"යුද්ධය වපුරන්නන් කිතුනුවන් නොවේ" - සාන්තා මාර්තා භාවනාව:"ඔබේ හදවතේ යුද ගිණි දල්වන්නට යක්ෂයාට ඉඩ දෙන්න එපා!"

"Don’t let the devil light ‘fire’ of war in your heart"- Meditation at Santa Martha: "People who sow the seeds of war are not Christians" 



(2020 ජනවාරි 11)
යම් කෙනෙක් යුද්ධයේ බීය වපුරන්නේ නම් එම තැනැත්තාට තමන් කිතුනුවකු බව කිව නොහැකි යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි.

"අනෙක් තැනැත්තන් තුළ වැරැදි සොයමින් ඔවුනට දෝෂාරෝපනය කොට දඬුවම් නියම කිරීම යුද්ධයක් ඇති කිරීම සඳහා යක්ෂයා විසින් කරනු ලබන පෙලඹවීමකි. යම් කෙනෙකු සිය පවුල තුළ, ප්‍රජාව තුළ හෝ  වැඩකරන ස්ථානයේ  යුද්ධයේ බීජ වපුරයි නම් එම තැනැත්තා කිතුනුවකු විය නොහැකියි" යි එතුමා අවධාරණය කලේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ ජනවාරි 9 වැනිදා උදාසන සාන්තා මාර්තා නිවහන් දෙව්මැදුරේ පැවැති දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. එතුමා වතිකානයේ සිටින රාජ්‍ය තාන්ත්‍රික මණ්ඩල ප්‍රධානීන් මුණ ගැසුණේ  එදිනම ය.
(එම තොරතුරු මෙතැනින් කියවන්න:
"ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යළි ශක්තිමත් කොට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට දේශපාලන නායකයන් අනලස්ව ක්‍රියා කල යුතු යි" : නව අවුරුදු තානාපති හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනතුරු අඟවයි )

මෙදින දිව්‍ය පූජාවේ පළමුවන දේව ප්‍රකාශනය වූ ශු. ජුවාම් තුමා ගේ පළමු වන ලිපියෙන් උපුටා ගත්  කොටස ගැන භාවනා කරමින් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කෙළේ ය. අන්‍යයන්ට ප්‍රේම කිරීම මගින් දේව පනත ඉටු කොට "දෙවියන් වහන්සේ තුළ විසිය හැක්කේ කෙසේදැයි ජුවාම් තුමා එම කොටසෙන් පැහැදිලි කරයි. "අපට උන්වහන්සේ දෙන පනත මෙයයි: එනම්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා සිය සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය" යි එම කොටසේ සඳහන් වේ.

"දෙවියන් වහන්සේ සිටින තැන සාමය පවතියි"යි  මෙය පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා කීවේය. "සාමය ඇති කරන්නේ උන්වහන්සේ යි. අප තුළ සාමය ඇති කිරීම සඳහා උන්වහසේ අප වෙත එවන්නේ ශුද්ධාත්මයාණන්ව යි. මේ නිසා කිසියම් තැනැත්තකු ගේ හදවත තුළ සාමය ඇති වන්නේ එම තැනැත්තා දෙවියන් වහන්සේ තුළ වෙසෙන්නේ නම් පමණකි."

"එහෙත් යම් කෙනෙකුට දෙවියන් වහන්සේ තුළ විසිය හැක්කේ කෙසේ ද?" එතුමා ප්‍රශ්න කලේ ය. "කෙනෙකුට දෙවියන් වහන්සේ තුළ විසිය හැක්කේ අන් අයට ප්‍රේම කිරීමෙනි. සාමයේ රහස එයයි" යි එතුමා විස්තර කලේ ය.

යුද්ධය පවතින්නේ බාහිරව නොව තමන් තුළ යි 

යුද්ධයේ ගිනි දැල් හෝ සාමය පවතින්නේ තමන්ට බාහිරව, වෙනත් ප්‍රදේශයක හෝ රටක යැයි සිතීම මුලාවක් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.
"යුද්ධයේ ගිණි දළු රැසක් බොහෝ තැන්වල ඇවිලී පවතින මේ කාලයේ අප යුද්ධය හෝ සාමය ගැන කතා කළ විට බොහෝ දෙනෙකු ගේ සිත ගමන් කරන්නේ ඈත දුර බැහැර වෙනත් පලාතක හෝ රටක පවතින යුද්ධයක් වෙතයි. එවැනි යුද්ධ සිහිපත් කොට  ලෝක සාමය වෙනුවෙන්  යාච්ඥා කිරීම වැදගත් දෙයක්. එහෙත් සාමය ආරම්භ විය යුත්තේ තමන්ගේ ම හදවතින් යන්න ඊටත් වඩා වැදගත්" යි එතුමා කියා සිටියේ ය.

"අප අපගේ ම හදවත් පිළිබඳව සිතා බැලිය යුතුයි. මගේ හදවත පවතින්නේ සාමයෙන් ද? නැති නම් ලතැවුලෙන් ද? එසේත් නැතිනම් එය පවතින්නේ වඩ වඩාත් දේ උදුරා ගනිමින්, සෙසු අය මත බලය සහ අධිකාරීත්වය පතුරුවමින්  යුදමය තත්වයක ද? අපගේ හදවත තුළ සාමය නොමැති නම්, ලෝකය තුළ සාමය ඇති වේ යයි අපට සිතිය හැක්කේ කෙසේ ද? " එතුමා විමසුවේ ය.

"මගේ හදවත තුළ ඇත්තේ යුද්ධය නම්, මගේ පවුල තුළත්, මගේ අසල්වාසියේත්, වැඩකරන ස්ථානයේත් ප්‍රදේශයේත් යුද්ධය පවතිනු ඇත."

තමන් කරන දේ උපත ලබන්නේ "සාමයේ ජීවගුණයකින්" ද නැති නම් "යුද්ධයේ ජීව ගුණයකින්" දැ යි පරීක්ෂා කර බලන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය.

අන් තැනැත්තා ගේ දොස් ම දැක ඔවුන්ට දඬුවම් දීම යුද්ධ කිරීම සඳහා යක්ෂයා විසින් කරනු ලබන පෙළඹවීමක් බව එතුමා පෙන්වා දුන්නේ ය. "මේ යුද්ධයේ ගින්න කෙනෙකු තුළ දල්වා ලිය හැකි වූ විට යක්ෂයා සතුටට පත් වෙයි. මන්ද එසේ කල විට යක්ෂයාට කරන්නට දෙයක් ඉතිරි නොවන නිසයි. එතැන් සිට එකිනෙකා විනාශ කරන්නට ක්‍රියා කරන්නේ අප මයි; යුද්ධය ලුහුබැඳ ගොස් විනාශය ඇති කරන්නේ අප මයි."

"මිනිස්සු පළමුවෙන් තමන් ගේ හදවතින් ප්‍රේමය පන්නා දමා තමන් විනාශ කර ගනිති. ඊළඟට ඔව්හු යක්ෂයා තමන් තුළ පැල කල මේ බීජය නිසා අන් අයව ද විනාශ කරති" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය භාවනාවේ දී කියා සිටියේ ය.

"අප අපගේ ම හදවත් පිළිබඳව සිතා බැලිය යුතුයි. මගේ හදවත පවතින්නේ සාමයෙන් ද? නැති නම් ලතැවුලෙන් ද? එසේත් නැතිනම් එය පවතින්නේ වඩ වඩාත් දේ උදුරා ගනිමින්, සෙසු අය මත බලය සහ අධිකාරීත්වය පතුරුවමින්  යුදමය තත්වයක ද? අපගේ හදවත තුළ සාමය නොමැති නම්, ලෝකය තුළ සාමය ඇති වේ යයි අපට සිතිය හැක්කේ කෙසේ ද? " එතුමා විමසුවේ ය.

"මගේ හදවත තුළ ඇත්තේ යුද්ධය නම්, මගේ පවුල තුළත්, මගේ අසල්වාසියේත්, වැඩකරන ස්ථානයේත් ප්‍රදේශයේත් යුද්ධය පවතිනු ඇත.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය