ සිනොඩ් සභාවෙන් ඉස්මතු වූ අදහස් ද සැලකිල්ලට ගනිමිනි.

2018 සිනොඩ් සභාව පිලිබඳ වෙබ් අඩවියක් සිනොඩ් මහලේකම් කාර්යාලය විසින් ඉකුත් දා දියත් කෙරිණි.මෙම වෙබ් අඩවිය දැනට විවෘත වී ඇත්තේ වතිකානයේ නිල භාෂාව වන ඉතාලි බසින් පමණි. එහෙත් වෙබ් අඩවියට පිවිසුනු පසු විවෘත වන කුඩා සංවාද කවුළුවේ ඇති  “Translate” බොත්තම ක්ලික් කිරීමෙන් එය ඉංග්‍රීසියෙන් කියැවිය හැකිය.

යොවුන් ජන මත සමීක්ෂණය මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇති විශේෂම අංගයයි. වෙබ් අඩවිය ඉතාලි බසින් පමණක් පළවුවත්, යොවුන් මත විමසුම ඉංග්‍රීසි, ප්‍රංශ ඇතුළු භාෂා හතරකින් පල වී තිබේ. මෙම සමීක්ෂණ පිටුවට පිවිස ඔබ‍ගේ අදහස් සභාවට ඉදිරපත් කරන්නැයි සිනොඩ් මහා ලේකම් කාර්යාලය යොවුන් ඔබ දිරිමත් කරමින් ඔබට ආරාධනා කරයි.

මේ වසරේ නොවැම්බර් 30 වනදා දක්වා සමීක්ෂණය ක්‍රියාත්මක වේ. මේ සඳහා ඔබ දෙන ප්‍රතිචාර සිනොඩ් සභාවේ මහා ලේකම් අති උතුම් ලොරෙන්සෝ බෝල්දිසේරි කාදිනල් හිමිපාණන් වෙත යොමු කෙරේ. ප්‍රතිචාර අනුව සකස් කෙරෙන සම්පූර්න වාර්තාවක් සිනොඩ් කථිකාවට සහභාගී වන රදගුරු හිමිවරුනට ලබා දෙනු ඇත. මේ අනුව සභාව තුළ යෞවනයකු ගේ සිතුම් පැතුම් හා හැඩරුව ගැන අවබෝධයක් ලබා ගැනීමට ඔවුනට හැකියාවක් ලැබෙනු ඇත.

මෙම සිනොඩ් සභාවේදී “යොවුන්” යනුවෙන් අදහස් කෙරෙන්නේ වයස අවුරුදු 16 - 29 අතර ජනතාව බව සිනොඩ් සමුළුව පිලිබඳ නිකුත් කල ලේඛනයේ සඳහන් වේ. කෙසේ නමුත් 1950ට පසුව උපත ලැබූ මේ ගැන උනන්දුව දක්වන කතෝලිකයනට මෙම යොවුන් මත සමීක්ෂණයට පිළිතුරු සැපයිය හැකිය.

යොවුන් ඔබ උනන්දුව දක්වන මාතෘකා රැසක් ගැන ප්‍රශ්න මෙම සමීක්ෂණයට ඇතුලත් කර ඇත. අධ්‍යාපනය, ගෙදර සහ පවුලේ ජීවිතය, යෞවනයන් තමන් ගැන සිතන දේ, සහ ආණ්ඩුව හා සභාව වැනි ආයතන කෙරෙහි තරුණයන් තුළ ඇති විශ්වාසය ඉන් සමහරකි.

සභාව මෙලෙස ඉලෙට්‍රොනික මත විමසුමට පිවිස ඇත්තේ සයිබර් අවකාශය සහශ්‍රක යොවුන් ඔබට  සුපුරුදු පිටිය බව අවබෝධ කරගෙන් ඇති බැවිනි. 2014-2015 වසර වල පැවැත්වුණු සිනොඩ් සභා සඳහා ද ලොව පුරා පවුල් වලින් මෙවැනිම මත විමසීමක් සිදු කරන ලදී. ඒවා සිදුකරන ලද්දී මීසම් හා පදවි මට්ටමිනි. එහෙත් යොවුන් ඔබ වෙනුවෙන් සභාව මෙලෙස ඉලෙට්‍රොනික මත විමසුමට පිවිස ඇත්තේ සයිබර් අවකාශය සහශ්‍රක යොවුන් ඔබට  සුපුරුදු පිටිය බව අවබෝධ කරගෙන් ඇති බැවිනි.

මීට අමතරව සිනොඩ් සභාව හා ඊට සූදානම පිලිබඳ තොරතුරු  මෙම වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යොවුන් ඔබ වෙනුවෙන් නිකුත් කරන පණිවිඩ, සේයා රූ සහ සිනොඩ් සභාවේ ඉතිහාසය වැනි කරුණු ද ඊට ඇතුලත් කෙරේ. ඊට පිවිසීමෙන් සභාව පිළිබඳව තවත් ගැඹුරින් හැදෑරීමට ඔබට හැකිවනු ඇත.

මේ වෙබ් පිටුව සහ සමීක්ෂණය ගැන ඔබ දන්න සෑම තරුණ තරුණියකටම කියන්න. සභාව මහත් අශාවෙන් ඔබට සවන් දීමට  සුදානමින් සිටිනවා.

එම 'ලින්ක්' යළිත්:
2018 සිනොඩ් සභාව පිලිබඳ වෙබ් අඩවිය

යොවුන් ජන මත සමීක්ෂණය













Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය