"සූර්යයා ඔබට කෙතරම් සමීප ද? සිතා බලන්න" - පාප්වහන්සේගෙන් ඉක්වදෝර ජනතාවටඅභියෝගයක්

"How close is the Sun who dawns upon us from on High.....!": Pope's opening reflection in Ecuador 

ඉක්වදෝර්හි කුවිටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී කුඩා ළමයින් පිරිසක් විසින් පාප්වහන්සේ පිළිගත් අයුරු

(2015 ජූලි 5)
ලතින් ඇමෙරිකාවේ සතියක සංචාරයක් ආරම්භ කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ  ඉක්වදෝරයට පැමිණෙති. "මා ඉක්වදෝරයට පැමිණියේ දෙවියන් වහන්සේ ගේ කරුණාවේ සහ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ සාක්ෂි කරුවකු ලෙසයි" පිළිගැනීමේ උත්සවයේ දේශනයේ දී සිය අපෝස්තලික ගමන සාරාංශ කරමින් උන්වහන්සේ පවසති.

ඉක්වදෝරයේ කුවිටෝ අගනුවරට සැපත් වූ ප්‍රැන්සිස් පාප්වහන්සේව පිළිගන්නා ලද්දේ එරට ජනාධිපති රෆායෙල් කොරෙයා මහතා විසිනි.ඔහුගේ පිළිගැනීමේ කතාවෙන් පසු සිය පිළිතුරු කතාව කල පාප්වහන්සේ සමාජයේ දුර්වල හා කොන් වූ ජනකොටස් ශක්තිමත් කිරීම, සංවාදය සහ රටේ කතෝලික උරුමය ගැන කතා කළහ.

"නුතන අභියෝග වලට මුහුණ දීමේ යතුරක්  සුබ අස්න (දේව වාක්‍යය) තුළ අපට හමුවන" බව පාප් වහන්සේ පැවසුහ. "එසේම, වෙනස් කම් වලට ගරු කිරීමේත්  සහ සංවාදය සහ පුර්ණ සහභාගිත්වය වර්ධනය කිරීමේත්  යතුරක් ද සුබ අස්න තුළ අපට හමුවේ. එය නිසි ලෙස අනුගමනය කළහොත් දැනට ලබාගෙන ඇති සංවර්ධනය හා මුසු වී, අපගේ දුර්වල සහෝදර සහෝදරියන්ට ද විශේෂ සැලකිල්ලක් ලැබෙන පරිදි, සෑම කෙනෙකුටම යහපත් අනාගතයක් බලාපොරොත්තු විය හැකි යැ"යි සඳහන් කළ එතුමා, "ජනාධිපති තුමනි, මෙවැනි ප්‍රයත්න වලදී ඔබට සෑම විටම සභාවේ කැපවීම හා සහයෝගය කෙරෙහි විශ්වාසය තැබිය හැකි" යැයි කියා සිටියේ ය.

පෘථිවිය මත අභ්‍යවකාශයට සමීපතම ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ ඉක්වදෝරයේ බව ප්‍රැන්සිස් පාප්වහන්සේ සිහිපත් කළහ. එය නම් චිම්බොරාසෝ කඳු ශිඛරයයි. මේ හේතුව නිසා එම කඳු මුදුන හැඳින්වෙන්නේ "සූර්යයාට කිට්ටුම තැන" ලෙසයි. එසේම එය සඳුට හා තරුවලට කිට්ටුම තැන ලෙසත් ජනතාව හඳුන්වන බව එතුමා පැවසුවේය. මේ මූලධර්මය පාදක කරගත් පාප්වහන්සේ ගැඹුරු දේව ධාර්මික පණිවිඩයක් ලබා දුන්හ: "කිතුනුවන් වන අප ක්‍රිස්තුන් වහන්සේ සමාන කරන්නේ සූර්යයාටයි. එසේම විශ්වාසකයන්ගෙන් සැදුම් ලත් සභාව, අප චන්ද්‍රයාට සමාන කරනවා. චන්ද්‍රයා බැබලෙමින් පෘථිවියට පරාවර්තනය කරන්නේ  සූර්යයාගෙන් ලැබෙන ආලෝකයයි. එසේම, ක්‍රිස්තුන් වහන්සේ හැරුණු කොට, වෙනත් කිසිදු කෙනෙකු සතුව තමන්ගේ ම ආලෝකයක් නොමැත. 'අති උස්තැන සිට' උදා වන සූර්යයා කෙතරම් සමීප දැයි වඩා පැහැදිලිව දැන ගැනීමට ඉදිරි දින කිහිපයේ දී අප සෑම කෙනකුටම  හැකියාව ලැබේවා! අප සෑම කෙනකුම එම සූර්යයාගේ ආලෝකයත් ප්‍රේමයත් පරාවර්තනය කරන චන්ද්‍රයන් වේවා!" යි උන්වහන්සේ පැවැසුහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය