"ජිහාඩ් ත්‍රස්තවාදීන්ට වෛර නොකරන්න. ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්න." ආධ්‍යාත්මික ලේඛක පියනමක ගේ අනාවැකිය

A spiritual writer-priest:"Pray for Jihadists' conversion. Next 'St. Paul' is among them" 


(2016 ජනවාරි 24)

ප්‍රචණ්ඩත්වය නවත්වන්නට අවශ්‍ය ද? ප්‍රචන්ඩකාරීන් වෙනුවෙන් යාච්ඥා කරන්න. අන්තවාදී ජිහාඩ්වාදී සටන්කාමීන් පරාජය කරන්නට අවශ්‍ය ද? නිසැකවම ඊට පිළිතුර "ඔව්" යන්නයි. එසේ නම් ඔවුන්  පරාජය කිරීමට අපිත්  මානව සංහාරක අවි රැගෙන සටන් බිමට යමුද? "නැහැ" ප්‍රංශ ජාතික නව නිකායක පියතුමෙක් කියයි. "අපි ජිහාඩ්වාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් යාච්ඥා කරමු. අනාගත සාන්ත පාවුළු අපොස්තුළුවරයා ඔවුන් අතර සිටිය හැකියි" එම පියතුමා පෙන්වා දෙයි.

මෙසේ පවසන්නේ ප්‍රංශ ජාතික ආධ්‍යාත්මික ලේඛකයකු වන ජාක් ෆෙලිපේ පියතුමාය. එතුමා භාග්‍යවැකි  නිකායේ (Community of the Beatitudes) ප්‍රථම පියතුමා ය. මෙම නිකාය කාමලයිට් අධ්‍යාත්මික මග අනුව යමින් පිහිටුවන ලද පැවිදි (කැපවුණු) නිකායකි. ඇමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් හි ශාන්ත තෝමස් මුවර් සරසවියේ කුලපති ජේම්ස් පාහේ පියතුමා සමග කල සම්මුඛ සාකච්ඡාවක දී ෆෙලිපේ පියතුමා මෙම අදහස් ප්‍රකාශ කර තිබිණි.

"ජිහාඩ් යුදවාදීන් ගේ සිත් හැරීම වෙනුවෙන් අපි යාච්ඥා කල යුතුයි. නිශ්චිත වශයෙන් ම අනාගත ශු. පාවුළු අපෝස්තුළුතුමා ඔවුන් අතර සිටිනවා..." ෆෙලිපේ පියතුමා අවධාරණය කළේය. (මෙය කියවන ඔබ දන්නා අයුරින් සිත් හැරීමට කලින් සාවුල් නම් දැඩි මතධාරී  රෝමානු ජුදෙව් උගතකු වූ පාවුළු තුමා, මුල්කාලීන කිතුනුවන් ජීවත් වන තැන්  හඹා ගොස් ඔවුන් රැගෙනවිත් සිරගත කොට වද හිංසා කළේය. ප්‍රථම කිතුනු ප්‍රාණපරිත්‍යාගීවරයා  වූ ස්තෙවන් නම් තරුණයා ගල් ගසා මරා දමන අවස්ථාවේ එය අනුමත කරමින් සාවුල් ඒ අසල සිටියේ ය. එහෙත් ජේසු සමිඳුන් විසින් ඔහු සිය දූත මෙහෙවර සඳහා තෝරා ගනු ලැබූ පසුව 'පාවුළු' නමින් බව්තීස්මය ලත් සාවුල් එකල දැන සිටි ලෝකයේ අස්සක් මුල්ලක් නැතිව සංචාරය කලේ ය.)

"ඉස්ලාමීය ත්‍රස්තවාදය දැඩි තර්ජනයක්. දැඩි අනතුරක්." ෆෙලිපේ පියතුමා කීවේය. "එහෙත් අප එම බියෙන් මුසපත් වියයුතු නැහැ. ඒ වගේම ඔවුන් ගේ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාරය විය යුත්තේ ප්‍රචණ්ඩත්වය නොවෙයි. වෛරයෙන් හෝ ප්‍රචණ්ඩකාරීව ඔවුන්ට පිළිතුරු දීම වැරදියි" එතුමා අනතුරු ඇඟවීය.

ඒ වෙනුවට අපේ රැකවරණයත් ප්‍රචණ්ඩත්වයට පිළිතුරත් අප සෙවිය යුත්තේ සෙවිය යුත්තේ කවර බලවේගයක් තුළ දැයි පියතුමා පෙන්වා දුන්නේය:

"මේ ප්‍රචණ්ඩත්වය, හිංසාව සහ යුද ගිණි අපට පෙන්වන්නේ මානව අපගේ බිඳෙනසුළු බවයි. අපගේ සමාජයේ මෙම  බිඳෙනසුළු බව අපට කතා කර කියන්නේ  අප අපගේ රැකවරණය, බලාපොරොත්තුව සහ සාමය දෙවියන් වහන්සේ තුළ සෙවිය යුතු බවයි. සුබ අස්න මත පදනම් වූ ජීවිතයක් ගත කරමින් එම ජීවිතයෙන් සුබ අස්න ප්‍රකාශ කිරීම සඳහා අප, අප තුළත් පෞද්ගලික සිත් හැරීමක් ඇති කර ගත යුතුයි.මන්ද මානව හදවතින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය හැක්කේ සුබ අස්නට පමණයි."

පියතුමා තවත් අනතුරු ඇඟවීමක් ද කළේය.: "අප තවත් වැදගත් දෙයක් අමතක නොකළ යුතුයි. ත්‍රස්තවාදය තිබෙන්නේ අනෙක් අය තුළ පමණක් නොවෙයි. එය අප තුළත් පවතිනවා. එතරම් පෙනෙන්නට නැති වුනත් එය පවතිනවා" එතුමා කීවේය.

ජාක් ෆෙලිපේ පියතුමා ගේ මෙම අදහස සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ස්ථාවරය ප්‍රතිරාවය කිරීමක් වැන්න සමාව දීම, දයා කරුණාව හා යාච්ඥාව මගින් සිත් මාරුවක් සිදු කල හැකි බව ඉකුත් දෙසැම්බර 26 වැනිදා ශාන්ත ස්තෙවන් තුමන් ගේ මංගල්‍ය දින එතුමා මෙසේ  පෙන්වා දුන්නේ ය.

"පාවුළු තුමා උපත ලැබුවේ දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් සහ ස්තේවන් තුමා ගේ සමාව දීමෙන් බව අපට කිව හැකියි. අප ද උපත ලබන්නේ දෙවියන් වහන්සේ ගේ සමාවෙනි. ප්‍රසාද ස්නාපනයේදී පමණක් නොව අපගේ  පාපවලට සමාව ලැබෙන සෑම මොහොතකම අපගේ හදවත් යළි උපත ලබයි. ක්‍රිස්තුන් වහන්සේ අනුකරණය කිරීමේ මාර්ගය සාන්ත ස්තෙවන් තුමා සේ යාච්ඥා කිරීමයි."

වැඩිදුර කියවන්න: "සමාව දීම: ලොව සුවපත් කොට ඉදිරියට යා හැකි මාර්ගය" - සාන්ත ස්තේවන් මංගල්‍ය දින සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

2015 ශුද්ධ වූ සතිය පැවැත්වුනේ මැදපෙරදිග සහ ආසියාවේ කිතුනුවන් ඉලක්ක කරගනිමින් අකාරුණික හා අමානුෂික ප්‍රහාර රැසක් එල්ල වූ සමයකය. මේ නිසා කිතුනු ලෝකය බොහෝ සේ කම්පනයට පත්ව සිටියේ ය. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පාප් වහන්සේ සිදුකල මහ සිකුරාදා දුක්ප්‍රාප්ති මෙහෙයේ දී ද මෙම වේදනාව හා කම්පනය ප්‍රකාශයට පත්විය.

එහෙත් එදින පාප් වහන්සේ වෙනුවෙන් එම මෙහෙයේ ධර්ම දේශනය පැවැත්වූ කැපුචින් නිකායික රැනෙයිරෝ කැන්ටලමෙස්සා පියතුමා අවධාරණය කලේ ප්‍රචණ්ඩත්වයට පිළිතුර ප්‍රචණ්ඩත්වය නොවන බවයි:

"ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ නැවුම් ආකාරයක ජයග්‍රහණයක් හඳුන්වා දුන්නා. සාන්ත අගෝස්තීනු තුමා එය වචන තුනකින් සාරාංශ කරනවා: "Victor quia victima ": එනම් ජයග්‍රාහකයා ගොදුර බවට පත්වීමයි. ක්‍රිස්තුන් වහන්සේ ගේ සැබෑ ප්‍රාණපරිත්යාගීන් මිය යන්නේ අත් මිට මොළොවා ගෙන නොවේ.යාච්ඥාවෙන් දෑත් වැඳගෙනයි. මෑතක දී අපට මේ පිලිබඳ ආදර්ශ රැසක් ලැබුනා.ඉකුත් පෙබරවාරි 21 වන දා සිරියාවේ දී ISIS  විසින් බෙල්ල කපා මරා දමන ලද කොප්ටික්  කිතුනුවන් 21 දෙනාට ජේසු ගේ නම මුමුනමින් පන පිදීමට ශක්තිය දුන්නේ ක්‍රිස්තුන් වහන්සේ යි."

ඒ කතාව තව කියවන්න: "දුප්පත්කම, අයුක්තිය , දුබලයින් සූරාකෑම තුළ ජේසු තවමත් දුක් විඳිනවා. මේ නිදන්නට කාලය නොවේ!" - මහ සිකුරාදා දේශනය

(CNA)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය