සුදොතුම් පියතුමාට දයා කරුණාව ගැන පාඩමක් වූ ගණිකා ලඳ ගේ කතාව

How a prostitutes story taught Pope Francis the meaning of mercy

සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ ෆිලී සිරගෙදර දී තම ආසනය සෑදු රැඳවියන්ට "Thumbs-up" දුන් අවස්ථාව  

(2016 ජනවාරි 14)

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ආජන්ටිනාවේ මීසම් සේවක  පියතුමකු ලෙස සේවය කරන සමයේ තම මීසමේ සිටි තම සැමියා විසින් අත්හැර දමන ලද දරුවන් කිහිප දෙනෙකුගේ මවක් හඳුනාගෙන සිටියේ ය.

ඇය රැකියාවක් සොයා ගන්නට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. කුඩා රැකියා ද දුලබ විය. මේ නිසා  ස්ථිර ආදායම් මාර්ගයක් ඇයට තිබුනේ නැත. එහෙත් කෙසේ හෝ සිය දරුවන් ගේ කුසගිනි නිවිය යුතුව තිබුනේ ය. ඔවුන් ගේ බේත් හේත්, ඇඳුම් පැළඳුම් හා අධ්‍යාපනයටද වියදම් කල යුතුව තිබිණි. මේ අනිවාර්ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආදායමක් සොයා ගැනීමට ඇය යොමු වූයේ අසරණ වන කාන්තාවන් අවසානයේ දී යොමුවන රැකියාවට ය. සිය සිරුර විකිණීමට ය.

ටික කලකට පසු මේ මව ප්‍රදේශයේ දෙව් මැදුරට ද ගියා ය. මේ මව ගේ දුප්පත් කම හා අසරණකම දැනගත් මීසම් සේවක පියතුමා සිය ගිහි දූත සේවාවල සහාය ලබා ගෙන ආහාර හා වෙනත් අවශ්‍ය දෑ ලබා දීමෙන් ඇයට උපකාර කලේ ය. 

නත්තල් ආසන්නයේ දිනක් මේ කාන්තාව මීසම් සේවක පියතුමා - හොර්හේ බොර්ගෝලියෝ  පියතුමා- හමුවන්නට ගියාය. හොර්හේ පියතුමා (දැන් පාප් වහන්සේ) සිතුවේ ඇය  පැමිණෙන්නේ මීසම ඇය වෙත යැවූ උපකාර ගැන කතා කරන්නට විය හැකි බවය. "අපි එවපු උපකාර ලැබුන ද?" පියතුමා ඇසුවේ ය. " ඔව්. ඒව ලැබුන. ඒවාට හුඟක් ස්තුතියි. ඒත් ඊටත් වඩා ස්තුති කල යුතු දෙයක් තියෙනව" ය කීවේය. " ඒ මොනවටද? " පියතුමා යලිත් විමසුවේය. "ඔබතුමා මට 'සිඥෝරා' කියා අමතන එක කවදාවත් නැවැත්තුවේ නැහැ. මම ආවෙ ඔබ ගේ ඒ කරුණාවන්ත කමටත් ස්තුති කරන්න" යැයි ඒ මව කීවාය.

මේ හද බැඳෙන සිද්ධිය එන්නේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සම්බන්ධයෙන් නිකුත් වූ අලුත්ම ග්‍රන්ථයේ ය. "The Name of God is Mercy" හෙවත් "දෙවි සමිඳාණන් ගේ නම දයාවයි" නමැති මෙම පොතේ කර්තෘවරයා ඉතාලි ජාතික පුවත්පත් කලාවේදී ඇන්ඩ්රියා ටොර්නියෙල්ලි ය. ටොර්නියෙල්ලි මෙම පොත රචනා කලේ කරුණාව, දයාව හා සමාව දීම යන විෂයන්ට අදාලව මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සමග කළ සම්මුඛ සාකච්ඡා පාදක කර ගනිමිනි. විශේෂයෙන් ම දයාවේ වසර ඉලක්ක කර ගනිමින් මෙම සාකච්ඡා සිදු කල බව ඔහු කියයි. ටොර්නියෙල්ලි පවසන්නේ මෙම සාකච්ඡා මගින් "ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ හදවතත් දැක්මත්" හෙළිදරව් වන බවයි.

ආපසු කතාව වෙත හැරෙමු.

මෙම අත්දැකීම එදා මීසම් සේවක හොර්හේ පියතුමාගේ - අද ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ- සිතට තදින්ම කා වැදුනු බව ටොර්නියෙල්ලි පවසයි. එයින් එතුමා උගත් පාඩම නම්, කවර තරාතිරමකට අයත් වුවත්, කවර ජීවිත තත්වයක සිටියත්, සෑම මානව පුද්ගලයකුටම ගෞරවයෙන් හා දයා කරුණාවෙන්  සැලකිය යුතු බවයි.

"මෙවැනි අත්දැකීම් අපට උගන්වන්නේ මිනිසුන් ගේ ගෞරවයට හානි නොකොට, සිත් තුවාල නොකර, සියුම්ව, පරෙස්සමින් ඔවුන් උණුසුමින් පිළිගතයුතු ආකාරයයි" යයි එම පොතේ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"මේ මව සිතන්නට ඇති, රැකියාවක් නොමැති කාලයේ  ඇය ජීවිතය ගත කල අන්දම මේ මීසම් සේවක පියතුමා ඇතැම් විට දැන සිටින්නට ඇත කියා.මේ තත්වය තුළ පවා, එම පසුබිම නොතකා,  පියතුමා ඇයට වෙනසක් නැතිව 'සිඥෝරා' කියා ඇමතීම, ඇයට අප ලබා දුන් ද්‍රව්‍යමය ආධාර තරමටම - නැතිනම් ඊටත් වඩා- වැදගත් වන්නට ඇති"  යැයි එතුමා පෙන්වා දෙයි.

"The Name of God is Mercy"නමැති මෙම පොත ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දයා කරුණාවේ සහ සමාවේ දැක්ම කෙරෙහි ගැඹුරින් එබී බලයි. එය පරිච්ඡේද නවයකින් සමන්විතය. ඒවාට ඇතුළත් වන්නේ ටොර්නියෙල්ලි ඇසූ ප්‍රශ්න සහ පාප් වහන්සේ දුන් පිළිතුරුයි. එහි සාකච්ඡා කෙරෙන සෙසු මාතෘකා අතර, "විනිශ්චය කරන්නට මා කවරෙක් ද?" යන පාප් වහන්සේ ගේ ප්‍රකාශයේ පසුබිම, සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය), දයාවේ වසර පිලිබඳ පාප් වහන්සේ ගේ අපේක්ෂා සහ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවට විවෘත වන්නේ කෙසේ ද යන ඒවා ද වෙයි.

තමා පාප්වහන්සේ සමග මෙම සම්මුඛ සාකච්ඡා කලේ තමන් තුළ වූ කුතුහලය නිසා බව ඇන්ඩ්රියා ටොර්නියෙල්ලි කියයි.ඔහු පවසන්නේ දයා කරුණාව හා සමාව ගැන පාප් වහන්සේගේ ඇතුළාන්ත අදහස් දැනගැනීමට තමාට අවශ්‍ය වූ බවයි.  සම්මුඛ සාකච්ඡාවල අන්තර්ගත ගණිකාවක වූ මෙම තරුණ මව ඇතුළු කතාවලින් පාප් වහන්සේ හෙළිදරව් කරන්නේ සෑම මිනිසකු සම්බන්ධයෙන් ම වැදගත් දේ වන්නේ කිසි දා (පාපයට) නොවැටී සිටීමට උත්සාහ කිරීම නොවන බවයි. වඩාත් වැදගත් වන්නේ වැටුනත්, වැතිරී නොසිට, යළි නැගී සිටීමයි.

තමා පාප්වහන්සේ සමග මෙම සම්මුඛ සාකච්ඡා කලේ තමන් තුළ වූ කුතුහලය නිසා බව ඇන්ඩ්රියා ටොර්නියෙල්ලි කියයි.ඔහු පවසන්නේ දයා කරුණාව හා සමාව ගැන පාප් වහන්සේගේ ඇතුළාන්ත අදහස් දැනගැනීමට තමාට අවශ්‍ය වූ බවයි.  සම්මුඛ සාකච්ඡාවල අන්තර්ගත ගණිකාවක වූ මෙම තරුණ මව ඇතුළු තවත් අත්දැකීම්වලින්  පාප් වහන්සේ හෙළිදරව් කරන්නේ සෑම මිනිසකු සම්බන්ධයෙන් ම වැදගත් දේ වන්නේ, කිසි දා (පාපයට) නොවැටී සිටීමට උත්සාහ කිරීම නොවන බවයි. වඩාත් වැදගත් වන්නේ වැටුනත්, වැතිරී නොසිට, යළි නැගී සිටීමයි.

"මන්ද , අප ජීවත්ව සිටින තාක් කල්, අපට යළිත් අලුතෙන් පටන් ගන්න පුළුවන්. අපට කරන්නට ඇත්තේ එකම දෙයයි. එනම් ජේසු සමිඳුන්ට අප වැළඳගෙන අපට සමාව දීමට ඉඩ දීමයි" සුදොතුම් පියතුමා එම සාකච්ඡාවේ දී පවසයි.

"ඖෂධ තිබෙනවා. සුව සහනය තිබෙනවා. අවශ්‍ය වන්නේ අප දෙවියන් වහන්සේ වෙත කුඩා පියවරක් තැබීම පමණයි. එහෙම නැති නම් අවම වශයෙන් එවැනි පියවරක් ගැනීමට අප තුළ ඇති ආශාව ප්‍රකාශ කිරීම පමණයි." එතුමා පෙන්වා දෙයි. "එවැනි ඉතාම කුඩා පියවරක් වුනත් ප්‍රමාණවත්." 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය