ප්‍රැන්සිස් පාප් වහන්සේට 'කේන්ති' ගිය මොහොත

 The moment Pope Francis got angry in Mexico



(2016 පෙබරවාරි 20)

සාමාන්‍යයෙන් ම ඉතා සන්සුන් මිනිසකු වන ප්‍රැන්සිස් සොදොතුම් පියතුමාට ඉකුත් දා  සිය ශාරීරික සමබරතාවත් ඒ සමගම ප්‍රථම වරට ආවේගාත්මක සන්සුන් බවත් නැතිව ගියේය.මෙය සිදු වුයේ මැක්සිකෝ අපෝස්තලික  චාරිකාවේ අවසන් දවසේ ජනතාවට කතාකරමින් යන අතර එහි සිටි නොහික්මුණු පිරිසක ගේ නොමනා හැසිරීම නිසා සමතුලිතතාව නැතිව ගොස් ආබාධිත පුද්ගලයකු මත වැටෙන්නට ගිය අවස්ථාවේදීය.

එම සිද්ධිය මෙසේ ය.

මැක්සිකෝවේ මොරේලියා නගරයේ දී තරුණ හමුවක් ඇමැතූ පාප් වහන්සේ එහි රැස්ව සිටි ජනතාවට අචාර කරමින්, ඔවුන් ආශීර්වාද කරමින් හා ඔවුන්ට ජපමාල තිළිණ කරමින් ගමන් කරමින් සිටියහ. එක ස්ථානයක රැස්ව සිටි පිරිසක් පාප්වහන්සේ  අතින් ජපමාල උදුරා ගැනීමට පොර කෑම නිසා එතුමන් මත දැඩි තෙරපුමක් ඇතිවී, සමතුලිතතාව අහිමි වී ඒ අසල රෝද පුටුවක සිටි ආබාධිත තැනැත්තකු මත එතුමා වැටෙන්නට ගියේය. එතුමා ගේ ආරක්ෂකයන් විසින් පාප් වහන්සේට වැටෙන්නට නොදී ආරක්ෂා කර ගත්තද මේ හේතුවෙන් එතුමා තරමක් කෝපයට පත්වූ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබිණ. "ඔබට මොකක්ද වෙලා තිබෙන්නෙ? ආත්මාර්ථකාමී වෙන්න එපා! ආත්මාර්ථකාමී වෙන්න එපා" එතුමා ස්පාඥ්ඥ බසින් දෙවරක් කියා සිටියේ ය.

මෙම සිද්ධිය ලොව පුරා සෑම ජනමාධ්‍යයකම වාර්තා කරන ලද්දේ එය බොහෝ අසාමාන්‍ය අවස්තාවක් බැවිනි. මෙම සිද්ධිය වාර්තා කල BBC, CNN සහ CBC ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය රැසක් කියා සිටියේ මෙයින් ඉස්මතුවුයේ එතුමන් ගේ මනුෂ්‍යත්වය බවයි.


මෙම අවස්ථාව වටා තිබු සිද්ධි දාමය සැලකිල්ලට  ගත්කල සුදොතුම් පියතුමා ගේ ප්‍රතිචාරය ස්වාභාවික බව වතිකාන ප්‍රකාශක ෆෙඩෙරිකෝ ලොම්බාඩි ජේ.නි. පියතුමා කියා සිටියේ ය. "මෙය බෙහෙවින් මානුෂික, සාමාන්‍ය ප්‍රතිචාරයක්. මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන ඕනෑම කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ ඒ විධියටයි." කසේ නමුත් මෙම සිද්ධියෙන් පසු සුදොතුම් පියතුමා සාමාන්‍ය අයුරින් ජනතාවට සමීප වෙමින් සිය කටයුතු කරගෙන ගියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය