"මා 'දුර්ලබ්ධිකයෙක්' යැයි චෝදනා කරන අය වෙනුවෙන් මම යාච්ඥා කරනවා..."- සුදොතුම් පියතුමා - දෙවන කතිකාවට විරුද්ධ බලවේගයක් පවතින බවත් එතුමා පවසයි.

"I am praying for those who call me a heretic" - says Holy Father


(2018 මාර්තු 06)
තමා සමග එකඟ නොවන තැනැත්තන් සමග සාකච්ඡා කිරීමට තමා කැමැත්තෙන් පසුවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "එහෙත් ඒ වෙනුවට ඇතැම් අය 'දුර්ලබ්ධිකයෙක්' (Heretic) යයි නිකරුනේ කෑගසන විට, මෙම ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා.." යි එතුමා සඳහන් කරයි.

"ප්‍රතිරෝධයක් ඇතැයි මටතේරුම් ගිය විට, සංවාදයට ඉඩක් ඇතිබව පෙනී යන්නේ නම්, මම සංවාදයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා....එහෙත් ඇතැම් විරෝධතා පැනනගින්නේ සැබෑ වේද සත්‍යතා පවතින්නේ තමන් සතුව පමණක් බව විශ්වාස කරන කණ්ඩායම් වෙතින්. එසේ සිතන ඔවුන් 'දුර්ලබ්ධිකයන් යයි වෙනත් යට චෝදනා කරනවා....මේ තැනැත්තන් තුළ සහ ඒ තැනැත්තන් කියන හෝ ලියන දේවල් තුළ, ආධ්‍යාත්මික යහපත්බවක් නොමැති  බව මට පෙනී යන විට, මම ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා....මට බොහෝ කනගාටු සිතෙනවා.... එහෙත් මම ඒ හැඟීම තුළ පදිංචි වෙන්නේ නැහැ...." යි එතුමා කියා සිටියේය.

සුදොතුම් පියතුමා  මේ බව කියා සිටියේ ඉකුත් ජනවාරි මාසයේ චීලි රාජ්‍යයේ කල අපෝස්තලික සංචාරය අතරතුර  එරට ජේසු නිකායික පියවරුන් මුණගැසුණු අවස්ථාවේදීය. ජනවාරි 16 වන දා සන්ධ්‍යාවේ චීලියේ සිය සහෝදර ජේසුනුවන් සමග සුහද සන්ධ්‍යාවක් ගත කිරීමේ අවකාශය එතුමා ගේ කාල සටහනින්  වෙන්කරනු ලැබ  තිබිණ. එහිදී එම පියවරුන් සහ සහෝරදරවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එතුමා ඔවුන් සමග පිළිසඳරක යෙදුනේය. එම  පිළිසඳරේ තොරතුරු ජේසු නිකාය විසින් ඉකුත්දා මාධ්‍ය වලට නිකුත් කර තිබිණ.

'සිය ධුර කාලයේදී සුදොතුම් පියතුමන් මුහුණ දුන් ප්‍රතිරෝධ (විරෝධතා) මොනවාද? සුදොතුම් පියතුමන් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?" යනුවෙන් ජේසුනු සාමාජිකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු  දෙමින් සුදොතුම් පියතුමා මෙම පිළිතුර දුන්නේය.

"දුෂ්කරතාවකට මුහුණ දුන් විට මා එය 'ප්‍රතිරෝධයක්' ලෙස හඳුන්වන්නේ නැහැ. මන්ද, එසේ කළහොත්  වටහාගැනීමේ (නිශ්චයකිරීමේ: discernment ) ක්‍රියාවලිය අත්හැර දැමූ බවක් එයින් අදහස් වන නිසා. එසේ කළහොත් එය, ගැටුමට  මැදිවූ   'සත්‍යයේ අංශු මාත්‍රය' බැහැරකිරීමක් වෙනවා" යයි එතුමා කියා සිටියේය. 

මෙහිදී මේ ගැන සාකච්ඡා කිරීමට රුකුලක් වශයෙන් "ඔබ සිතන්නේ කුමක්ද" යි එම තැනැත්තාගෙන් විමසන බව එතුමා පෙන්වා දුන්නේය. "මුලදී  ප්‍රතිරෝධයක් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන් ම වැරදිලෙස තේරුම් ගැනීම නිසා  පැනනැගුනු ප්‍රතික්‍රියාවක් වූ එම තැනැත්තා ගේ අදහස සැබෑ සන්දර්භයට ඇතුළු කරගන්නට මෙය උදව්වක් වෙනවා. මෙහිදී ඇතිවන් සංවාදයේදී  ඇතැම් කරුනු  වඩාත් හොඳින් පැහැදිලි කිරීමටත්, වඩා හොඳින් තේරුම් කිරීමටත් අවස්ථාව  ලැබෙනවා..." එතුමා සඳහන් කළේය. මෙසේ පැහැදිලි කිරීමේදී එම පුද්ගලයන් ට වඩා හොඳින් තේරුම් ගැනීමටත් හැකියාව ලැබේ.

එහෙත් ඇත්තවශයෙන්ම ප්‍රතිරෝධයක් ඇතිවූ සිට තමාට කනගාටු සිතෙන බව සුදොතුම් පියතුමා කීවේය. "වෙනස් වීමට ප්‍රතිරෝධයක් දැක්වීම ජීවිතයේ කිසියම්ම  හෝ අවස්ථාවක අත්දැක  තිබෙන දෙයක්" එතුමා පෙන්වා දුන්නේය.

දෙවන වතිකාන කතිකාවට දැක්වූ ප්‍රතිරෝධය (විරෝධය)

"අලුත් දෙයක් නොවේ. දෙවන වතිකාන කතිකාව දැක්වූ ප්‍රතිරෝධය ඇත්තෙන්ම සිදු වූ දෙයක්. එම කතිකාව  'සාපෙස්ක්ෂකරණය' කිරීමටත් එහි බලය 'දිය කර හැරීමටත්' උත්සාහ කරනු ලැබුවා" යි සුදොතුම් පියතුමා සභා ඉතිහාසයේ වැදගත්ම කතිකාවකට එල්ල වූ විරෝධතා මතක් කරමින් කියා සිටියේය.

එතුමා කියා සිටියේ එම ඊනියා ප්‍රතිරෝධතා ගැන තමා දන්නා නමුත් චිත්ත සාමය පවත්වාගැනීම සඳහා එම වෙබ් අඩවි තමා නොකියවන බවයි. ඔවුන් වෙනුවෙන් තමා යාච්ඥා කරන බව ද එතුමා සඳහන් කළේය.

මෙම කතාවේපසුබිම 

භා. සවැනි පාවුළු පාප් වහන්සේ මෑත  ඉතිහාසයේ සභාව තුළින්ම ප්‍රබල ප්‍රතිරෝධයකට මුහුණ දුන්  සුදොතුම් පියතුමා බව සභා ඉතිහාසවේදීහු පෙන්වා දෙති.  ශුද්ධ ලියැවිල්ල හා සභා සම්ප්‍රදාය මත පිහිටා කතෝලික සභාවනව  යුගයට අවතීර්ණ කිරීමට  උත්සාහ දැරූ එතුමනට සභාවේම ඉහලම කොටස්  වෙතින් දැඩි  විරෝධතා එල්ල විය. මෙම විරෝධතා එල්ල කලේ  වෙනස් වීමට ප්‍රතිරෝධයක් දක්වන සභාවේ අන්ත සම්ප්‍රදායවාදී කොටස් විසිනි. ඇතැම් විචාරකයන් මෙම කොටස් හඳුන්වන්නේ සභාවේ "අන්තරාවර්තිත" කණ්ඩායම ලෙසය. එනම් සභාව  තුළටම නැඹුරු වූ දැඩි මත ධාරීන්ය.

එම කොටස්වෙතින් ඊටත් වඩා වැඩි ප්‍රතිරෝධයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ සභා ප්‍රතිසංස්කරණ වෙත එල්ල වී තිබේ. සැලසුම් කල තරම් කඩිනමින් සභා ප්‍රතිසංස්කරණ  කිරීමට එතුමනට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.

මෙම කොටස් සුදොතුම් පියතුමන් දුර්වල කිරීම සඳහා දැන් භාවිත කරන ආයුධය නම් එතුමා දුර්ලබ්ධිකයකු නොහොත් දුර්මතධාරියකුය  යන්නයි. මෙහි අදහස එතුමා සභාවේ වේද සත්‍යතාවලට එරෙහිව කතා කරන්නකු හෙවත් එම වේද සත්‍යතා වලට පටහැනි දේ උගන්වන්නකුය යන්නයි. මේ සඳහා ඔවුන් භාවිත කරන්නේ දික්කසාද වී යලි සිවිල් විවාහ කරගත් කතෝලිකයන්ට නිසි හර්ද සාක්ෂ්‍ය හැඩගැස්වීමේ ක්‍රියාමාර්ගයකින් පසුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා දීම ගැන අදාළ රදගුරු හිමිවරුන්ගේ ද අනුමැතිය ඇතිව අදාළ මීසම් පියවරුන්ට හැකිබවට "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික ලේඛනයේ සුදොතුම් පියතුමා කර ඇති සටහනයි. ඔවුන් මෙසේ කරන්නේ තවත් උගත් සහ සිල්වත් කාදිනල් හිමිවරුන් රැසක් මෙම ලේඛනයේ සමස්ත අදහස ගැන පැහැදිලිව මත ප්‍රකාශ කරමින් සිටියදීය.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය