"අත්හැරදමන ලද, අමතක කර දමන ලද ජනතාවට සමීප වන සසල වූ සභාවක් දැකීමට මම කැමතියි" - ෆ්ලොරන්ස් නුවර දේශනය - දෙවන කොටස

I like a restless Church, ever close to the abandoned, the forgotten...." Pope in Florence (Part 2) 

(2015 නොවැම්බර  14)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ගත කල දිනයේ දී Evangeli Gaudium නමැති සිය ප්‍රථම අපෝස්තලික හසුන වෙත සභාවත් ලෝකයත් යලි ගෙන ගිය බව විචාරකයෝ පවසති

මෙම අපෝස්තලික හසුනෙන් ජේසු සමිඳුන් තුළ  ගැඹුරින් මුලේ බැසගත් "දුප්පත් සභාවක්; දුප්පතුන් සඳහා වන සභාවක්" පිලිබඳ සිය දැක්ම ද, මධ්‍යම පන්තිය දියකර දුප්පතුන් ගේ ගොඩට ම ඇද දමමින් දුප්පත් කම වැඩි කර, කුඩා අති ධනපති පන්තියක් ගොඩනඟන නූතන විවෘත ආර්ථික රටාවේ වෙනසක් සඳහා වන කැඳවීමක් ද පාප් වහන්සේ ඉදිරිපත් කර තිබුනේ ය. ('ප්‍රැන්සිස් පාප් වහන්සේ කොමියුනිස්ට් කාරයෙක්' යයි තතු විකෘති කල ඇතැම් කොටස් එතුමන් විවේචනය කිරීමට පටන් ගත්තේ මේ හසුන  පදනම් කර ගෙනය. එහෙත් සිය ඉගැන්වීම් හා දැක්ම පදනම් වී ඇත්තේ ශුද්ධ ලියවිල්ල පාදක කර ගත් කතෝලික සමාජ දර්ශනය මත බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.)

ෆ්ලොරන්ස් නුවර දී පාප් වහන්සේ කල කි දේ මගින් Evangeli Gaudium අපෝස්තලික හසුන අපට යලි මතක් කර දෙයි. මෙම ගමනේ දී උන්වහන්සේ ඉතාලියේ කාර්මික නගරකට ගියහ. එහි දී ශ්‍රම සුරාකෑමට එරෙහි වන්නැයි කම්කරුවනට උන්වහන්සේ ආරාධනා කළහ. (එම තොරතුරු වෙනත් ලිපියක ගෙන එන්නෙමු.) එසේම, ජේසු සමිඳුන් සේ සභාව ද "හිස්විය යුතු බව හා පහත් විය යුතු බව" උන්වහන්සේ  අවධාරණය කළහ.

මෙහි ප්‍රථම කොටස මීට කලින් ලිපියේ පළවේ.
කියවන්න:"කතෝලික සභාවට වෙනස් විය හැකියි. සභාව වෙනස් විය යුතුයි." ෆ්ලොරන්ස් නුවරදී පාප්වහන්සේ සභාවට දුන් අභියෝගය

මේ, ෆ්ලොරන්ස් ආසන දෙව්මැදුරේ දී එතුමන් කල කතාවේ දෙවන කොටසයි.

මෙම කතාවේ දී පාප් වහන්සේ කිහිප වතාවක් මතෙව් සුවිශේෂයේ එන කන්ද උඩ දේශනාවත් අවසාන විනිශ්චය පිලිබඳ ජේසු සමිඳුන් ගේ ඉගැන්වීමත් වෙත ගියහ. මෙම ඉගැන්වීම් වලින් සමිඳුන් අපට "මාර්ගය පෙන්වන " බව එතුමා කියා සිටියේ ය.

"අව්‍යාජ වූ දිව්‍ය සතුට වෙත මානවයාට ගමන් කල හැක්කේ මෙම මාර්ගය අනුගමනය කිරීමෙනි. මෙහි ජේසු සමිඳුන් කතා කරන්නේ, අප ආධ්‍යාත්මික ගුණයෙන් දුප්පත් වන විට අපට ලැබෙන සතුට ගැනයි. අප අතර සිටින බොහෝ බැහැපත් මිනිසුන් තුළ මෙම භාග්‍යය අපි දකිමු. සහයෝගිතාවයේ පොහොසත්කම දකින්නන් තුළ, තමන් සතු සුළු දේ වුවත් බෙදා ගන්නා අය  තුළ, ඇතැම් විට  වැඩ අමාරු වූවත් ප්‍රමාණවත් වැටුපක් නොලැබුනත්  තමන්ගේ ප්‍රේමවන්තයන් වෙනුවෙන් එදිනෙදා කරණ වැඩවල  පොහොසත්කම තුළ,  මෙවැනි ධර්මගුනයෙන් යුත් මානවයෝ  අපට හමුවෙති"
සභාව ජේසු සමිඳුන් ගේ සිතිවිලි ආරෝපණය කර නොගන්නේ නම්, එය  මංමුළා වනු ඇත; එහි අර්ථය නැති වනු ඇතැ" යි සුදොතුම් පියතුමා කීවේය. "අවසානයේ දී භාග්‍යයන් යනු අප අප දෙස බලන කැඩපතයි; අප නිවැරැදි මග ගමන් කරන්නේ දැයි අපට පෙන්වා දෙන්නේ එයයි. මෙම කැඩපත අපට බොරු නොකියයි."

මෙම අවස්ථාවට එක්ව සිටි රදගුරු හිමිවරුන් ඇමතු පාප් වහන්සේ ජනතවගෙන් පෝෂණය හා ශක්තිය ලබන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

"එඬේරුන් වන්නැයි මා ඔබෙන් ඉලා සිටිනවා. එඬේරුන් පමණක් වන්න. එය ඔබගේ මහිමය කරගන්න. ඔබ පෝෂණය කරන්නේ ඔබගේ රැල වන ඔබගේ ජනතාව යි"

මෙයින් අදහස් කරන්නේ කුමක්දැයි එක්තරා රදගුරුතුමකුට වූ සිද්ධියක් ගෙනහැර දක්වමින් පාප් වහන්සේ මෙසේ විස්තර කළහ.

"එක්තරා රදගුරුතුමෙක්  කාර්ය බහුල වෙලාවේදී  සිය ගමන  යාමට උමං දුම්රියට ගොඩ වුනේය. දුම්රිය ඇඟිල්ලක් ගැසීමටවත් නොහැකි තරම් මගීන් ගෙන් පිරී තිබුනේ ය. අවම වශයෙන්, එහා මෙහා වැනෙන දුමිරිය මැදිරිය තුළ වැනෙමින් සිටි  රදගුරුතුමාට අල්ලාගැනීමටවත්  යමක්  තිබුනේ නැත. ඉතින්, වැටීමෙන් වැලකී සිටීම සඳහා ඔහු තමා අවට සිටි ජනතාව වෙත හේත්තු වුනේය. ජනතාව වෙත හේත්තු වීමෙන් හා යාච්ඥාවෙන්  රදගුරුතුමෙකුට ශක්තිය හා අනුබලය ලබා ගත හැකියි" සුදොතුම් පියතුමා කීවේය.

දුප්පතුන්ට උපකාර කිරීමේ වැදගත් කම පාප් වහන්සේ යලි අවධාරණය කළහ. දුක් විඳින ජේසු සමිඳුන් ගේ මුහුණ  වඩා හොඳින් දන්නේ ඔවුන් බවඑතුමා කීවේය. ඉතාලියේ කතෝලික සභාව  සියලු ආකාර බල තන්හාවෙන් හා මුදලට කෑදර කමින් ආරක්ෂා කරන්නයි උන්වහන්සේ යාච්ඥා කළහ.

"අත්හැරදමන ලද, අමතක කර දමන ලද හා අසම්පුර්ණ ජනතාවට සමීප වන සසල වූ සභාවක් දැකීමට මා කැමතිය. එසේම, සිය දරුවන් තේරුම් ගන්නා, ඔවුන් සමග එක්ව ගමන් කරන, ඔවුන් සිප වැළඳ ගන්නා මවකගේ මුහුණුවර ඇති  ප්‍රීතිමත් සභාවක් පිළිබඳව මම සිහින දකිමි" යි සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය