ලතින් ඇමෙරිකාවේ කුප්‍රකටම සිරගෙදරට ගිය පාප්වහන්සේ

"I will share what I have and love: Jesus " Pope tells Bolivian prison inmates



(2015 ජූලි 11)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ බොලිවියාවෙන් පිටත් වීමට පෙර ලතින් ඇමෙරිකාවේ කුප්‍රකටම හිරගෙදරට ගියහ. බොලිවියාවේ සාන්තා කෘස් ඩි ලා  සියෙරා හි පිහිටි පැල්මසෝලා බන්ධනාගාරය හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හැඳින්වෙන්නේ එම මහාද්වීපයේම පවතින කුප්‍රකටම බන්ධනාගාරය ලෙසය.

"ඔබ නොදක බොලිවියාවෙන් පිටත්වෙන්න මට හිත දෙන්නේ නැහැ," එහි සිටි රැඳවියන් අමතමින් පාප් වහන්සේ පැවසුහ. "කුරුසිය මත විකසිත වූ බලාපොරොත්තුව හා විශ්වාසය ඔබ සමග බෙදා නොගෙන මට පිට වී යා නොහැකියි" යැයි එතුමා කියා සිටියේය.

පැල්මසෝලා බන්ධනාගාරය විශාලතම සේ ම සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය බන්ධනාගාරය ලෙස ද සැලකේ. එහි රැඳවියන්ගේ සංඛ්‍යාව 5000කට අධිකය. සිරකරුවන්ගේ කුඩා දරු දැරියනට ද සිය මව් පියන් සමග එහි විසීමට ඉඩ දී තිබේ. එය 'අපූරු' සිර ගෙදරකි. කඩ සාප්පු, කෑම කඩ වැනි 'සේවාවන්'ගෙන් සමන්විත අභ්‍යන්තර ආර්ථිකයක් ද ඊට තිබේ. එයින් තමන් ලබා ගන්නා සියලු දේ වලට, කෑම හා නිදන තැනක් වැනි දේ වලට පවා, මුදල් ගෙවා ගත යුතු බව සිරකරුවන් ගේ නෑයෝ කියති. රැඳවියන්ගෙන් 84% ක්ම වරද කරුවන් බවට තීන්දු වී නැති බව එරට බන්ධනාගාර අමාත්‍යාංශයම  කියයි.මේ රැඳවියන් සිය උසාවි දිනවල උසාවියට ගෙන යාමේ ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු ගාස්තු ඔවුන් විසින් බන්ධනාගාර අධිකාරීන්ට ගෙවිය යුතු ය. අධිකාරීන් දිනකට එක සිරකරුවකු වෙනුවෙන් වැය  කරන්නේ රුපියල් 90 ක (ඩොලර් ශත 47 ක) මුදලකි. මෙය අතිශය ප්‍රචණ්ඩ බන්ධනාගාරයක් ද වේ.

පාප් වහන්සේට කතා කිරීමට ඉද ලැබුණු සිරකරුවෙක් එතුමාට කියා සිටියේ, " ශුද්ධෝත්තම පියතුමෙනි, මෙතැන හරියට සොදොම් සහ ගොමෝරා වගෙයි" කියා ය. "මෙතන කිසිම පාලනයක් නැහැ. මේ අපචාර නවත්වන්න බලධාරීන් කිසිම පියවරක් ගන්නේ නැහැ" 18 වසරක් හිර ගෙදර ගෙවන ලියොනිඩාස් මාටිනස් නමැති එම සිරකරු කිවේය.


පාප් වහන්සේට කතා කිරීමට ඉඩ ලැබුණු සිරකරුවෙක් එතුමාට කියා සිටියේ, " ශුද්ධෝත්තම පියතුමෙනි, මෙතැන හරියට සොදොම් සහ ගොමෝරා වගෙයි" කියා ය. "මෙතන කිසිම පාලනයක් නැහැ. මේ අපචාර නවත්වන්න බලධාරීන් කිසිම පියවරක් ගන්නේ නැහැ" 18 වසරක් හිර ගෙදර ගෙවන ලියොනිඩාස් මාටිනස් නමැති එම සිරකරු කිවේය. "මෙතන තියෙන්නේ අධිකරණ ත්‍රස්තවාදයක්" යැයි කාන්තාවන් වෙනුවෙන් කතා කල ඇනිලා පරාඩා කීවාය. මුදල් ඇති අය නීතිඥයන්ට ගෙවා ඉක්මනින් ගෙදර යන බව ඈ සඳහන් කලාය.

බොලිවියා කතෝලික රදගුරු මණ්ඩලය ද එරට සිරගෙවල ඇති ප්‍රශ්න පිලිබඳ සිය තක්සේරුව නොවලහා, ඍජුව ජනතාව ඉදිරියේ පාප්වහන්සේට ඉදිරිපත් කළේය. "ශුද්ධෝත්තම පියාණනි, කැපවුණු සභාවක දිවැසිවර හඬ ජීව ගන්වමින් අපේ රටේ ඇති සිර ගෙවල් වල සැබෑ තත්වය ඔබට පැවසීමට අපට අවසර දෙන්නැ" යි බොලිවියා කරිටාස් ආයතනයේ සභාපති සහ බන්ධනාගාර සේවා ජාතික අධ්‍යක්ෂ අති උතුම් හේසුස් හුවාරෙස් පරාගා අගරදගුරු හිමිපාණෝ පැවසුහ. " අපචාර සිදුකරන්නන් හා ඒවායේ ගොදුරු බවට පත්වන්නන් යන ප්‍රති විරෝධතා ලක්ෂණ සිරකරුවන් තුළ අපි දකිමු. දරිද්‍රතාව, විෂමතා සහ ප්‍රචණ්ඩත්වය උත්පාදනය කරන සමාජයක සාක්ෂි මේ ස්ථානය තුළ අපි දකිමු. මෙම ස්ථානය වූ කලී පවුල් තුළ, අධ්‍යාපනය තුළ සේම ආගම් තුල ද ඇති දුර්වලතා වල ප්‍රතිඵලයකි" යි එතුමා කියා  සිටියේ ය.

මෙවැනි තත්වයක සිටින සිරකරුවන්ට පාප් වහන්සේ සහෝදරත්වය සහ බලාපොරොත්තුව සහ දේව දයාව ගැන කතා කළහ.

"ඔබ ඉදිරියේ ඉන්න මේ මිනිසා කව්ද කියා ඔබ සිතනවා ඇති," එතුමා කිවේය. "මගේ ජීවිතය තුළ නිශ්චිත වූ එක් කරුණක් මගින් මා ගැන ඔබට කියන්නට පුළුවන්.ඔබ ඉදිරියේ සිටින මේ මිනිසා සමාව බහුලව අත්  දුටු මිනිසෙකි. පාපයෙන් ගැලවීම ලැබූ, තවමත් පවින් ගැලවීම ලබා ගන්නා මිනිසෙක්. ඒ තමයි මම." සුදොතුම් පියතුමා පැවසුවේය.

තමාට බොහෝ දේ දීමට නැති වූවත් එක් වැදගත් දෙයක් බෙදා ගත හැකි යැයි පාප්වහන්සේ පෙන්වා දුන්හ. "මා සතුව තිබෙන, මා ආදරය කරන කෙනෙකු බට ඔබ සමග බෙදා ගන්න පුළුවන්. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේයි. ජේසු සමිඳුන් යනු පියාණන් වහන්සේ ගේ ප්‍රේමය හා කරුණාව" යයි උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය