සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ දොරටුව නිරාවරණ කෙරේ - ශුද්ධ වසරට සුදානම්

Holy Door of St. Peter's Basilica uncovered in preparation for the Holy Year

ශුද්ධ ද්වාරය තුළ තැන්පත් කර තිබු මංජුසාව
(2015 නොවැම්බර  21)
වසර 2000 ජුබිලි වසරට පසු සඟවා තැබුණු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ ද්වාරය ඉකුත් දා නිරාවරණය කෙරිණි. එම දොරටුව 2000 ජුබිලි වසරේ සමාප්තියෙන් පසු ගඩොල් බිත්තියකින් ආවරණය කෙරිණි. මෙම ද්වාරය විවෘත කෙරෙන්නේ ජුබිලි වසරකදී පමණි. මේ වසරේ දෙසැම්බර 8 වනදා දේව මාතා වහන්සේ ගේ ජම්ම දෝෂ රහිතව පිළිසිඳීමේ මංගල්‍යයෙන් ආරම්භ වන දයාවේ වසරට සුදානම් වීම සඳහා එම දොරටුව ඉකුත් 19 වනදා නිරාවරණය කෙරිණි.

සාන්ත පීතර බැසිලිකාවේ අගපුදැදුරු (Archpriest) අති උතුම් ඇන්ජෙලෝ කොමාස්ත්‍රි හිමිපාණන් විසින් පවත්වන ලද සුවිශේෂ යැදුම් මෙහෙයකින් පසු කම්කරුවන් කිහිප දෙනෙකු විසින් දොරටුව ආවරණ කර තිබූ බිත්තිය බිඳ දැමීම ආරම්භ කෙරින. ඔවුන් මුලින්ම කලේ එහි මද කොටස විවර කර එතුළ තැන්පත් කර තිබූ මංජුසාවක් පිටතට ගැනීමයි.

එම මංජුසාව කාදිනල් හිමියන් විසින් විවෘත කෙරින. විශේෂ සිහිවටන හා උපකරණ කිහිපයක් එතුළ බහා  තිබිණි.

ඒ අතර තිබු එක වැදගත් දෙයක් වූයේ යතුරු කැරැල්ලකි. ප්‍රැන්සිස් පාප් වහන්සේ දෙසැම්බර 8 වැනිදාජුබිලි වසර ප්‍රකාශයට පත් කරමින් ශුද්ධ ද්වාරය විවෘත කරන්නේ මේ යතුරු වලිනි. වසර 2000 දී ශුද්ධ ද්වාරය වැසීම සහතික කරමින් නිකුත් කර තිබූ ලේඛන දෙකක් ද එහි තිබිණි. කුඩා ගඩොල් කිහිපයක් හා 2000 ශුද්ධ වසරේ සැමරුම් පදක්කම් කිහිපයක් ද එහි තැන්පත් කර තිබූ සිහිවටන අතර විය.



මංජුසාවේ අඩංගු ද්‍රව්‍ය සාන්ත පීතර බැසිලිකාවේ පූජාවිධි පාලක ගුයිඩෝ මැරීනි මාහිමිපානන්ට භාර දෙනු ලැබිණි.

රෝමයේ සිව් මහ බැසිලිකා දේවස්ථානවල සෑම එකකම ශුද්ධ ද්වාරයක් පවතියි. කිසිවකුට ඇතුළු විය නොහැකි ලෙස ඇතුලතින් අගුලු දමා වසා ඇති මේ දොරටු විවෘත කෙරෙන්නේ ශුද්ධ වසර වලදී පමණි. විශ්වාසකයන්ට ඒවා තුලින් ඇතුළු වී විශේෂ ගැලවීමේ ඵල (පුර්ණ ඵල) ලබා ගත හැකිය. ශුද්ධ ද්වාරයේ අරමුණ ශුද්ධ වසර වලදී විශ්වාසිකයනට ගැලවීම ලබා ගැනීම සඳහා අතිවිශේෂ  මාර්ගයක් ලබා දීමයි.

2016 දයාවේ ශුද්ධ වසරේ විශේෂත්වයේ නම් ලොව සෑම රදගුරු පදවියකම ශුද්ධ දොරටුවක් විවෘත කරනු ලැබීමයි.මෙය සභා ඉතිහාසයේ එවැන්නක් සිදුවන ප්‍රථම වතාවයි. මේ අනුව රෝමයට වන්දනා ගමනක් යා නොහැකි ජනයාට සිය පදවියේ ශුද්ධ ද්වාරයෙන් ඇතුළු වී ගැලවීමේ ඵල ලබා ගත හැකිය.

මෙවර ශුද්ධ වසරේ දොරටුව පිලිබඳ තවත් විශේෂ දෙයක් සිදුවේ.

ශුද්ධ වසර ඇරඹෙන්නේ දෙසැම්බර 8 වැනිදා නමුත් අප්‍රිකාවේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බෙන්ගුයි පදවියේ ශුද්ධ දොරටුව ඊට කලින් මේ මස අවසානයේ විවෘත කෙරේ. එය විවෘත කරනු ලබන්නේ නොවැම්බර 25-30 අතර අප්‍රිකාවේ අපෝස්තලික චාරිකාවක යෙදෙන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි. යුද්ධයෙන් ඉරි තැලුණු එරට ජනතාවට තම ලැදියාව හා සුහදතාව ප්‍රකාශ කිරීමේ සලකුණක් ලෙස එය සිදු කරන බව සුදොතුම් පියතුමා කීවේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය