"දුකින්,පවින් බරවූ ජනතාව පුබුදුවන වසන්තයක් වන්න" පාප් වහන්සේ ගෙන් රදගුරු - පූජක තුමනට උපදෙස්

"Be a spring to your people" - Pope tells Ecuador's Bishops, priests and the religious  



තමන් මුළුමනින්ම සේවයේ ජිවිතයක් තෝරාගෙන ඇති බව කතෝලික සභාවේ රදගුරු හිමි වරුන් සහ පූජකවරුන් පිළිගත යුතු යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. එය කිසිදු ලාබ ලැබීමකින්  හෝ විවේකයකින් හෝ තොර සේවා ජීවිතයක් බව ද ඔවුන් අවබෝධ කරගත යුතු යැයි උන්වහන්සේ පෙන්වා දෙති.

පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ඉක්වදෝරයේ සිය අවසන් ප්‍රසිද්ධ යැදුම් මෙහෙය හා හමුවට එක්  වෙමිනි.

ඊයේ (ජූලී 8) කිටෝ අගනුවර එල් කින්චෝ දේව මාතා ජාතික සිද්ධස්ථානයේ දී පාප් වහන්සේ ඉක්වදෝරයේ රදගුරු හිමිවරුන්, පූජකතුමන්ලා, පැවිදි වරුන්,පැවිදිවරියන් හා දෙව්සත්හල් සිසුන් සමග මෙම හමුවට සහභාගී වූහ. එහිදී සිය ලිඛිත කතා පිටපත ඉවතට දැමූ පාප් වහන්සේ "මා සහෝදරයකු හා පියෙකු" සේ ඔබට කතා කරන්නම්" යැයි කියමින්  සිය අනුශාසනය ආරම්හ කළහ.

තමන් තෝරාගනු ලැබූයේ දෙවියන් වහන්සේ විසින්ය යන්න මතක්  කර  ගැනීමට සභාවේ පුජකවරුන් නිතර කටයුතු කල යුතු යැයි සුදොතුම් පියතුමා කිවේ ය. "අපගේ කැඳවීම එන්නේ අපගෙන් නොව එය දෙවියන් වහන්සේ ගේ කැඳවීමක් යැයි අප නිතර සිහිපත් කල යුතුයි." එතුමා සඳහන් කළේය. සිය විශ්රාමයෙන් පසුවත් දුප්පතුන් සමග වැඩ කිරීමට තෝරා ගත් වියපත් පියනමක් ගැන කතාවක් සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය." සේවයේ ජීවිතය තෝරා ගන්නා තැනැත්තන් දිගටම අන් අය වෙනුවෙන් සේවයට කැපවෙනවා. එක මොහොතක් වත් ඔවුනට තබා ගන්නේ නැහැ."
"මා මෙහි සිටින්නේ සේවය කිරීමටයි" එම වැඩිහිටි පියනම පැවසු  බව එතුමා කිවේය. "මා  කළ යුතු දේ මා කල යුතුයි. මම පුදසුන ඉදිරියේ මගේ ජනතාව වෙනුවෙන් යාච්ඥා කරනවා". 

තම ජීවිතය හා සේවාව නිදහසේ සහ කිසිදු පිළිලබයක් නොපතා ලබා දෙන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පුජක තුමන්ලාගෙන් ඉල්ලා සිටියහ. "සේවය ප්‍රතිලාභ සමග මිශ්‍ර කරනු එපා! ජේසු සමිඳුන්ගෙන් ඔබ නොමිලේ ලැබූ දේ නොමිලේ ලබා දෙන්න. කරුණාකර දේව වරප්‍රසාද සඳහා කිසිවක් අය නොකරන්න" යි එතුමා උපදෙස් දුන්නේ ය. 


මුල අමතක නොකරන්න.


ආදී වාසී ජනකොටස් රැසක ගෙන් ද සමන්විත ඉක්වදෝරයේ පුජකවරුන් සිය මුල අමතක නොකළ යුතු යයි ද පාප් වහන්සේ කියා සිටියහ. කුඩා කාලයේ ලෝකයේ ගෞරවනීය භාෂා වන ආදිවාසි බස කතා කල ඇතැම් පියවරුන්ට එම බස අමතක වීම ගැන එතුමා නොසතුට පල කලේ ය. ඇතැම් කිතුනු නායකයනට වැළඳෙන මෙම රෝගය පාප් වහන්සේ හැඳින්වුයේ "ආධ්‍යාත්මික ඇල්සයිමර් " රෝගය ලෙසය. "ඔබ පැමිණි තැන අමතක නොකරන්න. ඔබගේ මුල අමතක නොකරන්න".

කතෝලික පුජකවරුන් ගේ තනතුරු සේවාවේ තනතුරු ය යන්න පාප් වහන්සේ භාවිත නොකළ කතා පිටපතේ ද සඳහන් බව National Catholic Reporter පුවත්පත කියයි. 

"අපොස්තුළුවරුන් ක්‍රිස්තුන් වහන්සේ ගෙන් ලැබූ 'අධිකාරිත්වය' ස්වකිය ලාබය සඳහා ලැබුණු එකක් නොවේ. අපේ දිමනාවල අරමුණ සභාව අලුත්කිරීම හා ගොඩනැංවීමයි." යයි එම කතාවේ සඳහන් වෙයි. 

"බෙදා ගැනීම ප්‍රතික්ෂේප නොකරන්න. යමක් දීමට පසුබට නොවන්න. සුව පහසුව තුළ ඔබව දොරගුළු ලා නොගන්න. ලොව ප්‍රාණවත් කර පුබුදුවා ලමින් උදාවන වසන්තය සේ සෙසු අයට -විශේෂයෙන් පාපයෙන්, කලකිරීමෙන් හා නොරිස්සුමෙන් හදවත  බරවුවන්ට- වසන්තයක් වන්න" යි එහි වැඩි දුරටත් සඳහන් වෙයි

"දෙවියන් වහන්සේ සිය ජනතාව ගේ හැඬුමට සවන් දී ඔවුන් ගලවා ගැනීම සඳහා කුඩා දරුවකු මානවයන් අතරට ඒවා වදාලා. තවත් පැත්තකින්, ඉශ්රායෙල් ඉතිහාසය තුළ විනිසුරුවන්, දිවැසිවරුන් හා රජුන් දෙවියන් වහන්සේගේ මෘදු බව හා කරුණාව ජනතාවට දැක්වීම සඳහා උන්වහන්සේගෙන් ඔවුන්ට ලැබුණු තිලින ලෙසයි දේව වාක්‍යය අපට පෙන්වා දෙන්නේ. ඔවුන් දෙවියන් වහන්සේ ගේ ත්‍යාගශීලි බවේ සංකේතයි. ඔවුන් තෝරාගෙන ආලේප කලේ උන්වහන්සේමයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

එම ඉතිහාසය එතුමා සභාව හා සම්බන්ධ කළේය: "මේ සිද්ධීන්, අප අපට අයිති නැති බව අපට පසක් කරමින්, අපගේ ස්ව කේන්ද්‍රීයත්වයෙන් පිටතට ඒමට අප පොළඹවයි. සුබ අස්න අපට පවසා ඇති ආකාරයට, අපගේ ආත්මාර්ථය අත් හැර, ද්‍රව්‍යමය ලාභ හෝ මානසික ප්‍රතිලාභ පිළිකෙව් කිරීමට අපගේ කැඳවීම ඒවා අපට ආරාධනා කරයි."

"අපි වැටුපක් සඳහා වැඩකරන්නන් නොව සේවකයෝ වෙමු," යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කතාවේ සඳහන් කරති." අප පැමිණ සිටින්නේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය. එසේ කල යුත්තේ මුළුමනින්ම කිසිවක නොගැලී ය. අවම වශයෙන් සැරයටියක් හෝ ගමන් මල්ලක් වත් නොමැතිව ය."




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය