ප්‍රැන්සිස් සුදොතුම් පියාණෝ රෝමය ආසන්නයේ පිහිටි පැල්පත් වාසීන් ගේ නගරයට යති.

පාප්වහන්සේ ඉරිදාපස්වරුව (2015 පෙබරවාරි 8 දා) රෝමය ආසන්නයේ පිහිටි පිඑට්‍රලාතා නම් දුප්පතුන්ගේ නගරයේ අග්‍රදුත මිඛායෙල් තුමන් ගේ මීසම් වාසීන් සමග ගත කළහ. 

ඒ යන අතර එතුමා  නගර දොරටුවෙන් ඇතුළුවෙන තැන අවට පිහිටි පැල්පත්වාසීන් ගේ ප්‍රදේශයේ මොහොතකට නතර වුයේය. 

මුලින් පැල්පත් ජනයා මේ අමුත්තා නොදැක්කත් උන්වහන්සේ නෙත ගැටුණු කෙනෙක් " පපා ෆ්රන්සිස්කෝ" යයි ස්පාඥ්ඥ බසින් හඬ නගනවාත් සමගම ජනතාව උන්වහන්සේ වට කර ගත්හ.  ටික වෙලාවක් ඔවුන් සමග ගත කල පාප්වහන්සේ, "අපි පියාණන්ට යාච්ඥා කරමු. කව්ද ස්පාඥ්ඥ භාෂාව දන්නේ?" යයි ඇසුවේය.  "අපි ඔක්කොම දන්නවා" ඔවුහු  සියල්ලෝම  හඬ නගා පිළිතුරු දුන්හ.  ඔවුන් සමග පරමණ්ඩල යැදුම කී උන්වහන්සේ තමාට පමා නොවී මීසමේ පල්ලියට යා යුතු බව කියා, ඔවුන් ආශීර්වාද කර නික්ම ගියහ. 

පිඑට්‍රලාතා නගරය බිහිවුනේ 1930 ගණන්වල ඉතාලි ජනාධිපති බෙනිටෝ මුසෝලිනි ගේ සමයේ ය . රෝම නගරය 'සුන්දර කිරීම සඳහා' යයි කියමින් නගර මධ්‍යයේ සිටි දුප්පත් ජනතාව ඔහු විසින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුහ.  ඔවුන් තාවකාලිකව පදිංචි කෙරුනේ මේ නගරයේයි. අද දක්වාත් ඒ නගරයේ දක්නට ඇත්තේ දුප්පත්කම, විරැකියාව සහ අසරණකමයි. මීසමේ කරිටාස් ආයතනය විවිධාකාරයෙන් මේ ජනතාවට උදව් වෙයි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය