ජේසුගේ කුරුසිය තුළ ලොව සියලු කුරුස දකින්නට කොලෝසියමේ පැවැති පාදනමස්කාරයේ දී සුදොතුම් පියතුමා ඇරැයුම් කරයි; අපයෝජනයට ලක්වන ළමයින් ගේ සහ යුක්තියට හා සාමයට පිපාස වන්නන්ගේ 'කුරුස' වෙනුවෙනුත් යාච්ඥා කරයි

Holy Father prays for gace to see in Jesus' Cross all the crosses of the world: Prays for the abused children and for those who thirst for justice and peace


(2019 අප්‍රේල් 20)
අපයෝජනයට ලක්වන බාලයන් සහ යුක්තියට සහ සාමයට පිපාස වන්නන් වෙනුවෙන්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශේෂයෙන් යාච්ඥා කරයි. එසේම "අභ්‍යන්තරයෙන් සේ ම බාහිරිනුත් නිරන්තර ප්‍රහාරයට ලක්වන" කතෝලික සභාව වෙනුවෙනුත් එතුමා යාච්ඥා කරයි.

එම මෙම යාච්ඥාව කලේ අප්‍රේල් 19 වනදා - මහා සිකුරාදා - සැන්දෑවේ රෝමයේ කොලෝසියමේ දී එතුමා ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු කුරුසියේ පාදනමස්කාරයේ අවසාන යාච්ඥාව ඔප්පු කරමිනි. කුරුසියේ පාදනමස්කාරය යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය කුරුසිය රැගෙන කපාල කන්ද දක්වා ගිය ගමනේ දී සිදුවූ සිද්ධීන් භාවනා කිරීමයි.

මහ සිකුරාදා සන්ධ්‍යාවේ කොලෝසියමේ දී පාප් වහන්සේ ගේ සහභාගීත්වයෙන් පාදනම්ස්කාරය පැවැත්වීමේ ඉතිහාසය 15 වන බෙනඩික් පාප් වහන්සේ ගේ සමය දක්වා දිවෙයි. 1758 එතුමන් ස්වර්ගස්ථ වීමෙන් පසුව එම සම්ප්‍රදාය නැවතිණි. එය යළිත් ආරම්භ කරන ලද්දේ 1964 දී සවැනි පාවුළු පාප් තුමන් විසිනි. ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පාදනමස්කාරයට සහභාගී වෙමින් කුරුසියද රැගෙන ගමන් කළේය.

ලෝකය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සාංක්‍රමණිකයන්, සිය "ප්‍රථම ප්‍රේමය" අමතක කරන කැපවුණු ජීවිත ගත කරන්නන් මෙන්ම හුදෙකලා කරනු ලබන වැඩිහිටියන් වෙනුවෙනුත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම පාදනම්ස්කාරයේ දී යාච්ඥා කළේය.

එතුමා පාදනම්ස්කාරය අවසානයේ ඔප්පු කල සම්පූර්ණ යාච්ඥාව මෙසේය:

"ජේසු ස්වාමීනි,
ඔබවහන්සේ ගේ කුරුසිය තුළ ලෝකයේ පවතින සියලුම කුරුස දකින්නට අපට උදව් වුව මැනව;

ආහාර සහ ආදරය වෙනුවෙන් කුසගින්නෙන් පෙළෙන තැනැත්තන් ගේ කුරුසිය;

ස්වකීය දරුවන් සහ පවුලේ සාමාජිකයන් විසින් තනි කරන ලද හෝ අත්හැර දමන ලද තැනැත්තන් ගේ කුරුසිය;

යුක්තිය සහ සාමය වෙනුවෙන් පිපාස වන තැනැත්තන් ගේ කුරුසිය;

ඇදැහිල්ලේ සැනැසීම නොලබන තැනැත්තන් ගේ කුරුසිය;

වයසේ බරින් සහ හුදෙකලාවෙන් පහත් කරන ලද වැඩිහිටියන් ගේ කුරුසිය;

බිය සහ දේශපාලන ගණන් සෑදීම් මත හදවත්වලට මුද්‍රා තැබීම නිසා දොරටු වසා දැමීම හේතුවෙන් අසරණ වන සාංක්‍රමනිකයන් ගේ කුරුසිය;

ස්වකීය අහිංසකකම සහ පිවිතුරු බව තුළ තුවාල කරනු ලබන බාලයන් ගේ කුරුසිය;

අවිනිශ්චිත බවේ අන්ධකාරය සහ ක්ෂණික මොහොතේ අන්ධකාරය තුළ මංමුලාවී ඉබාගාතේ සැරිසරන මානව ප්‍රජාවේ කුරුසිය;

පාවාදීම්, නපුරා ගේ දුෂ්‍ය කිරීම් හෝ ඉතා කුරිරු සැහැල්ලු බව සහ ආත්මාර්ථකාමී බව නිසා කඩා ඉහිරවන ලද පවුල් වල කුරුසිය;

ඔබහන්සේ ගේ ආලෝකය ලෝකයට ගෙන ඒමට වෙහෙස නොබලා ක්‍රියා කරන, ඒ මෙහෙවර තුළ ප්‍රතික්ෂේප කරනු ලැබීමටත්, සමච්චලයටත්, නින්දා අපහාස කරනු ලැබීමටත් ලක්ව සිටින කැපවුණු ජීවිත ගත කරන තැනැත්තන් ගේ කුරුසිය;

ගමන් මග අතරතුර ස්වකීය ප්‍රථම ප්‍රේමය අමතක වූ කැපවුණු ජීවිත ගත කරන්නන් ගේ කුරුසිය;

ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කර ඔබවහන්සේ ගේ වචනය අනුව ජීවත් වීමට උත්සාහ කිරීම නිසා කොන්කරනු ලබන්නා වූ ද සිය සම වයසේ මිතුරු මිතුරියන් විසින් පමණක් නොව දෙමාපියන් විසින් ද ඈත්කර ඉවත්කරනු ලබන්නා වූ ද ඔබවහන්සේ ගේ දරුවන් ගේ කුරුසිය;

අපගේ දුර්වලකම් වල, අපගේ කුහකකම් වල, අපගේ පාවාදීම් වල, අපගේ පාප වල සේම අපගේ කඩකරන ලද පොරොන්දු රාශියක කුරුසිය;

ඔබවහන්සේ ගේ සුපුවතට විශ්වාසවන්තව, ඔබගේ ප්‍රේමය, බව්තීස්මය ලැබූවන් අතරට ගෙනයාමට පවා ගෙනයාමට අරගලයක යෙදී සිටින ඔබගේ සභාවේ කුරුසිය;

ඇතුළාන්තයෙන් මෙන්ම බාහිරින් ද නොකඩවා  පහරදීම් වලට ලක්ව සිටින බව 
හැඟී යන ඔබගේ මනාලිය වන සභාවේ කුරුසිය;

කෑදරකමින් සහ බලයෙන් අන්ධ වී ඇති අපගේ ආත්මාර්ථකාමී නෙත් ඉදිරිපිට බරපතල ලෙස මැලැවෙමින් පවතින අපගේ පොදු නිවහනේ කුරුසිය.

ජේසු ස්වාමීනි,
උත්ථානයත් සියලු නපුරට හා සියලු මරණයට එරෙහිව ඔබවහන්සේ ලැබූ ජයග්‍රහණයත් පිළිබඳ බලාපොරොත්තුව අප තුළ යළිත් දල්වාලුව මැනව.

ආමෙන්.
















Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය