"අපේ ප්‍රශ්න විසඳා දෙන්න කියලා අපේ ජනාධිපතිතුමාට කියන්න." පැරගුවේ දරුවෙක් සුදොතුම් පියතුමාට ලියූ ලියුම

Letters to Pope open window to Paraguayan kid's concerns 

පාප් වහන්සේට දරුවන් ලියූ ලියුම් හා සිතුවමට නැගූ දෑ 


(2015 ජූලි 12)
"මම  ඔයා ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම ආදරේ නම්, උදව් කරනවා නම්, විදී වල ඉන්න අපි වගේ පුංචි ළමයි දුක් විඳින්නේ ඇයි ?   ඔයා දන්නවා කියලා මං හිතනවා."

"අපේ ප්‍රශ්න ගැන බලලා ඒවා විසඳා දෙන්න කියලා අපේ ජනාධිපතිතුමාට කියන්න. නැති නම් එයා වෙනුවට වෙන කෙනෙක් පත් කරලා දෙන්න"

පැරගුවේ රාජ්‍යයේ අන්ත දුප්පත් ප්‍රදේශයක පාසල් යන ළමයින් දෙදෙනකු ශුධෝත්තම ප්‍රැන්සිස් පාප්  වහන්සේට ලියූ ලියුම් දෙකකින් උපුටන දෙකකුයි ඒ.

පාප් වහන්සේ සිය ලතින් ඇමෙරිකා සංචාරයේ අවසන් දිනයේ පැරගුවේහි අගනුවර වන එසන්ෂන් හි අන්ත දුප්පත් ප්‍රදේශයක් වන බඥාඩෝ නෝර්තේ පැල්පත් නගරයේ ජනතාව බලන්නට ගියහ.  පැරගුවේ ගංගා තීරය දිගේ පිහිටා ඇති මෙම ප්‍රදේශය වසරකට කිහිප වතාවක් ගංවතුරට යටවෙයි. ලක්ෂයක් පමණ ජීවත්වන මෙම ප්‍රදේශයේ සංවර්ධනය ආණ්ඩුව විසින් අතහැර දමා තිබේ. එහි වෙසෙන ජනයා  අධික දරිද්‍රතාවෙන් පීඩා විදිති.

පාප් වහන්සේ පැමිණීමට පෙර එම ප්‍රදේශයේ කතෝලික මිසම් වල පියතුමන් ප්‍රදේශයේ පිහිටි පාසල් ද සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන ආරම්භ කළේය. පාප්වහන්සේට දීමට ලියුමක් ලියන්නැයි ළමයින්ගෙන් ඉල්ලා සිටිනු ලැබිණි. එසේ නැති නම් එතුමනට දීමට චිත්‍රයක් අඳින්නට ළමයින්ට ඉඩ ලැබිණ. එම මීසම් හයේ ජීවත් වන ළමයින් අත්හරින්  ළමයින් 2500 දෙනෙකු චිත්‍ර හා ලියුම් ඉදිරිපත් කර තිබිණ. දරිද්‍රතාවෙන් දුක් විඳින පෙදෙසක ජීවත් වන පුංචි සිත් වල නැගෙන අදහස් එම නිර්මාණ වලින් පිළිබිඹු වූයේය.

සිය නිවෙස් විනාශ කළ ගංවතුර ගැන දරුවෝ රැසක්ම පාප් වහන්සේට ලියා තිබිනි. ගංවතුර අවස්ථාවල තාවකාලික ස්ථාන වල සරණ සොයා සිය දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමග යන්නට සිදු වූ ආකාරය ඒවායේ විස්තර කර තිබිණි. හාත්පස මඩ සහිත ගංවතුරෙන් යට වී ඇති විට ඉතිරි වූ එකම උස් ස්ථානයේ ගුලි වී සිටින දරවෙක්, බලු පැටියෙක් හා හැලි වලං කිහිපයක් එක් දරුවෙක් චිත්‍රයට නඟා තිබුනේ ය.

බොහෝ දෙනෙකු පාප් වහන්සේ අමතා තිබුනේ දුවාරානි බසින් "තු" (tu ) යනුවෙනි. එය සිංහල භාෂාවෙන් සමීපතම ඥාතීන් හෝ මිතුරන් අමතන "ඔයා" යන ළබැඳි වචනයට සමානය. ("ඔබතුමා" හෝ "ඔබවහන්සේ" යනුවෙන් නොවේ.) මෙයින් ප්‍රදර්ශනය වූයේ එම දරුවන් පාප් වහන්සේ කෙතරම් සමීප කෙනෙකු ලෙස සිතනවා ද යන්නයි. (කර්තෘ සටහන: ශ්‍රී ලංකාවේ අප "ස්වර්ගයෙහි වැඩසිටින" යැදුමේ පියාණන් ඇමතීමට "ඔබවහන්සේ" යන අධික ගෞරවනීය  වචනයක් යෙදීම නිසා ප්‍රේමවන්ත පියකුට කියන සුන්දර යැදුම, මහේශාක්‍ය රජ කෙනෙකුට කරන අභියාචනයක් බවට පත් කරගෙන තිබේ.)



"වතිකානය කොයි වගේ ද" එක්  දරුවෙක් පාප් වහන්සේ ගෙන් විමසා තිබිණි.

තවත් දරුවක් මෙසේ කිවේය: "මට උදව්වක් කරන්න ඔයාට පුළුවන් ද? අනේ අපේ අම්මටයි තාත්තටයි ආපහු ඉස්සර වගේ සාමාන්‍ය විදියට එකට ඉන්නයි කියන්න. එතකොට අපට ආයෙත් අතුටින් ඉන්න පුළුවන්"

මත්කුඩු සහ අපරාධ ගැන ද ලියුම් කිහිපයකම සඳහන්ව තිබිණි. ස්ථිර රැකියාවක් නොමැති සිය දෙමාපියන්ට ස්ථිර රැකියාවක් අවශ්‍ය බව තවත් දරුවෝ සඳහන් කළහ. පළමුවන පන්තියේ දරුවෙක් සිය පාසලේ චිත්‍රයක් ඇඳ එහි මෙසේ ලියා තිබිණි: "අනේ අපේ ඉස්කෝලේ වහන්න දෙන්න එපා!" මෙම පැල්පත් වාසියේ සමහර දෙනෙක් ජීවත් වන්නේ කුණු බක්කි වල ඇති ප්‍රතිචක්‍රණය කල හැකි දේ එකතු කර විකිනීමෙනි. බෝතලක් පැන්සල් තබනයක් බවට පත් කෙරෙන අන්දම එක් සිසුවෙක් චිත්‍රයට නැගුවේය. තවත් දරුවෙකු ගේ චිත්‍රයේ තිබුනේ අහක දමන ටින් කබලක් කෝප්පයක් බවට පත් කරන ආකාරයයි.

තමන් පාප් වහන්සේ පැමිණෙන තෙක් බලා සිටින බව සියලුම දරුවන් පාහේ ප්‍රකාශ කර තිබිණි. එසේම, එසේ  පැමිණීම ගැන එතුමන්ට ස්තුති කර තිබිණි. තම පවුල් හා රට ආශීර්වාද කරන්නැයි  ද එම දරුවෝ ඉල්ලුහ.

මෙම පුවත ආරම්භයේ සඳහන් කල සේ, දරුවන් ස්වල්ප දෙනෙක් දේශපාලන මාතෘකා ගැන ද සඳහන් කලහ. එවැනි එක් සිසුවෙක් මෙසේ ලීවේය:
"දුෂිත රජයේ නිලධාරින් ගේ හදවත් ස්පර්ශ කරන්න කියා මම ඔබගෙන් ඉල්ලනවා.  ඔවුන්ට සමාවෙන්න කියා දෙවියන් වහන්සේට කියන්න. මොකද ඔවුන් කරන්නේ මොනවාද කියා ඔවුන් දන්නේ නැහැ."

සටහන: පාප් වහන්සේට කියන්නට ඇති දේ ලියුමකින් හෝ චිත්‍රයකින් ලියා දෙන්නැයි උතුරේ දරුවනට කිවා නම් කවර පණිවිඩ ලැබෙනු ඇත් ද?

(CNS )




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය