"මානව ගෞරවය ඕනෑම දේශපාලන විවාදයක කේන්ද්‍රය විය යුතුයි"

"human dignity must be center of political debate" - Pope on Greek debt crisis

පාප් වහන්සේ ග්‍රීක වන්දනාකරුවන් කණ්ඩායමක් සමග


(2015 ජූලි 2)
"සෑම දේශපාලන සමාජ ආර්ථික විවාදයකම කේන්ද්‍රස්ථානය විය යුත්තේ මානව ගෞරවයයි"

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ බදාදා (ජූලි 2) මේ බව කියා සිටියේ ග්‍රීසියේ ආර්ථික අර්බුදය වෙනුවෙන් යාච්ඥා කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමිනි.

"ග්‍රීසියේ සමාජ හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් එරටින් ලැබෙන වාර්තා සිත් කම්පා කරවනසුලුයි. දයාබර ග්‍රීක ජනතාව වෙනුවෙන් යාච්ඥා කිරීමට තමන් සමග එකමුතු වන්නැයි ශුද්ධෝත්තම පියතුමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි" යැයි ශුද්ධාසනයේ මාධ්‍ය ප්‍රකාශක ෆ්රෙද්රිකෝ  ලොම්බාඩි ජේ.නි. පියතුමා නිවේදනයක් මගින් කියා සිටියේය.

ග්‍රීසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගත් ඩොලර් බිලියන 300කට අධික ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරියේ ය. එය ගෙවීම පිණිස ලබා දී තිබූ කාලය ඉකුත් ජුනි 30 දායින් අවසන් විය. මේ නිසා රට දැවැන්ත මුල්‍ය අර්බුදයකට ඇද වැටි තිබේ. මෙම තත්වයෙන් රට මුදා ගැනීම සඳහා අරමුදල් සැපයීමට යුරෝපිය සංගමය ඉදිරිපත් වුවද ඔවුන් අරමුදල් සපයන්නේ විශ්‍රාම වැටුප් කප්පාදුව, බදු ඉහල නැංවීම වැනි ජනතාව තවත් දුෂ්කරතාවලට පත් කරන කොන්දේසි වලට යටත්වය. රටේ විරැකියාව දැනටමත් සියයට 25 ටත් ඉහල ගොස් තිබේ. ජුනි 30 වැනිදායින් පසු රටේ ඕනෑම පුද්ගලයකුට සිය ගිණුමෙන් ලබා ගත හැකි ඉහලම මුදල ඩොලර් 30 ක් පමණි.

මෙවැනි ඕනෑම අර්බුදයකට විසඳුම් සෙවීමේ දී මානව ගෞරවය ප්‍රමුඛ විය යුතු යැයි ලොම්බාඩි පියතුමා විසින් කියවන ලද පාප්වහන්සේ ගේ නිවේදනයේ සඳහන් වේ. "ඕනෑම දේශපාලන හෝ තාක්ෂණික විවාදයක දී හෝ වගකීමෙන් යුතු තීරණවලට එළඹීමට සිදුවන අවස්ථා වලදී මානව ගරුත්වය එම විවාද වල කේන්ද්‍රය විය යුතු ය. සියලු ග්‍රීක ජනතාවටත් විශේශයෙන්ම මෙවැනි සමාජ අර්බුදයක දී පිඩාවට පත් වන පවුල් වලටත් තමා හදවතින් සමීප වන බව පැවසීමට පාප් වහන්සේට අවශ්‍ය වී තිබේ " යයි ද නිවේදනය සනදහන් කලේ ය.

ග්‍රීසිය යුරෝ කලාපයේ සාමාජිකත්වය දිගටම පවත්වාගෙන යන්නේ ද නැතහොත් ඉන් ඉවත් වන්නේදැයි තීරණය කෙරෙන තීරණාත්මක ජන මත විචාරණය මේ ඉරිදා (ජුලි 5) පැවැත්වේ. යුරෝ කලාපයේ සාමාජිකත්වය දරන දුර්වලම රට ග්‍රීසිය යි.

(CNA)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය