ශුද්ධ වූ බයිබලයට ගෞරව කිරීම, එය අධ්‍යයනය කිරීම සහ දේව වචනය බෙදා ගැනීමේ වාර්ෂික විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

A special day to honor, study and share the Bible  declared


(2020 ජනවාරි 10)
දේව වචනය අධ්‍යයනය කිරීමට, එය වඩ වඩාත් අගය කිරීමට මෙන් ම දේව වචනයට සාක්ෂි දැරීමට ලොව පුරා කතෝලික ජනතාව යොමු කිරීමේ වාර්ෂික දිනයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එය නම් කර ඇත්තේ "දේව වචනයේ ඉරුදින" යනුවෙනි. සුදොතුම් පියතුමා විසින් නිකුත් කරන ලද ව්‍යවස්ථාවක් මගින් සෑම වසරකම සාමාන්‍ය සමයේ 3 වැනි ඉරිදා මේ සඳහා  වෙන් කර තිබේ. මේ වසරේ එය යෙදෙන්නේ ජනවාරි මස 26 වැනිදාට යි.

එම ඉරුදිනය "දේව වචනය උත්සවාකාරයෙන් සමරන, අධ්‍යයනය කරන සහ බෙදා හරින විශේෂ දිනයක් ලෙස වෙන් කල යුතු" බව එම නියෝගයේ සඳහන් වේ. "බයිබලයට දිනයක් කැප කිරීම මගින් උත්ථාන වූ සමිඳුන් සිය වචනයේ නිධානය අප වෙත නිරාවරණය කරන්නේ කෙසේ ද යන්න අත්දැකීමටත් ලෝකය ඉදිරියේ එහි ගැඹුර නොපෙනෙන සම්පත ප්‍රකාශ කිරීමටත් අපට හැකියාව ලැබේ" යි එතුමා පෙන්වා දෙයි.

කෙසේ නමුදු එතුමා අවධාරණය කරන්නේ බයිබලීය දිනය හුදෙක් වාර්ෂික අවස්ථාවකට සීමා නොවිය යුතු බවයි. "බයිබලයට දිනයක් වෙන් කිරීම දැකිය යුත්තේ හුදෙක් වාර්ෂික එක්  දින උත්සවයක් ලෙස නොව වසර පුරා දිවෙන සිද්ධියක් ලෙස ය. මන්ද,  ස්වකීය වචනයෙන්  අපට කතා  කර, විශ්වාසිකයන් ගේ ප්‍රජාව තුළ පූප කැඩීමට අපට නොකඩවා ආරාධනා කරන උත්ථාන වූ සමිඳුන් සහ  ශුද්ධ ලියැවිල්ල ගැන දැනුමිනුත්  ප්‍රේමයෙනුත්  අප වර්ධනය වීම වහාම අවශ්‍ය වී ඇති කාරණයකි."

"අප ශුද්ධ ලියැවිල්ල සමග සමීප සම්බන්ධතාවක් වර්ධනය කරගත යුතු ය. එසේ නැතහොත් අපගේ හදවත් සීතලව ද අපගේ නෙත් වැසී ද පවතිනු ඇත. ...ජනතාව උන්වහන්සේ ගේ හඬට සවන් දෙන්නේ නම් සහ අපගේ සිත් සහ හදවත් ඊට විවෘත කරන්නේ නම්, උන්වහන්සේ අපගේ ජීවිතයට ඇතුළු වී අප සමග සදහටම ජීවත් වනු ඇතැ"යි සුදොතුම් පියතුමා එම ලේඛනයේ වැඩි දුරටත් කියා සිටියි.

කතෝලිකයන්ට දේවස්ථානයේ දීත් සිය ජීවිත වලත් බයිබලය වඩාත් ගැඹුරින් යොදා  ගැනීමට සහාය වීම සඳහා නිර්මාණශීලී ක්‍රියා මාර්ග ගන්නැයි මෙම ලේඛනය ප්‍රකාශයට පත් කළ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාව සියලු රදගුරු පදවි සහ මීසම් වලට ආරාධනා කර තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය