සසුන් පිය යැදුම් පොත් පිංච බෙදාදීම රෝමයේ නිවාස රහිත වුවන් අතින්

සේයාරුව: තිමති ෂ්මල්ස් නම් කැනේඩියානු මුර්ති ශිල්පියා විසින් නෙලන ලද "නිවාස රහිත වූ ජේසු සමිඳුන් ගේ ප්‍රතිමාව" සුදොතුම් පියාණන් විසින් ආසිරි ගන්වන ලද අයුරු.
A hundred homeless people distribute Pope’s prayer book
ඉකුත් ඉරිදා දහවල් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ තුන්කාල ආරාධනාවට සහභාගී වීමට වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බැතිමතුන් අතර පාප් වහන්සේ ගේ චතාරික තිළිණයක් බෙදා හරිනු ලැබිණි. එම ත්‍යාගය සාමාන්‍ය සහ චතාරික යැදුම් ඇතුළත් පොත් පිංචකි. සාක්කු ප්‍රමාණයේ මෙම පොත් පිංච "ඔබේ හදවත රැක බලා ගන්න" යනුවෙන් නම් කර තිබේ.
පොත් පිංචේ පළමු පිටුවේ පාප්වහන්සේ මෙසේ පවසති:


"අපි එඩිතර කිතුනුවන් විය යිතු වෙමු. දිරිමත් කිතුනුවන් ලෙස අපි අප අදහන දේ ජීවත් කල යුතු ය. එසේ ජීවත් වීම සඳහා අපගේ හදවත ජේසු සමිඳුන්ගේ හදවතට සමාන වනු පිණිස අපි නිරන්තරයෙන්ම අපේ හදවත පෝෂණය කර ගත යුතු වෙමු. මේ පොත් පිංච ඊට රුකුලක් වනු ඇත."
පොත් පිංච බැතිමතුන් අතර බෙදා හරින ලද්දේ වතිකාන නුවර අවට සිටින නිවාස රහිත වුවන් විසින් වීම විශේෂත්වයකි. මෙම නිවාස රහිත වුවන් ගේ සුබසාදනය සඳහා ප්‍රැන්සිස් පාප් වහන්සේ දයාවේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ශීත ඍතුව තුළ නිදන මලු පිරිනැමීම, කුඩ බෙදාදීම සහ නාන වතුර මල් සහිත ස්නානාගාරයක් ලබා දීම ඉන් කිහිපයකි.
 සෙසු සේයා රූ : රෝමයේ නිවාස රහිතවුවන්.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය