වතිකාන කලා ප්‍රදර්ශනයේ ආදායම මධ්‍යම අප්‍රිකාවේ දුප්පත් ළමා රෝහලකට

Proceeds of Vatican Art Project to be donated to Pediatric Hospital in CAR



(2017 පෙබරවාරි 7)
ප්‍රැන්සිස් පාප් වහන්සේ 2015 දී කළ අපෝස්තලික සංචාරයේ දී එතුමන් ගේ සිත පිළිසිඳගත් අරමුණක් අනුව වතිකානයේ පැවැති කළා ප්‍රදර්ශනයකින් එකතු වූ මුළු මුදල  මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ළමා රෝහලක් වෙත පිරිනැමීමට නියමිතය.

දයාවේ ජුබිලි වසර නිමිත්තෙන් 2016 මැයි  මාසයේ වතිකානයේ දී පැවැති මෙම කළා ව්‍යාපෘතිය නම් කර තිබුණේ "ක්‍රිස්ටෝගේ මංජුසාව; කලාව සහ දයාව අතර, බැන්ගී වලට තිළිණයක්" යනුවෙනි. වතිකාන කෞතුකාගාරයේ දී මෙම කලා උළෙල පැවැත්විණි. මෙහිදී සිදුවූයේ බල්ගේරියාවේ උපන් ඇමෙරිකානු කලාකරුවකු වන ක්‍රිස්ටෝ ගේ සමකාලීන කලා නිර්මාණ ප්‍රදර්ශනයකි. ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගෙන තිබුණේ පුනරුද සමය සුන්දර කල ත්‍රිත්ව කලා කරුවන් ගෙන් කෙනෙකු වන රෆායෙල් ගේ කලා කෘති ය.

මෙම කලා ව්‍යාපෘතියෙන් යුරෝ දෙලක්ෂයක (E 200,000.00) මුදලක් එකතු කරගන්නා ලදැයි වතිකාන ගුවන් විදුලිය පෙබරවාරි 6 වන සඳුදා වාර්තා කළේය. එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියේ එම මුදල සම්පූර්ණයෙන් මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට භාර දෙන ලද බවයි. උන්වහන්සේට එය භාර දෙන ලද්දේ මෙම කලා උළෙලේ ආදායමේ අරමුණ වන මධ්‍යම අප්‍රිකානු ජනරජ රාජ්‍යයේ බෙන්ගී හි පිහිටි එකම ළමා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා එය යෙදවීමයි. එම රෝහලට උදව් කිරීමේ ඕනෑකම සුදොතුම් පියතුමා තුළ ඇතිවූයේ 2015 නොවැම්බර මාසයේ එතුමා එරට සංචාරය කල අවස්ථාවේ දී ය.

 බෙන්ගී  නගරයේ ළමා රෝහලක් ඇතිබව එතුමාට දැනගන්නට ලැබිණ. නොවැම්බර 30 වැනිදා තම කාලසටහනේ තිබූ කුඩා විරාමයක් දුටු එතුමා  රෝහල බලන්නට යාමට අවස්ථාවක් ලබාගත්තේ ය.

"රෝහල බලන්නට ගියාම මා තුළ දැඩි වේදනාවක් ඇති වුණා," යැයි එරට සිට ආපසු වතිකානය බලා පැමිණෙන අතර ගුවන් යානයේ දී මාධ්‍යකරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. මෙය ඇතැම් විට රටටම තිබෙන එකම ළමා රෝහල විය හැකියි. එහි උපකරණ ඖෂධ ඇතුළු අඩුපාඩු රැසක් තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් නැහැ. ළමයින්ගෙන් බහුතරයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙකුට මැලේරියාව උත්සන්න තත්වයට පත්වෙලා. මෙම රෝගයත් මන්ද පෝෂණයත් නිසා ඔඅවුන් ඉක්මනට මියයනු ඇති බව වෛද්‍යවරුන් මට පැවසුවා" යි එතුමා සඳහන් කළේය. 2016 වතිකානයේ  පැවැත්වෙන විශේෂ ව්‍යාපෘති කිහිපයකින් එක්රැස්වන මුදල් මෙම රෝහලට පරිත්‍යාග කිරීමට එතුමා සැලසුම් කලේ එහිදීය. මේ අනුව 2016 දෙසැම්බරයේ පැවැති සංගීත ප්‍රසංගයක අදායම ද එම ළමා රෝහලට පිරිනැමීමට නියමිතය.

ක්‍රිස්ටෝ ගේ කළා උළෙල ආරම්භ කල අවස්ථාවේ වතිකාන කෞතුකාගාර අධ්‍යක්ෂ අන්තෝනියෝ පාවුලොච්චි මෙසේ කීවේය: "මීට බොහෝ කලකට ඉහත දෙවැනි ජූලියස් පාප් වහන්සේ රෆායෙල් කළා කරුවා යොදා ගත්තේ එම පාප් වහන්සේගේත් සභාවේත් සතුට සඳහායි. .....දැන්  ඊට වසර ගනාවකට පසුව ජීවත්වන පාප් වහන්සේ නමක් දයාවේ කටයුතු සඳහා...දුප්පත් රෝගී ළමයින්ට සරණ වීම සඳහා රෆායෙල්ව යොදා ගන්නවා...."

මෙම මුදල රෝහලේ ප්‍රතිකාර ලබන අවශ්‍යතා සහිත සියලු ළමයින් සඳහා - ආගමික වෙනස්කමකින් තොරව සියලුම ළමයින් සඳහා - යොදා ගන්නා ලෙස සුදොතුම් පියතුමා වෙනුවෙන් වතිකානය මධ්‍යම අප්‍රිකා ජනරජ ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය