"දයාවේ සුබ අස්න අවසන් නැති පොතක්. එය ඔබ සහ මා විසින් තව දුරටත් ලියන්නට විවෘතයි." දයාවේ මංගල්‍ය දින ධර්ම දේශනය

"Mercy is an open book; it is our task to write it.": Homily on the Feast of the Divine Mercy

 දයාවේ මංගල්‍ය දින දිව්‍ය පූජාව

 

(2016 අප්‍රේල්  3)
ජේසු සමිඳුන් සහ අපොස්තුළුවරුන් මුලපිරූ "දයාවේ සුබ අස්න" තවමත් අවසන් කොට නැත. එය විවෘත පොතකි. අප එකිනෙකා අපගේ ක්‍රියා සහ වචන මගින් එය ලියන්නට කැඳවීම් ලැබ සිටින්නෙමු.

කතෝලික ජනතාව දේව දයාවේ මංගල්‍යය සැමරූ ඊයේ (2016 අප්‍රේල් 3) සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කියා සිටියේය.

පාස්කු ඉරිදාට පසු එළඹෙන පළමු ඉරිදා දේව දයාවේ මංගල්‍යය ලෙස නම් කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. පෝලන්ත ජාතික පවුස්තිනා කන්‍යා සොහොයුරියට ජේසු සමිඳුන් දර්ශනය වී දුන් උපදෙස් අනුව දේව දයාවේ බැතිය සහ දේව දයාවේ මංගල්‍යය ගොඩ නැගී තිබේ.  දයාවේ ජුබිලි වසර වීම නිසා මෙවර එම මංගල්‍යයේ අරුත තවත් වැඩි වර්ධනය වී ඇත.

එම මංගල්‍යය වෙනුවෙන් පැවැත්වුණු දිව්‍ය පූජාව සඳහා රැස්වූ බැතිමතුන්ගෙන් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය  අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබිණි.

"සුබ අස්න යනු දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ පොතයි. එය අප කියවිය යුතුය. යළි යළිත් කියවිය යුතුය. මන්ද ජේසු සමිඳුන් වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රකාශ කළ සෑම දෙයකම අන්තර්  වන්නේ දෙවියන් වහන්සේගේ දයා කරුණාවේ ප්‍රකාශනයයි" යයි දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

 ජුවාම් සුවිශේෂයේ එන, ජේසු සමිඳුන් උත්ථානයෙන් පසු සිය ගෝලයන්ට දර්ශනය වීම, මෙම ඉරුදින සුබ අස්නට තෝරාගෙන ඇති කොටසයි. එම ජවනිකාව  ජුවාම් තුමා අවසන් කර ඇත්තේ "ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් ඉදිරියේ මෙබඳු සලකුණු රැසක් සිදුකලත්, ඒවා මේ පොතේ සඳහන් කර නොමැති" බව පවසමිනි. ජුවාම් තුමාගේ මෙම වචනවල අරුත විග්‍රහ කල ප්‍රන්සිස් පාප් වහන්සේ මෙසේ පැවසූහ:

"මේ නිසා දයාවේ සුබ අස්න  විවෘත පොතක්ව පවතියි. එය එසේ විවෘතව පවතින්නේ,  ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයන්ගේ සලකුණු,  එනම්, ඔවුන් ඉටුකරන ප්‍රේමයේ ප්‍රායෝගික ක්‍රියා සහ දයා කරුණාවේ විශිෂ්ටතම සාක්ෂි දැරීම්, එම පොතේ  අඛණ්ඩව ලියනු පිණිසය."

"සුබ අස්නේ ජීවමාන ලේඛකයන් වීමට අපි  සෑම කෙනෙකුම කැඳවනු ලැබ සිටිමු. මෙය ඉටුකළ හැක්කේ ශාරීරික පුණ්‍ය ක්‍රියා සහ ආත්මික පුණ්‍ය ක්‍රියා වල නිරන්තරයෙන් නිරත වීමෙනි. මේවා ඉටු කිරීම මගින් අපි  කිතුනු ජීවිතයට සාක්ෂි දරමු. අපි කිතුනු ජීවිතයේ නිල මුද්‍රාවය. මෙම ක්‍රියා සැඟවී තිබිය හැකි නමුත්, ඉතා සරල වුවත්  ඉතා ප්‍රබල වූ මෙම ක්‍රියා මගින්  අවශ්‍යතාවලින් පෙලෙන්නන් වෙත දෙවියන්වහන්සේ ගේ මෘදුබව හා සැනසීම ලබා දිය හැකිය" යි එතුමා පෙන්වා දුන්නේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය