යොවුන් හඬට සවන් දීම සඳහා පූර්ව සිනෝඩ මහා යොවුන් හමුවක් කැඳවේ

Pope Announces a Pre-Synod meeting to "listen to youth expectations and concerns"

2013 දී රියෝ හි කොතකබානා වෙරළට රොද බැඳුනු කතෝලික තාරුණ්‍යය 


(2017 ඔක්තෝබර 16)
2018 තරුණයන්  පිලිබඳ සිනොඩ් රදගුරු කතිකාවට සූදානම් වීමක් ලෙස ජගත් තරුණ හමුවක් වතිකානයේදී පැවැත්වීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ.

මෙම  ජගත් යොවුන් හමුව 2018 මාර්තු 19 සිට 24 දක්වා පැවැත්වෙන බව ඉකුත් බදාදා (ඔක්තෝබර 4 වනදා) සිය බදාදා පොදු හමුව අවසානයේ සුදොතුම් පියතුමා ප්‍රකාශ කළේය. කිතුනු මෙන්ම කිතුනු නොවන යෞවනයනට ද මේ සඳහා  ඇරැයුම් කරන බව එතුමා පැවසුවේය. එතුමා කියා සිටියේ මෙම පූර්ව සිනෝඩ හමුවේ අරමුණ තරුණ තරුණියන් ගේ අපේක්ෂා සහ සිතිවිලි වලට සවන්දීම බවයි.

"මේ (සිනෝඩ) ගමන තුළ යොවුන් ජනතාවගේ හඬට, ඔවුන් ගේ සංවේදිතා, සහ ඇදහිල්ලට පමණක් නොව ඔවුන් ගේ සැකසංකා සහ විවේචන වලටත් සවන් දීමට සභාවට අවශ්‍ය වී තිබේ. අප යොවුන් පරපුරට සවන් දිය යුතුයි" යැයි එතුමා කීවේය. 

"මෙම හමුවේ දී ස්වකීය බලාපොරොත්තු, සහ අභිලාෂයන් ගැන මෙන්ම සිය අවිනිශ්චිතතා සහ සැලකිල්ල දක්වන දේ ගැන ද අදහස් ප්‍රකාශ කිරීමට තරුණ ජනතාවට අවස්ථාව  ලබා දෙන" බව සිනොඩ් කතිකා මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මහ ලේකම් කාර්යාලය  සිනොඩ් කතිකාවට යොවුන් අදහස් විමසීම  සඳහා මීට කලින් අන්තර්ජාල මත විමසීමක් සිදු කළේය. මෙම යොවුන් හමුව ,මගින් එම මත විමසීම තවත් පොහොසත් කරනු ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජාතික රදගුරු මණ්ඩල නියෝජනය කරන යොවුන් කණ්ඩායම් වලට අමතරව පැවිදි නිකායයන් නියෝජනය කරන කණ්ඩායම් මෙන්ම දෙව්සත්හල් සිසු නියෝජිත කණ්ඩායම් ද යොවුන් හමුවට එක්වනු ඇත. කතෝලික නොවන කිතුනු තරුණයනට ද නොකිතුනු තරුණ පිරිස්වලට ද ඊට ඇරැයුම් කෙරේ.

යොවුන් හමුව පරිසමාප්තියට පත්  වන්නේ මාර්තු 25 වැනිදා උදාසන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ශා. පීතර චතුරශ්‍රයේ දී පවත්වනු ලබන ගොබ් ඉරිදා දිව්‍ය පූජාවෙනි.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය