නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගලාභියා ශුද්ධාසන විද්‍යා ආයතනයට පත් කෙරේ

Pope appoints Nobel Physics laureate as member of the Pontifical Academy of Sciences



(2018 ඔක්තෝබර 22)
ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව සහ අණුක හා  සෛල භෞතවේදය පිලිබඳ මහාචාර්ය ස්ටීවන් චූ මහතා ශුද්ධාසන විද්‍යා ඇකඩමියේ සාමාන්‍ය සාමාජිකයකු ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පත් කරනු ලැබිණි.

මහාචාර්ය ස්ටීවන් චූ  භෞතික විද්‍යාව සඳහා 1997 වසරේ නොබෙල් ත්‍යාගය ලැබූ තිදෙනාගෙන් කෙනෙකි. ඔවුන්ට එම ත්‍යාගය පිරිනැමුණේ "ලේසල් ආලෝකය මගින් පරමාණු ශීත කිරීමේ  සහ ග්‍රහණය කරගැනීමේ ක්‍රම සොයාගැනීම" හේතුවෙනි.

1970 දී නිව් යෝර්ක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ගණිතය සහ භෞතික විද්‍යාව පිලිබඳ උපාධිය ලැබූ ස්ටීවන් චූ, 1976 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ලැබීය. ඔහු පරමාණුක භෞතික විද්‍යාව, ජෛව භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සහ විවිධ බල ශක්ති තාක්ෂණ සම්බන්ධයෙන් පොත් පත් සහ ලිපි රැසක් සම්පාදනය කර තිබේ.

ශුද්ධාසන විද්‍යා ඇකඩමිය  

වතිකානයේ මූලස්ථානය සහිත ශුද්ධාසන විද්‍යා ඇකඩමිය (Pontifical Academy of Sciences) පිහිටුවන ලද්දේ 1963 දී 11 වැනි පියුස් පාප් වහන්සේ විසිනි.

ශුද්ධාසන විද්‍යා ඇකඩමිය ප්‍රධාන ක්ෂේත්‍ර 6 ක් තුළ අධ්‍යයන සහ පර්යේෂණ සිදු කරයි. මූලික විද්‍යාවන්, ගෝලීය ප්‍රශ්න සම්බන්ධ විද්‍යාව සහ තාක්ෂණය, සංවර්ධනය වන රටවල ප්‍රශ්න සඳහා විද්‍යාව, විද්‍යා ප්‍රතිපත්තිය, ජෛව භෞතික විද්‍යාව සහ ඥානවිභාගය එම  ක්ෂේත්‍ර යි.

විද්‍යාව සහ තාක්ෂණයේ ප්‍රතිලාභ වැඩිම ජනතාවක් වෙත ලැබෙන්නට සැලැස්වීම, විද්‍යාව මගින්  මිනිසාගේ මානව සහ සදාචාරාත්මක මානයන් ප්‍රගමනය කිරීම සහතික කිරීම, යුක්තිය හා සාධාරණත්වය, සංවර්ධනය, සහෝදරත්වය, සාමය සහ ගැටුම් නිරාකරණය යන ක්ෂේත්‍ර වලට උදව් කිරීම සඳහා විද්‍යාව යොදා ගැනීම, ඇදහිල්ල සහ තර්කනය අතර අන්තර් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, විද්‍යාව සහ ආධ්‍යාත්මික, සංස්කෘතික, දාර්ශනික සහ ආගමික සාරධර්ම අතර සංවාදය ධෛර්යමත් කිරීම මෙම ඇකඩමියේ අරමුණු අතර වේ.

(සේයාරුව: මහාචාර්ය ස්ටීවන් චූ ) 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය