වතිකාන ළමා රෝහලේ අරමුදල් අවභාවිත කළ එහි හිටපු සභාපතිට අත්හිටවූ සිරදඬුවමක්

Former President of Vatican's Children's Hospital found guilty of misappropriation of funds

සුදොතුම් පියතුමා ළමා රෝහලට ගිය අවස්තාවක් 


(2017 ඔක්තෝබර 17)
වතිකානයේ "ජේසු බිලිඳු රෝහලේ" (Bambino Gesu hospital) හිටපු සභාපති ජිසෙප්පේ ප්‍රොෆිති එහි අරමුදල් අවභාවිත කිරීම පිලිබඳ වරදකරු බව වතිකාන අධිකරණයක් තීරණය කළේය.

විනිසුරු වරුන් තුන් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින්  විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ඔක්තෝබර 14 වනදා ප්‍රකාශයට පත් කෙරිණි.

"ජේසු බිලිඳු රෝහල" විරුදය ලබා සිටින්නේ  සුදොතුම් පියතුමාගේ ළමා රෝහල ලෙසය. 2013 - 2014 කාලය තුළ රෝහලේ අරමුදල් වලින් යුරෝ 420,000 ක මුදලක් එම රෝහලට අයත් නොවන කාර්යයක් සඳහා යොදවා ගනිමින් අවභාවිත කර ඇති බවට ප්‍රොෆිතිට චෝදනා එල්ල වී තිබිණි. ඔහු විසින් මෙම මුදල් ලබා දී තිබුණේ වතිකානයේ හිටපු රාජ්‍ය ලේකම්  තාර්ෂිසියෝ බර්තෝනේ කාදිනල් හිමිපාණන් ගේ එපාර්ට්මන්ට් නිවස අලුත්වැඩියා කිරීම සඳහාය.

මෙම චෝදනාවට ඔහු වරදකරු බව තීන්දු කල අධිකරණය ඔහුට වසරක සිර දඬුවමක් සහ යුරෝ 5000 ක දඩයක් නියම කළේය. පසුව එම සිර දඬුවම අත්හිටුවූ සිරදඩුවමක් ලෙස වෙනස් කරන ලදී.

මෙම නඩුව සඳහා බර්තෝනේ කාදිනල් හිමිපාණන් කැඳවනු ලැබ සිටියේ නැත. එතුමන් පවසා තිබුනේ සිය නිවෙස අලුත්වැඩියාව සඳහා තමන් විසින් යුරෝ 300,000ක මුදලක් ගෙවා ඇති බවයි. කෙසේ නමුදු මුදල් අවභාවිත කිරීම පිලිබඳ මෙම චෝදනාව පැනනැගීමෙන් පසුව රෝහලට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා එතුමා යුරෝ 150,000ක මුදලක් ඊට ප්‍රදානය කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය