සුවය ලබන මතට ඇබ්බැහිවූවන් සමග ගත කළ සිකුරාදාව

Pope Francis spends a day with people in drug and alcohol recovery


සුදොතුම් පියතුමා ආයතනයේ නිවැසියන් සමග යාච්ඥා කල අවස්ථාව

(2016 පෙබරවාරි 29)
දයාවේ වසර වෙනුවෙන් සිය මාසික දයාවේ ක්‍රියාව ඉටුකරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 26 සිකුරාදා බැහැදැකීමට ගියේ රෝමයේ පිහිටි මත්ද්‍රව්‍ය සහ මත්පැනට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකටය.

එතුමා එදින බැහැදුටු "ගරු මාරියෝ පිච්චි ඉතාලි සහෝදරත්ව මධ්‍යස්ථානය",  ගරු පිච්චි පියතුමන් විසින් 1979 දී ආරම්භ කරන ලද ආයතනයකි. මෙම මධ්‍යස්ථානය  තරුණයන් සහ පවුල්, කොන්කිරීමටත් සමාජයෙන් බැහැර කරනු ලැබීමටත් වීරුද්ධව  පෙරමුණ ගෙන කටයුතු කරන ආයතනයක් ද වේ.
තරුණ සහ මැදිවියේ මතට ඇබ්බැහි වූවෝ මෙහි කාර්ය මණ්ඩලයේ ආදරය හා සෙනෙහස තුළ සුවය අත්විඳිති.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිච්චි සහෝදරත්ව ආයතනයට ගියේ කිසිවකුටත් නොදන්වා, තනිව (සිය සහායකයන් හෝ නොමැතිව) හදිසියේය. එතුමා සමග සිටියේ දයාවේ වසරේ පිළිවෙත් හා වැඩසටහන් සංවිධාන කරන නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී රයිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමිපාණන් පමණි. මෙම ගමන ගැන මාධ්‍යවේදීන් පවා නොදැන සිටි නිසා එහි සිදුවූ දෙය අප දැනගන්නේ මෙම ආයතනයේ රොබර්තෝ මයිනියෝ මහතාගෙනි.
පාප් වහන්සේ මෙම මධ්‍යස්ථානයට පැමිණෙන විට 60 දෙනෙක් එහි ප්‍රතිකාර ලබමින් සිටියහ. එතුමන් ගේ මෝටර රථය ආයතයේ ඉදිරිපස දොරටුව අසල නතර කර එතුමන් එයින් පිටතට එනවාත් සමගම ආයතනයේ නිවැසියනට "සිය අදහස් ප්‍රකාශ කර ගනීමට වචන නැති වූ" බව  මයිනියෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. සුදොතුම් පියතුමා ඒ සාම කෙනෙකු සමගම දීර්ඝ වෙලාවක් නැවතී ඔවුන් සමග දයාබර තාත්තා කෙනෙකු මෙන් කතා කල බව එම නිවේදනයේ සඳහන් වෙයි. සුදොතුම් පියතුමා ප්‍රශ්න අසමින් ඔවුන්ගේ ජීවිත කතාවලට සාවධානව සවන් දුන්නේ ය. ඔවුන් එකිනෙකා වැළඳ ගත්තේ ය. ඇතැමෙක් තමන් සතුව තිබු සිය පවුලේ සේයාරූ එතුමනට පෙන්වූහ. පාප්වහන්සේ මෙම ආයතනයේ කාර්යමණ්ඩලය, ස්වෙච්ඡා සේවකයන් මෙන්ම රෝගීන් සමග ද සිය ගෙදර සේ ගතකල බව මයිනියෝ මහතා කියයි.
ආයතනයේ සේවකයෝ සිය සේවා දර්ශනය පාප් වහන්සේට පැහැදිලි කළහ. "මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය වලින් පරාජය කල නොහැකියි. අප එය ජයගන්නට උත්සාහ කරන්නේ ආදරය, සෙනෙහස හා පිළිගැනීම මගින්" යැයි සිය නිර්මාතෘ පිච්චි පියතුමා ගත් මග පහදා දෙමින් ඔවුහු පැවැසූහ.



මෙම ආයතනයේ සේවාව ගැන විස්තර කරමින් මීට සති කිහිපයකට ඉහත තමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ලියුමක් යැවූ බව රොබර්තෝ මයිනියෝ මහතා පැවසුවේ ය. ඒ ලියුම පාප් වහන්සේ වෙත ගෙන ගිය පණිවිඩ කරුවා වතිකාන රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්‍රෝ පැරොලින් කාදිනල් හිමිපාණෝ ය. එතුමා 2015 නත්තල් දිනයේ මෙම ආයතනයේ නත්තල් දිව්‍ය පූජාව පැවැත්වීමට පැමිණීම නිසා මෙම සම්බන්ධතාව ගොඩනැගිණ. "කෙසේ නමුත්, ලියුම කියවීමෙන් පසු පාප් වහන්සේ අප බැලීමට පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු නොවූ" බව හෙතෙම සඳහන් කරයි.

පාප් වහන්සේ මෙම ආයතනයට ගියේ සිය සිකුරාදා දයාවේ ක්‍රියා ඉටුකිරීමේ තවත් පියවරක් වශයෙනි.

මෙම ජයන්ති වසර අර්ථාන්විත කිරීම සඳහා ආත්මික හා ශාරීරික දයාවේ ක්‍රියා වල නිරත වන ලෙස ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලිකයන්ගෙන් ඉලා සිටිති.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය