චිලියේ ද්‍යෝෂිත ළමා අපයෝජක පූජකවරයා පූජකත්වයෙන් ඉවත් කෙරේ

Francis removes Chilean abuser Fernando Karadima from priesthood


(2018 සැප්තැම්බර් 29)
ළමා ලිංගික අපචාරවලට වරදකරු වූ චීලි ජාතික ෆර්නැන්ඩෝ කරදිමා පියතුමා කතෝලික පූජකතත්වයෙන් ඉවත් කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නියෝග කරයි. වතිකානය පවසන්නේ නිල බලයෙන් ශුද්ධෝත්තම පියතුමන්ට හිමි "උත්තරීතර  බලය" භාවිතයට ගනිමින් එතුමා මෙම තීරණය ගත්  බවයි.

සභා විසින්  පවත්වන ලද පරීක්ෂණයක දී ළමා ලිංගික අපයෝජන වලට වරදකරු වූ කරදීමා 2011 සිට හුදෙකලා වූ "යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන්" ගත කල යුතු ජීවිතයකට සීමා කර තිබිණි.

"ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ  ෆර්නැන්ඩෝ කරදීමා පූජක තත්වයෙන් ඉවත් කළහ" යයි වතිකානය ඊයේ (සැප්තැම්බර් 28) නිකුත් කල නිවේදනය  ප්‍රකාශ කරයි. "ශුද්ධෝත්තම පියතුමා මෙම අසාමාන්‍ය තීරණය ගෙන ඇත්තේ හර්ද සාක්ෂියට අනුව සහ සභාවේ යහපත වෙනුවෙනි" යි එහි සඳහන් වේ.

331 වැනි ශාසනික නීතිය යටතේ තමන් සතුව ඇති වගකීම සහ "උත්තරීතර" බලය භාවිත කරමින් සුදොතුම් පියතුමා මෙම පියවර ගෙන ඇති බව ද වතිකානය පැහැදිලි කරයි. "මෙම තීරණයට එළඹීමේදී  ශුද්ධෝත්තම පාප් වහන්සේ පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා ලෙස දේව ජනතාව වෙනුවෙන් වූ සිය සේවාව ගැන  සවිඥානිකව, සිය උත්තරීතර, පූර්ණ, ක්ෂණික, සහ සභාවේ විශ්ව  සාමාන්‍ය බලය භාවිත  කර තිබේ," යයි වතිකාන නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

සුදොතුම් පියතුමා සැප්තැම්බර 27 වැනිදා මෙම නියෝගයට අත්සන් තැබුවේය. එය ඒ මොහොතේ සිටම ක්‍රියාත්මක වන බව වතිකානය ප්‍රකාශ කරයි.

සන්තියාගෝ පදවියට අයත් ෆර්නැන්ඩෝ කරදීමා චීලිය පුරාම බලපෑමක් කල හැකි ජනප්‍රිය පූජකවරයකුව සිටියේය. ධර්ම විවේක පැවැත්වීම මෙන්ම සුව මෙහෙයන් නිසා ද ජනාදරයට පත්ව සිටි ඔහු සිය මීසමේ සිට ගිහි ව්‍යාපාරයකට ද නායකත්වය සැපයුවේය. ඔහු පෞද්ගලිකවම පූජකවරය සඳහා කැඳවීම් 40 කට ආසන්න ප්‍රමාණයක් දිනා දුන් බවට ද ගෞරවයට පත්ව සිටියේය.

1984 වන විට ඔහුට එරෙහිව ළමා අපයෝජන පිලිබඳ චෝදනා නැගුනත් එවකට චිලි සභා නායකත්වය ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැත. එහෙත් 2010 වන විට එම චෝදනා බරපතලව නැගුනු බැවින් ඒවා සම්බන්ධයෙන්  චීලි  සභාව මගින් පවත්වන ලද විමර්ශනයෙන් කරදීමා  වරදකරු බවට තීරණය කරනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 දී කිසිදු ප්‍රසිද්ධ කටයුත්තක  යෙදීම කරදීමාට තහනම් කරනු ලැබිණි.  ඊට අමතරව යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන් යුත් ජීවිතයක් ගත කරන ලෙසද ඔහුට නියම කර තිබිණි. එසේම ඔහු විසින් නායකත්වය දෙන ලද දිව්‍ය හර්දයේ පූජක සමාජය නමැති පූජක කණ්ඩායම ද වතිකානය විසින්  තහනම් කෙරිණි.

එසේ වුවද චිලියේ පුජක ළමා අපයෝජන සහ ඒ සම්බන්ධයෙන් සභා නායකත්වය කටයුතු කල ආකාරය ගැන එරට කතෝලික ජනතාව දැඩි නොසතුටට හා කලකිරීමට පත්ව සිටියේය. මෙම තත්වය නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ චීලි අපෝස්තලික සංචාරය ද දඩු අභියෝගයකට ලක්ව තිබිණි.

චීලි රාජ්‍යයේ ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන්  වගකීමෙන් යුතුව ක්‍රියා නොකිරීම ගැන ඉකුත්දා වතිකානයට කැඳවන ලද එරට සමස්ත රදගුරු මණ්ඩලයටම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතා දැඩි ස්වරයෙන් කතා කළේය. ඉන් අනතුරුව එරට සියලු රදගුරු හිමිවරු එතුමාට සිය ඉල්ලා අස්වීම් භාර දුන්හ, ඒ අතරින් ඉල්ලා අස්වීම් 7ක් එතුමන් විසින් දැනටමත් භාරගෙන තිබේ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය