පාප් වහන්සේත් "එපා!" කියද්දී ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස ඇමෙරිකාව ඒකපාර්ශවිකව පිළිගනියි ; ලෝකයම දැඩි අනතුරකට හෙලයි

Tramp declares Jerusalem the Capital of Israel, despite Pope's plea to avoid this decision 

සුදොතුම් පියතුමා ජෙරුසලෙමේ 'වැලපෙන පවුර' අසලදී 

(2017 දෙසැම්බර් 6)
ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඒකපාර්ශවිකව ප්‍රකාශයට පත් කළේය. නිල වශයෙන් මෙය ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේ  කලින් ඇමෙරිකා ජනාධිපති වරුන්  මැදපෙරදිග වෙනුවෙන් අනුගමනය කල ක්‍රියාමාර්ග අසාර්ථක වූ නිසා මෙය තමන් ගේ "අලුත්ම අලුත් සිතිවිල්ලක්" බවයි. එසේමavoid දැන් ඊශ්‍රායෙලයේ ටෙල්අවීව් හි ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බව ද ඔහු කියා සිටියේය.

මෙය ඇමෙරිකාවේ දේශානුරාගී චන්ද දායකයන් පිනවීමට ට්‍රම්ප් ගත්  තවත් අදුරදර්ශී පියවරක් වන අතර එහි ආදීනව දැන් දැන්ම ලැබෙමින් පවතියි. මැදපෙරදිග සිටින ඇමෙරිකාවේ සහ බටහිර රටවල මිතුරු රටවල් මේ නිසා බොහෝ අසහනයට පත්වී සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් අන්තවාදී සංවිධාන තව දුරටත් ශක්තිමත් වීමේ අනතුර ද හටගෙන තිබේ.

ට්‍රම්ප් ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගත්තේ එම තීරණය නොගන්නා ලෙස බටහිර රටවල්  රැසක්  ඔහුගෙන් ඉල්ලා තිබියදීය. මෙවැනි තීරණයක් නිසා මැදපෙරදිග සාමයට සහ ඊශ්‍රායෙල්-පලස්තීන සාම ක්‍රියා මාර්ගයට බාධා සිදුවනු ඇති බවට ද ඔවුන්  අනතුරු අඟවා තිබිණ.

මෙම තීරණය ගැනීමෙන් වැළකී සිටින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉතා බැගෑපත් ආයාචනයක් කරමින් ඉල්ලා සිටියේය. එතුමා මෙම ආයාචනය කලේ සිය බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනයෙන් පසුව වෙනම විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙම ප්‍රකාශයේ එතුමා පුද්ගලයකු ගේ නම සඳහන් කර නොතිබුනත් එය ඉලක්ක කරන ලද්දේ ට්‍රම්ප්ට බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

එක්සත් ජාතීන් ගේ අදාළ ප්‍රඥප්තීන්ට අනුකුලව ජෙරුසලෙමේ වත්මන් තත්වයට ගරු කරන්නැයි ලෝකයේ සියලු නායකයන් ගෙන් ඉල්ලා සිටින බව එතුමා සිය ප්‍රකාශයෙන් කියා සිටියේය. " මේ වන විටත් විවිධ වූ කුරිරු ගැටුම් වලින් කම්පනය වී තුවාල වී තිබෙන මම ලෝකයට අළුතින් තවත් නොසන්සුන්තා එකතුකිරීම  වැලැක්වීම සඳහා ප්‍රඥාවෙන් හා නැණනුවනින් කටයුතු කරන්නැයි ආදාල පාර්ශව වෙතින් ඉල්ලා සිටින බවද එතුමා පැවසුවේය. 

ජෙරුසලෙම පිලිබඳ ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් වීමට යන බවට ඇති  වාර්තා කෙරෙහි සිය දැඩි සැලකිල්ල යොමු වී ඇති  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "මෙම තත්වය කෙරෙහි මා තුළ ඇති දැඩි සැලකිල්ල ගැන මට නිහඬව සිටිය නොහැකිය. ...ජෙරුසලෙම ජුදෙව්, කිතුනු සහ මුස්ලිම් යන ත්‍රිවිධ ධර්මයනටම පරිශුද්ධ වූ අසමසම ස්ථානයකි. එහි මේ සියලු ආගමිකයනට හුදු වූ පුජනීය ස්ථාන තිබේ. එසේම එම නගරයට සාමය සඳහා වූ සුවිශේෂී කැඳවීමක් ද ඇත. ...ශුද්ධ වූ දේශය, මැදපෙරදිග සහ සමස්ත ලෝකයේ ම   යහපත සඳහා එම අනන්‍යතාව තහවුරු කොට ශක්තිමත් කරන්නැයි මම සමිඳුනට යාච්ඥා කරමි" යි පොදු හමුවට රැස්ව සිටි වන්දනාකරුවන් අමතමින්  සුදොතුම් පියතුමා කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය