සුදොතුම් පියතුමා උතුරු කොරියාවට? කිම් ජොං උන් ගේ ඇරයුම දකුණු කොරියා ජනපති සුදොතුම් පියතුමාට භාරදෙන ලකුණු

South Korean President to pass along invitation for Pope to visit North Korea: Reports 


(2018 ඔක්තෝබර 09)
උතුරු කොරියාවේ ආඥාදායකයා වන කිම් ජොං උන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට එරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවෙන් ලැබෙන වාර්තා ප්‍රකාශ කරයි. ඔහු මෙම ආරාධනය සුදොතුම් පියතුමන්ට භාරදීමට යන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මගිනි.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මහතා මේ මස 17 වැනිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්විමනේ දී කොරියානු අර්ධද්වීපයට සාමය පතා පැවැත්වෙන දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතයි. එම දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ පැරොලින්  හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි.

ඉන් අනතුරුව ඔක්තෝබර 18 වනදා ජනාධිපති මූන් මහතා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසීමට නියමිතයි. එම හමුවේ දී ඔහු උතුරු කොරියානු නායකයා ගේ ආරාධනය එතුමන්ට භාර දෙනු ඇතැයි දකුණු කොරියා ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කතෝලිකයකු වන දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන්, උතුරු-දකුණු කොරියා රටවල් අතර සාම සාකච්ඡා ඉතා උනන්දුවෙන් ඉහලම ප්‍රමුඛතාවයෙන් හා කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක කළේය. උතුරු ක්‍රියාවේ ආඥාදායක කිම් ජොං උන් ඓතිහාසික පියවරක් තබමින් දකුණු කොරියාවට පැමිණියේ ද ජනාධිපති මූන් උතුරට ගියේද එම කැපවීමෙන් යුතු සාම වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස ය.

දකුණු කොරියා පුවත්පතක් අද වාර්තා කළ අන්දමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා දැඩි උනන්දුවකින් පසුවන බැවින් එතුමනට උතුරු  කොරියාවට පැමිණෙන ලෙස ඇරැයුම් කරන්නයි නායකයන් අතර පැවැති සාකච්ඡා වලදී ජනාධිපති මූන් උතුරු කොරියානු නායකයාට යෝජනා කර ඇතැයි ඔහුගේ  ගේ මාධ්‍ය ප්‍රකාශකයා උපුටා දක්වමින් දකුණු කොරියා පුවත් පතක් අද වාර්තා කළේය.

"එතුමන් අපේ රටට ආවොත් මම ඉතා උද්‍යෝගයෙන් එතුමන් පිලිගන්නවා" යි ඊට පිළිතුරු  වශයෙන් උතුරු කොරියා නායක කිම් පවසා තිබේ.

මේ අනුව ජනාධිපති මූන් ඔක්තෝබර 18 වැනිදා සුදොතුම් පියතුමන් මුණගැසෙන බැවින් දකුණු කොරියාවට පැමිනෙන ලෙස කෙරෙන ආරාධනය ඔහු මගින් භාර දීමට උතුරුකොරියා නායකයා තීරණය කර ඇත.

මේ අනුව මූන් මහතා සහ සුදොතුම් පියතුමන් අතර මෙම හමුව කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිබේ. 

සේයාරුව: උතුරු සහ දකුණු කොරියා නායකයන් 2018 අප්‍රේල් මාසයේ හමුවූ ඓතිහාසික අවස්ථාව 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය