"සාන්ත පීතර බැසිලිකාව ප්‍රමුඛ ත්‍රස්තවාදී ඉලක්කයක් " - ඇමෙරිකාව කියයි

"Saint Peter's Basilica tops potential terrorist targets" - American Embassy 


(2015 නොවැම්බර  20)
ISIS ත්‍රස්තවාදීන්  ඉතාලියට එල්ල කල හැකි ප්‍රහාරයක දී රෝමයත් මිලානෝ නුවරත් ඔවුන් ගේ ප්‍රමුඛ ඉලක්ක අතර වන බව ඉතාලියේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. එම නගර දෙකේ දී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාන්ත පීතර බැසිලිකාව බව ද එම තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ ය.

ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතැම් විට ගිය සතියේ පැරීසියට එල්ල කල ප්‍රහාරයට සමාන ක්‍රමයක් යොදා ගැනීමට ඉඩ ඇති බව ද ඇමෙරිකාව කියයි. එම තානාපති කාර්යාලය පවසන්නේ ඉතාලි රජය මේ පිළිබඳව දන්නා බවයි.

මිලාන් නුවර බැසිලිකා දෙව්මැදුර සහ ලා ස්කාලා ඔපෙරා ශාලාව ද ත්‍රස්තවාදීන් ගේ ප්‍රධාන ඉලකක අතර වේ. ඊට අමතරව මෙම නගර දෙකේ තවත් දෙව්මැදුරු, සිනගෝග (ජුදෙව් ආගමේ ධර්ම ශාලා), ආපාන ශාලා හා නෘත්‍ය ශාලා රැසක් ද ප්‍රහාරවලට ඉලක්ක වීමට ඉඩ තිබෙන බව එම නිවේදනය සඳහන් කරයි.

මේ නිසා තමන් සිටින පරිසරය ගැන පරීක්ෂාවෙන් හා අවදියෙන් සිටින්නැයි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉතාලියේ සිටින තම රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය