සුදොතුම් පියතුමා ගේ "ප්‍රේමයේ ආනන්දය"නිකුත් වෙයි (Latest)

 "Joy of Love": Pope's Apostolic Exhortatuin on the family is out


(2016 අප්‍රේල්  8)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දෙවැනි අපෝස්තලික හසුන වන "ප්‍රේමයේ ආනන්දය" (Amoris Laetitia or The Joy of Love) අද , 2016 අප්‍රේල් 8 දා , වතිකානයේදී නිකුත් කෙරින.

නූතන පවුල මුහුණ දෙන අභියෝග හා  ගැටළු හා ඒවාට කතෝලික සභාව ලබා දිය යුතු "එඬේරික" ප්‍රතිචාරය ගැන සුදොතුම් පියතුමා මෙම මෙම අපෝස්තලික හසුනෙන්  (Apostolic Exhortation) උපදෙස් දෙයි.

වැදගත් -එසේම දැඩි මතධාරී කතෝලික පණ්ඩිතවරුන් ගේ විවේචනයට ලක් විය හැකි - මෙම ලේඛනය තුළ "ප්‍රැන්සිස් භාෂාව හා මුද්‍රාව" පැහැදිලි ලෙස දක්නට ලැබේ. එනම්, කතෝලික සභාව සතුව පවුල සම්බන්ධයෙන් වූ වෙනස් කල නොහැකි දැඩි ඉගැන්වීම් රැසක් තිබුනේ වුවද, නූතන පවුල මුහුණ දෙන අනේක විධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම ගැටළු වලට මුහුණ දෙන ජනයා දෙස "මහා කාරුණික එඬේරාණන් වන ජේසු සමිඳුන් ගේ දෑසින් හා හදවතින් බලා කටයුතු කරන ලෙස" සභාවේ රදගුරු-පූජක නායකත්වයෙන් කෙරෙන දැඩි ඉල්ලීමක් ඊට ඇතුළත් වී තිබීමයි. සුදොතුම් පියතුමා සභාවේ දේව ධාර්මික හෝ ශීල ධාර්මික ඉගැන්වීම් වෙනස් නොකරයි. එහෙත් සභාව පවුලේ හා ඊට බැඳුනු සමාජයීය ගැටළු දෙස බැලූ ආකාරයත් ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරයත් වෙනස් විය යුතු බවට මෙම හසුනෙන් උපදෙස් දෙනු ලබයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය