"ඉස්ලාම් රාජ්‍ය" (ISIS ) සංවිධානය විසින් ඝාතනය කෙරුණු කිතුනුවන් වෙනුවෙන් සුදොතුම් පියාණෝ යාච්ඥා කරති.

ඉකුත් දා ISIS සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊජිප්තු ජාතික කොප්ටික් කිතුනුවන් 21 දෙනා වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ ඊයේ (අඟහරුවාදා) දිව්‍ය පුජාව ඔප්පු කළහ.
මෙම ඊජිප්තු ජාතික කිතුනුවන් සිරියාවට ගොස් තිබුනේ රැකියා සොයා ගැනීමටය. එහිදී ISIS සංවිධානය විසින් ඔවුන් අල්ලාගනු ලැබිණ. ඔවුන්ගේ ගෙල කපා මරනු ලබන ආකාරය ඇතුලත් බියකරු වීඩියෝ පටයක් ISIS විසින් නිකුත් කර තිබුනේ ය.
යේ සිය සාන්ත මාර්තා නිවහනේ දිනපතා දිව්‍ය යාගය ආරම්භ කල පාප් වහන්සේ " හුදෙක් කිතුවන් වීමේ හේතුව නිසාම ගෙල සිඳීමට ලක්වූ අපේ කොප්ටික් සහෝදරයන් වෙනුවෙන් යදිමු. ඔවුන් ප්‍රානපරිත්‍යාගීන් ලෙස පිළිගන්නා මෙන් සමිඳුන්ගෙන් අයැද සිටිමු. ඒ වගේම මේ සිද්ධිය නිසා වේදනාව්ටට පත්ව සිටින අපගේ සොහොයුරු තවද්‍රොස් පෙත්රියක් තුමන් වෙනුවෙන් ද යාච්ඥා කරමු", යයි කියා සිටියහ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ දෙවැනි තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා කොප්ටික් කිතුනුවන්ගේ නායකයායි.
පාප් වහන්සේ මෙසේ ද කියා සිටියහ:
"තම නපුරු දුර්පරීක්ෂා ප්‍රතික්ෂේප කර යහපත තෝරා ගැනීමට මිනිසුන්ට හැකිවන ලෙසත් අපි පියාණන්ට යාච්ඥා කරමු"

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය