'අටේ ' කණ්ඩායම

'අටේ ' කණ්ඩායම යළි රැස්වෙයි!
සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් විසින් පත් කරන ලද විශේෂ "කාදිනල් කවුන්සිලය " (ප් වහන්සේ ඉසුඹු ලැබීමෙන් පසුව, උන්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමට පෙර පැවැති කාදිනල් මහ මණ්ඩල කතිකාවේදී අවධාරණය වුනා. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ වහාම මෙම කාදිනල් කවුන්සිලය පිහිටුවා ප්‍රතිසංස්කරණ ඇරඹුවේ ඒ අනුවයි.(Council of Cardinals) ඉකුත් දා වතිකානයෙදී යළි රැස්වුණා . මහද්වීප පහ නියෝජනය වන පරිදි කාදිනල්හිමිවරුන් අට දෙනෙකුගෙන් යුත් මෙම මණ්ඩලය සසුන් පියාණන් විසින් 2013 අප්‍රේල් මාසයේදී පත් කරන ලද්දේ "රෝම ක්‍යුරියාව " යන නමින් හැඳින්වෙන වතිකාන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහායි.

යල් පැනගිය ඇතැම් වතිකාන ආයතන නිසා බොහෝ ප්‍රමාද දෝෂ සිදුවන බව සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසුඹු ලැබීමෙන් පසුව, උන්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමට පෙර පැවැති කාදිනල් මහ මණ්ඩල කතිකාවේදී අවධාරණය වුනා. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ වහාම මෙම කාදිනල් කවුන්සිලය පිහිටුවා ප්‍රතිසංස්කරණ ඇරඹුවේ ඒ අනුවයි.

බටහිර මාධ්‍යවේදීන් "අටේ කණ්ඩායම" යන ආදර නාමයෙන්.හඳුන්වන මෙම කවුන්සිලය ඉකුත් සති අන්තයේ යළි හමුවී සාකච්ඡා කළා.
ප්‍රතිසංස්කරණ ගැන ඔවුන් ගේ සැලසුම් බොහෝ දුරට අවසන් බවයි වතිකාන මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රිකෝ ලොම්බාඩි ජේ.නි. පියනම කියා සිටියේ. එහෙත් තවමත් සභා නීති කෙටුම්පතක් සකස් කොට නොමැති බව එතුමා සඳහන් කළා.
තවත් වැදගත් දෙයක් මේ සති අන්තයේ සිදුවෙනවා. එනම් සුදොතුම් පියාණන් විසින් නවක කාදිනල් හිමිවරුන් 20 දෙනකු පත්කරනු ලැබීමයි. නවක කාදිනල් හිමිවරුනට "රතු බිරෙට්ටු" පැළඳවීමේ දිව්‍ය පුජා යාගයෙන් පසුව කාදිනල් මහ මණ්ඩලය (College of Cardinals ) පාප්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. එහි දී ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන කාදිනල් කවුන්සිලයේ සම්බන්ධිකාරක හොන්ඩ්යුරාස් කාදිනල්
ඔස්කා රොඩ්රිගුඑස් මරදියාගා හිමිපාණන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති.
ඉතාලි ජාතික ගිසේප්පේ බර්තෙල්ලෝ, චීලියේ ෆ්රැන්සිස්කෝ හවියෙර් ඔස්‌සා, ඉන්දියාවේ ඔස්වල්ඩ් ග්‍රාසියස්, ඔස්ට්‍රියාවේ රෙයින්හාර්ට් මාක්ස්, කොංගෝවේ ලෝරන්ට් පසින්යා, අමෙරිකාවේ ෂෝන් පැට්‍රික් ඔ'මැලි , ඕස්ට්‍රේලියාවේ ජෝර්ජ් පෙල්, සහ හොන්ඩ්යුරාස් හි ඔස්කා මරදියාගා හිමිවරුන් මුලින්ම කවුන්සිලයට පත් කරන ලද කාදිනල් හිමිවරුන් 8 දෙනායි . පසුව 2014 දී වතිකාන රාජ්‍ය ලේකම් පියෙට්‍රෝ පැරෝලින් කාදිනල් හිමිපානන් නව වැනි සාමාජිකයා ලෙස පාප් වහන්සේ විසින් පත් කරනු ලැබුවා.
(CNA -කතෝලික පුවත් ඒජන්සිය.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය