"සභාව මත මඩ තැවරීමේ අරමුණින් නිරන්තරයෙන් එල්ල කරන චෝදනා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙලා දකියි.

"සභාව අපවිත්‍ර නැත; ඇයගේ දරුවන් අපවිත්‍රය; එහෙත් සභා මව ශුද්ධවන්තය" 

Pope Francis concludes synod by condemning ‘the continuous accusations to smear the church.’
“The church is not dirty. Her children are."



(2018 ඔක්තෝබර 27)
යෞවනයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 27 වැනි සෙනසුරාදා පරිසමාප්තියට පත්විය.

එහි අවසන් සැසිය අමතා කතා කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මැද පෙරදිග කලාපයේ තවමත් හිංසනයට හා පීඩනයට පත්වන කිතුනුවන් ගැන ද සිහිපත් කළේය.

එම හිංසන ගැන අදහස් දක්වන අතර සිය කතා පිටපතින් ඉවත් වූ සුදොතුම් පියතුමා, "තවත් වෙනස් ආකාරයක පීඩනයක් හා හිංසනයක් තිබේ. එනම් සභාව මත මඩ තැවරීමේ අරමුණින් එල්ල කරන චෝදනායි. ඒවා ද දැඩි ලෙස හෙලා දැකිය යුතුය" යි කීවේය.

එතුමා මෙම  දේශනය කරන අවස්ථාවේ ලොව පුරා රටවල් 130 කින් සිනොඩ් කතිකාවට සහභාගී වූ සාමාජිකයන් 350 කට වැඩි සංඛ්‍යාවෙන් එම ශාලාව පිරී තිබුණේය.
"සභාව කිලිටි නැත. ඇයගේ දරුවන් කිලිටිය; එහෙත් (සභා) අම්මා කිලිටි නොවේ. අපේ අම්මා (සභා මව) ශුද්ධවන්තය; එහෙත් ඇයගේ දරුවන් වන අපි පව්කාරයෝ ය. ඉතින්, මහා චෝදනාකරුවා අපගේ පව්කාර බවින් නිතර ප්‍රයෝජන ගනියි," යැයි ඉතා සාවධානව එතුමාට් සවන් දෙමින් සිටි ඔවුන් අමතමින් සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මීට කළින් සැප්තැම්බර් මාසයේ එතුමන් කල දේශනාවක් ඉතා හැඟුම් බරව යලි සිහිපත් කරමින් මෙසේ කීවේය.
"මහා චෝදනාකරුවා (සාතන්) චෝදනා එල්ල කිරීමට මාන බලමින් ලොව වටා කරක් ගසමින් සිටින බව ජොබ් ගේ පොතේ පළමුවන පරිච්ඡේදය අපට කියයි. මේ මොහොතේ ඔහු අපට ඉතා බලවත්ව චෝදනා කරයි. මේ චෝදනාව හිංසාව හා පීඩනයට හරවනු ලබමින් තිබේ."

මේ වාතාවරණය තුළ සභා මාතාව ආරක්ෂා කිරීමේ  වගකීම සෑම විශ්වාසිකයකුටම පැවරී ඇති බව එතුමා සිහිපත් කළේය. එසේ සභා මව ආරක්ෂා කරන්නේ කෙසේදැයි එතුමා පැහැදිලි කළේය:
"මේ, අපේ යාච්ඥා මගින් (සභා) අම්මා ආරක්ෂා කරගැනීමට මොහොතයි."

ඔක්තෝබර මාසයේදී ජපමාලය යදිමින් සභාව යක්ෂයාගෙන් රැක  දෙන ලෙස මරිය මෑණියන්ටත්  ශු. මිඛායෙල් අග්‍රදූත තුමන්ටත් යාච්ඥා කරන ලෙස තමා ලොව පුරා සිටින කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඒ නිසා බව  එතුමා කියා සිටියේය.

"අපි දිගටම නොකඩවා එසේ කරමු. මෙය දුෂ්කර මොහොතක්. මන්ද මහා චෝදකයා  අපගේ පව් මාර්ගයෙන් අපගේ (සභා) අම්මාට  පහර දීමට් උත්සාහ කරමින් සිටියි. එහෙත් අම්මා ස්පර්ශ කිරීමට ඉඩ නොදිය යුතුය" යි එතුමා අවධාරණය කළේය.

ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා මෙම කතාව අවසන් කරනවාත් සමගම  සිනොඩ් සාමාජික සියල්ලෝ  තමන් ඉඳගෙන සිටි අසුන් වලින් නැගිට දැවැන්ත අත්පොලසන් නාදයක් දුන්හ.



 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය