"ජේසු සමිඳාණෝ: විමුක්තියට එකම දොර; එකම මාර්ගය."

 "Jesus:  The only door for salvation" 


(2016 අප්‍රේල්  21)
වෙන කිසිවෙකු නොව ක්‍රිස්තුන් වහන්සේ තුළින්  පමණක් විමුක්තිය සොයන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මන්ද, ගැලවීමේ එකම දොරටුව උන්වහන්සේ පමණක් බැවිනි.

ඉකුත් දා සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැති උදාසන දිව්‍ය පුජාවේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය.

එතුමන් එදින සිය භාවනාව කළේ මේ සතියේ සුබ අස්න මගින් කියැවෙන යහපත් එඬේරා පිලිබඳ ජේසු සමිඳුන් ගේ දේශනය පාදක කර ගනිමිනි. "බැටළු රැල වෙත දොරටුවෙන් ඇතුළු නොවන කවරෙක් නමුදු එඬේරා නොව සොරෙකු" බව ජේසු සමිඳුන් වදාළ බව මෙම සුබ අසුන් පණිවිඩයේ කියැවේ. එබැවින් "ජේසු සමිඳුන් හැර වෙනත් දොරටුවක් නැතැයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

'සමිඳුන් ඉතා පැහැදිලිව පවසනවා, දොර නොවන වෙනත් කිසිදු ප්‍රවේශයක්  මගින් සදාතන ජීවිතයට අතුලු  විය නොහැකි බව. මේ දොර නම් ජේසු සමිඳාණන් ම යි.එබැවින් උන්වහන්සේ නොවන මගකින්  සදාතන ජීවිතයට ඇතුළු විය නොහැකියි. අපගේ ජීවිතයේ දොර ද උන්වහන්සේ මයි. එනම්, සදාතන ජීවිතයේ පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතයේ දොර ද උන්වහන්සේ ම යි. අපගේ ජීවිතයේ තීරණ අප  යුත්තේ ජේසු සමිඳුන් ගේ නාමයෙනුයි. අප  එසේ නොකරන්නේ නම් එය 'ජාවාරම් කාරයාගේ ගුලෙන්' රිංගන්නට උත්සාහ කිරීමට සමානයි"  යයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

ජේසු සමිඳුන්  එදා ජනතාවට දේශනා කලේ එදිනෙදා දකින සරල සිද්ධීන් යොදා ගනිමින් බව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා මෙම භාවනාවේ දී සිහිපත්  කළේය. එඬේරා මෙන්ම බැටළු රළට ඇතුළුවන දොරටුව ද එදා ජනතාව ගේ ජීවිත වලට සමීප දසුනක් හා අත්දැකීමක් වී තිබුනේය.

"එදිනෙදා ජීවිතයේ දී අප අනුගමනය කළ යුත්තේ එඬේරාණන් වන ජේසු සමිඳුන් පමණි. එසේ  වූ විට අපට මග වැරදෙන්නේ නැත; නොමග යන්නේ නැත. උන්වහන්සේ අනුගමනය කරන අය වැරැද්දට වැටෙන්නේ නැත."

නිදසුනක් ලෙස නක්ශාත්‍රකරුවන් වැන්නන් අනුගමනය කරන්නේ ජේසු සමිඳුන් නොවන බවත් එය දොරටුව නොවන බවත් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "එවැනි අවස්ථාවල ඔබ අනුගමනය කරන්නේ වෙනත් කෙනෙකුවයි; යන්නේ වෙනත් මාර්ගයකයි."

"ජේසු සමිඳාණෝ (ජීවිතයට හා සදාතන ජීවිතයට) දොරයි . එසේම උන්වහන්සේ ම මාර්ගයයි. අප උන්වහන්සේ අනුගමනය කරන්නේ නම්, අප වල්මත් වන්නේ හෝ මග වැරදෙන්නේ හෝ නැත." 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය