"ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ මාර්ගය යුක්තිසහගත කිරීමට දෙවියන් ගේ නාමය යොදා ගැනීම දේව අපහාසක්" සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Religious justification of violence and hatred is "blasphemy" : Pope emphasizes 

පැරිසියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ආපාන ශාලාවක් ඉදිරිපිට පදික වේදිකාවේ තබා තිබු සිද්ධියට ගොදුරු වූවකු ගේ මල සිරුරක්.

(2015 නොවැම්බර  15)
සිකුරාදා රාත්‍රියේ පැරිසියට එල්ලවූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව සුදොතුම් ප්‍රන්සිස්  පාප් වහන්සේ ඉරිදා (නොවැම්බර් 15) යලි කියා සිටියහ. එයින් තවත් ඔබ්බට ගිය උන්වහන්සේ කියා සිටියේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් ගේ නාමය යොදා ගැනීම "දේව අපහාසයක්" බවයි.

ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව, වන්දනාකරුවන් අමතමින් පාප් වහන්සේ මේ බව කියා සිටියහ.

"ප්‍රංශය ලෙයින් කැළැල් කොට විශාල පිරිසකට හානි සිදුකරමින් සිකුරාදා රාත්‍රියේ පැරිසියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන මා තුළ ඇති වූ වේදනාව ප්‍රකාශ කරන්නට කැමතියි. ප්‍රංශ ජනරජයේ ජනාධිපතිතුමන්ටත් රට වැසියන්ටත්, මගේ සහෝදරාත්මක සංවේගය මම ප්‍රකාශ කරනවා...මේ සිද්ධියෙන් ජීවිත අහිමි වූ හෝ තුවාල ලැබුවන් ගේ පවුල්වලට මම විශේෂයෙන්ම සමීප වෙනවා..." සුදොතුම් පියතුමා ඉතා සෙමින් කීවේය.

"මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අප සිත් අවුල් කොට අප වික්ෂිප්ත කරනවා. එපමණක් නොවේ. ප්‍රංශය පමණක් නොව මුළු ලොවම කම්පනයට පත්කළ මෙවැනි රුදුරු භයංකර ක්‍රියා ගැන සිතන්නටත් ඒවා කරන්නටත් මිනිස් හදවතකට  පුළුවන් වන්නේ  කෙසේදැයි අපට සිතෙනවා. මානව ගෞරවයට කිව නොහැකි තරම් වන අවමානයක් සිදුකරන  මෙවැනි ක්‍රියා ඉදිරියේ ඒවා හෙලා දැකීම හැර වෙනත් දෙයක් කල නොහැකියි"  යි එතුමා   පෙන්වා දුන්නේය.

" මා ඉතා ප්‍රබලව මේ දේ  ඔබට අවධාරණය කල යුතුයි. එනම්, හිංසාවේ, ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ මාර්ගයෙන් මානව වර්ගයා ගේ ප්‍රශ්න විසඳිය නොහැකියි. එසේම, හිංසාවේ, ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ මාර්ගය යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් ගේ නාමය යොදා ගැනීම දේව අපහාසකි" එතුමා අවධාරණය කළේය.

පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස් වූ වන්දනාකරුවන් යාච්ඥාවට මෙහෙයවමින්, "දයාවේ මෑණියන්" වන දේව මාතා වහන්සේට යාච්ඥා කළහ. "සභාවේ ප්‍රථම දියණිය වන ප්‍රංශ ජාතියත්, යුරෝපයත්  සමස්ත ලෝකයත්" මරිය මෑණියන් ගේ ආරක්ෂාවට භාර කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

ජයග්‍රාහී බලය - ප්‍රේමය 

ලෝකයේ එකම ජයග්‍රාහී බලය ප්‍රේමය පමණක් බව ප්‍රන්සිස්  පාප් වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ.

ඉරිදාට නියමිත සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ දෙවන පැමිණීම ගැන උන්වහන්සේ එහිදී මෙනෙහි කළහ."අපගේ අවසන් ඉලක්කය  උත්ථාන වූ ජේසු සමිඳුන් මුණගැසීමයි.මම ඔබෙන් අසන්නට කැමතියි: ඔබෙන් කී දෙනෙක් මේ ගැන සිතා තිබෙනවා ද? මා ස්වාමීන් වහන්සේව මුහුණට මුහුණ මුණගැසෙන දවසක් තිබෙනවා." එතුමා විස්තර කළේය.

"මෙයයි අපේ අවසන් අරමුණ: මුණගැසීම. අප බලාපොරොත්තුවෙන් සිටින්නේ කාලයක් ගැන හෝ ස්ථානයක් හෝ නොවේ. අප බලාපොරොත්තුවෙන් සිටින්නේ පුද්ගලයකු මුනගැසීමටයි. ඒ, ජේසුස් ස්වාමීන් වහන්සේයි. මෙහිදී පැන නගින ප්‍රශ්නය, එතුමන් හමුවන කාලය සනිටුහන් කරන පෙර නිමිති පහල වන්නේ 'කවදාද' යන්න නොවේ. එතුමන් මුණගැසීමට අප  කෙතරම් සුදානම් ද යන්නයි. එසේම ලෝකයේ අවසාන කාලයේ  සිදුවන බව පැවසෙන දේ සිදුවන්නේ "කෙසේද" යන්න නොවේ; මුණගැසීමට සුදානම් වීම සඳහා අප අද දවසේ ක්‍රියා කල යුත්තේ 'කෙසේද' යන කාරණයයි. අප කැඳවනු ලබා සිටින්නේ, දෙවියන් වහන්සේ තුළ ශාන්තියෙන් හා විශ්වාසයෙන් අපගේ අනාගතය ගොඩනගා ගනිමින් අද දවස ජීවත් වීමයිටයි." එතුමා පෙන්වා දුන්නේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය