"සභාව දේශනා කරන්නේ නිදහස, දුප්පත්කම ගැන මිස සෞභාග්‍යය ගැන නොවේ." - සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ.

"සභාව දේශනා කරන්නේ නිදහස, දුප්පත්කම ගැන මිස සෞභාග්‍යය ගැන නොවේ." 
"ගැලවීම සහ සමහරු කතාකරන 'සෞභාග්‍යයේ දේවධර්මය' අතර සම්බන්ධයක් නැහැ.ඇත්තවශයෙන්ම සුවිශේෂය දේශනා කරන තැනැත්තන් සරල ජීවිතයක් ගත කළ යුතුයි. ඔවුන් අනුගමනය කල යුත්තේ ජේසු සමිඳුන්ගේ උපදේශය. උන්වහන්සේ කීවේ: ගමනට ආහාර,ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් වැනි කිසිවක් නොගන්න. සැරයටියක් පමණක් ගන්න, කියායි . එබැවින් සුවිශේෂය දේශනා කළ යුත්තේ දිළිඳු ලෙස ජීවත් වෙමින්...... මන්ද ගැලවීම යනු පීඩිත වූ සියල්ලන් වෙත ප්‍රකාශ කෙරෙන සුබාරංචිය නිසාය."
ඊයේ උදැසන සිය නිවහනේ පැවති දිව්‍ය යාගයේ භාවනාව කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මෙහි එන පින්තුර:
(1) ප්‍රැන්සිස් පාප් වහන්සේ සුදොතුම් පිය අභිෂේක දිව්‍ය පුජා යාගයේදී පැළඳ සිටියේත් උන්වහන්සේ ආර්ජන්ටිනාවේදී අව්වට -වැස්සට සැපට-දුකට පාරට -බස් එකට දැමූ දුප්පත් "සපත්තු දෙක"මයි. එය මාධ්‍යවේදියකුගේ කැමරාවේ මෙහෙම සටහන් වුනා.
(2) පාප්වහන්සේ ආර්ජන්ටිනාවේ අගරදගුරුතුමන් සමයේ ගමන් බිමන් ගියේ සාමාන්‍ය ජනයා මෙන් කෝච්චියේ-බස් එකේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය