" චෝදනා පත්‍රය කියවා ඔබම විනිශ්චයකට එන්න. මා ඒ ගැන වචනයක් වත් කතා කරන්නෙ නැහැ" - හිටපු වතිකාන තානාපතිවරයා ගේ ප්‍රකාශය ගැන සුදොතුම් පියතුමා වාර්තාකරුවනට කියයි.

Pope Francis dismisses Vigano's accusations of McCarrick cover-up


(2018 අගෝස්තු 28)
තමන් අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන් ආරක්ෂා කල බවට ඇමෙරිකාවේ කිටපු වතිකාන අපෝස්තලික තානාපති කාලෝ විගානි හිමි කල ප්‍රකාශය ප්‍රසිස් සුදොතුම් පියතුමා ප්‍රතික්ෂේප කරයි. එතුමන් කියා සිටින්නේ විගානෝ අගරදගුරු තුමන් ගේ ප්‍රකාශය "එම ප්‍රකාශය වෙනුවෙන්ම කතාකරන" ("speaks for itself.") බවයි.

මාධ්‍ය කරුවන්ට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියේය.

අගෝස්තු 26 වන ඉරිදා සවස අයර්ලන්තයේ සිට ආපසු වතිකානය බලා එන අතර සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස ගුවනේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. ළමා සහ යොවුන් අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඇමෙරිකාවේ තියඩෝර් මැක්කෙරික් හිමියන්ට සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ පනවා තිබු දඬුවම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ඉවත් කරන ලද බවට විගානෝ අගරදගුරු තුමන් කර තිබූ දීර්ඝ ප්‍රකාශයක් ඉකුත් සෙනසුරාදා රාත්‍රී නිකුත් කර තිබිණි. විගානෝ හිමියන් මෙම ප්‍රකාශයෙන්   සුදොතුම් පියතුමාටත් වතිකානයේ කාදිනල් හිමිවරුන් කිහිපදෙනෙකුටත් දැඩි ලෙස චෝදනා කර තිබේ. ඒ චෝදනා අනුව සුදොතුම් පියතුමා ඉල්ලා අස්විය යුතු බව ද විගොනෝ  හිමි පවසා තිබේ.


එම වාර්තාව මෙතනින් කියවන්න: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි

සම්බන්ධ අනෙක් ලිපිය: ළමා ලිංගික අපචාර චෝදනා ලැබූ ඇමෙරිකානු කාදිනල්හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; යාච්ඥාවේ සහ පශ්චාත්තාපයේ ජීවිතයකට නියෝග

හිටපු වතිකාන තානාපති විගානෝ හිමියන් ගේ මෙම ප්‍රකාශය ගැන ගැන මෙම මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෝ සුදොතුම් පියතුමාගෙන්  ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළහ.

"මම අද උදාසන එතුමන් ගේ ප්‍රකාශය කියෙව්වා..." එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එතුමා කීවේය.
"මා එය කියවූවා...ඒ වගේම මම ඉතා අවංකව ඔබට කියනවා ..(ප්‍රශ්නය ඇසු වාර්තාකරුවා දෙස බලමින්), සහ මේ ගැන උනන්දුවක් දක්වන ඔබ හැම දෙනාටම කියනවා. මේ ප්‍රකාශය ඉතා සාවධානව කියවන්න. එසේ කියවා ඔබගේම විනිශ්චයට පැමිණෙන්න. මේ ගැන මා වචනයක් වත් කතා කරන්නේ නැහැ." යි එතුමා කීවේය.

"මා විශ්වාස කරනවා මේ ප්‍රකාශයම තමන් වෙනුවෙන් කතා කරනවා කියා (the statement speaks for itself). ඒ නිසා ඒ ගැන නිගමනයකට පැමිණෙන්නට ඔබගේ පත්‍රකලාවේදී හැකියාව හොඳටම ප්‍රමාණවත් කියාත් මා විශ්වාස කරනවා."යි මාධ්‍යවේදීන්ගෙන් පිරුණු ගුවන් යානය තුළදී සුදොතුම් පියතුමා පැවසුවේය.

"එය විශ්වාසයේ ක්‍රියාවක්. කාලය ගෙවී ගොස්, ඔබ සතුව නිගමන ඇති විට, ඇතැම්විට, ඊටත් වඩා වැඩි දෙයක් මා කියාවි. ඒත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කාර්යය කරන්නට ඔබගේ  වෘත්තීය පරිණතභාවයට ඉඩ දෙන්නට මා කැමතියි," යි එතුමා සඳහන් කළේය.

"ඔබගේම වින්ශ්චයට පැමිණෙන්නැ"යි සුදොතුම් පියතුමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් මාධ්‍ය කරුවෙක් ප්‍රශ්න කළේය.

"මෙය මැක්කෙරික් අගරදගුරු තුමා සමබන්ධ ප්‍රකාශයේ අඩක් පමණයි. එය අධ්‍යයනය කරන්න. ඉන් අනතුරුව මා කතා කරන්නම්," සුදොතුම් පියතුමා ඊට පිළිතුරු දෙමින් කීවේය. "මේ ප්‍රකාශය ගැන මා ඔබගේ විචාරය  බලාපොරොත්තුවෙන් සිටිනවා. .. මා ඊට කැමතියි," යි ද එතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය