සුදොතුම් පියතුමා ජයන්ති වසරේ දයාවේ ක්‍රියා මාලාවකට මුලපුරයි

Holy Father kicks off a series of acts of mercy in the Jubilee Year 

සුදොතුම් පියතුමන් සෙනෙහසින් පිළිගත් වැඩිහිටියෝ 

(2016 ජනවාරි 18)
කිසිවකු බලාපොරොත්තු නොවන වෙලාවල කවුරුත් නොසිතන දේ කරන ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සිකුරාදා (ජනවාරි 15) තවත් එවැන්නකට මුල පිරූහ.

දැන් උදා වී ඇති ජයන්ති වසරේ සෑම මාසයකටම  වරක් තමන් ශාරීරික දයාවේ ක්‍රියාවක හෝ ආත්මික දයාවේ ක්‍රියාවක යෙදෙන බවට එතුමා පසුගිය මාසයේ ඉඟි කොට තිබිණි. එය යතාර්ථයක් බවට පත් කොට, වසර පුරා දිවෙන දයාවේ ක්‍රියා මාලාවකට මුලපුරමින්, රෝමය තදාසන්නයේ පිහිටා ඇති බෘනෝ බූස්සි විශ්‍රාමික නිවාසයට එතුමා ඉකුත් සිකුරාදා ගියේය. පාප් වහන්සේ එහි ගියේ නව ධර්මදානය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා කාදිනල් හිමිපාණන් ද සමග ය. (දයාවේ ශුද්ධ වසරේ වැඩසටහන් සංවිධාන කරන්නේ නව ධර්මදානය පිලිබඳ මන්ත්‍රණ සභාවයි.) ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ 33 දෙනෙක් මෙම විශ්‍රාමික නිවාසයේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිති. පාප් වහන්සේ එහි පමිනේනෙන තෙක් ඒ කිසිවකු මේ ගැන දන සිටියේ නැත.

විශ්‍රාමික නිවාසයට ගිය පාප් වහන්සේ එහි නිවැසි සෑම කෙනෙකු සමගම ටික වෙලාවක් කතා කළහ.

ආපසු වතිකානයට එන අතරතුර සුදොතුම් පියතුමා "Casa Irde" නමැති සාත්තු නිවාසයට ද හදිසියේ ගියේය. 'කෝමා' තත්වයට පත් වී 'සත්ත්ව හැඟීම් දැනීම් නොමැති' අවධියේ  (vegetative state) පසුවන පුද්ගලයන් සිව්දෙනෙකු සිය පවුලේ සාමාජිකයන් ද සමග මෙහි සිටින අතර, මෙම නිවාසයේ දී ඔවුනට අවශ්‍ය භෞතික, මානසික හා ආධ්‍යාත්මික සහාය සපයනු ලැබේ. සුදොතුම් පියතුමා ඔවුන්ටද සැනසිලි වචනයෙන් සංග්‍රහ කරමින් මඳ වෙලාවක් එහි ගතකල බව වතිකාන ආරංචි මාර්ග කියයි.

පාප් වහන්සේගේ මෙම හදිසි ගමනින් පසු නිකුත් කෙරුණු වතිකාන ප්‍රවෘත්ති නිවේදනය පවසන්නේ මේ මගින් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරන්නට එතුමන්ට අවශ්‍ය වූ බවයි. වයස්ගත පුද්ගලයන් ගේ සහ අපේ ආච්චිලා සහ සීයලාගේ වැදගත්කම ඉන් එක් කරුණකි. ඒ හා සමාන අනෙක් වැදගත් කරුණ නම්, ජීවිතයේ කවර අවධියක හෝ තත්ත්වයක පසු වූවත් ජීවිතයක ඇති වටිනාකමයි. අපගේ ආච්චිලාට සහ සීයලාටත් සියලුම වියපත් වූ අයටත් ආදරයෙන් සැලකිය යුතු බව ප්‍රැන්සිස් පාප් වහන්සේ කිහිප වතාවක්ම පවසා තිබේ. ඔවුන් 'කසල' සේ  ඉවත ලෑම පාපයක් බව පසුගිය වසරේ පොදු හමුවක දී ද එතුමා අවධාරණය කළේය. එසේම පිළිසිඳ ගැනීමේ සිට ස්වාභාවික මරණය දක්වා ජීවිතයක ඇති වටිනාකමට ගරු කල යුතු බව ද එතුමා පෙන්වා දී තිබේ.  ජීවිතයක ඇති වටිනාකම පිළිබඳව එතුමා මෙලෙස සාක්ෂි දරන්නේ, අධික වේදනාවෙන් හෝ රෝගී තත්වයෙන් හෝ පෙලෙන කෙනෙකුට වෛද්‍යවරයකු ගේ ආධාරය ඇතිව සිය දිවි හානි කරගැනීමට 'අයිතිය'  (assisted suicide) නීතිගත කිරීමට උතුරු අමෙරිකාවත් යුරෝපයත් කටයුතු කරමින් සිටින වකවානුවකය.

" 'මෘදුබවේ විප්ලවය' මේ දයාවේ ශුද්ධ වසර තුළ අප වගා කර ඵල නෙලා ගත යුතු බීජයයි.ඒ මෘදුබව නම් දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකු වෙතම දක්වන කරුණාවේ මෘදුබවයි" යැයි දයාවේ ශුද්ධ වසරේ නිල වෙබ් අඩවියට ඉකුත් දෙසැම්බර මාසයේ පාප් වහන්සේ පවසා තිබිණි.

ධර්මෝපදේශ පන්ති හෝ දහම් පාසල් යන සමයේ ඉගෙනගත් (දැන් අමතක) ශාරීරික හා ආත්මික පුණ්‍ය ක්‍රියා යලි මතක් කර ගැනීමට කාල පැමිණ තිබේ

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය