වතිකානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඇතුළතින්ම බාධා!

වතිකානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්කයට ! එත් සමහර ඒවාට ඇතුළතින්ම බාධා!

සුදොතුම් සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ඉසිඹු ලබන කාලය වන විට වතිකානයේ මුල්‍ය පරිපාලනය ගැන විවේචන සහ චෝදනා එල්ල වී තිබුනා. විශේෂයෙන් ම IOR යන නිල නාමයෙන් හැඳින්වෙන වතිකාන මහා බැංකුවේ ගණු දෙනු ගැන ජාත්‍යන්තර විශේෂඥයන් පවා කනස්සල්ල පල කර තිබුනා. මේ නිසා සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් පාප් ධුරයට පත්වන විට එතුමන් මත පැවරුණු එක ප්‍රධාන වගකීමක් වුයේ වතිකාන මුල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමයි.
ප්‍රැන්සිස් පාප්වහන්සේ එම ධුරයට පත් වී නොබෝ දිනකින්ම එම වැඩ කටයුතු ආරම්භ කළා. වතිකාන බැංකුව සහ මුල්‍ය කටයුතු විධිමත් කිරීමේ කමිටුවක් ඕස්ට්‍රේලියානු කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුනා. එම කණ්ඩායම මුලින්ම කලේ වතිකාන බැංකුවේ කටයුතු නවමං ගන්වා එය පාරදෘශ්‍ය ආයතනයක් බවට පත් කිරීමයි. එහි කටයුතු සිදුවන අතර "රෝම ක්යුරියාව" නමින් හැඳින්වෙන වතිකාන පරිපාලනයේ මුල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම ද එම කණ්ඩායම දැන් සිදු කරගෙන යනවා.
"මුල්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට යමින් තිබෙනවා" යයි මේ සම්බන්ධයෙන් CNS ප්‍රවෘත්ති සේවයට අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු කාදිනල් විල්ෆ්‍රඩ් එෆ්. නේපියර් හිමිපාණන් කියා සිටියා. එහෙත් වතිකාන පරිපාලනයේ මුල්‍ය ගනු දෙනු වල විනිවිද භාවයක් ඇතිකිරීමට ගනු ලබන උත්සාහයට මෙතෙක් මහත් ස්වාධීනත්වයකින් කටයුතු කරමින් සිටි ආයතන වලින් ප්‍රතිරෝධයක් එල්ලවෙමින් ඇති බවයි එතුමන් කියා සිටියේ. ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනය ඊට එක නිදසුනක්. කෙසේ නමුත් එම ආයතනවල නායක කාදිනල් හිමිවරුනට පුළුල් අවබෝධයක් දී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද කාදිනල් නේපියර් හිමිපාණන් සඳහන් කළා.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය