"ජනමාධ්‍ය කලාව විනාශයේ ආයුධයක් නොවිය යුතුයි": සුදොතුම් පියතුමා අවධාරණය කරයි (video)

"Journalism cannot become a weapon of destruction": Holy Father insists 


(2016 ඔක්තෝබර 10)
මේ ඔක්තෝබර මාසය ලොව පුරා ජනමාධ්‍ය වේදීන් වෙනුවෙන් යාච්ඥා කරන මාසයක් කරගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් ම, ජනමාධ්‍යවේදීන් සිය සේවාවේදී නිරන්තරයෙන් ම "ප්‍රබල ආචාර ධර්ම මත පිහිටා  සත්‍යයට ගරු කරමින්" කටයුතු කරන ලෙස ඉල්ලා දෙවිඳුන් යදින්නයි එතුමා ඉල්ලයි.

සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කරන්නේ ඔක්තෝබර මාසයේ එතුමන් ගේ "විශ්වීය යැදුම් අදහස" ඉදිරිපත් කරමිනි. පාප් වහන්සේ ගේ මාසික විශ්වීය යැදුම් අදහස සහ ධර්මදුතික යැදුම් අදහස ඉදිරිපත්  කිරීම ආරම්භ කරන ලද්දේ  ප්‍රංශයේ ජේසු නිකායික දෙව්සත්හල් සිසුන් කණ්ඩායමක්   විසින්  1884 දීය. එකල සිට පත් වූ සියලු  පාප් වහන්සේලා සිය මාසික යැදුම් අදහස කතෝලික ජනතාව වෙත ඉදිරිපත් කළහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ඔකතොබර මාසයේ විශ්ව යැදුම් අදහස අන්තර්ගත වීඩියෝව ඔක්තෝබර 4 වනදා නිකුත් කළේය. ලොව පුරා මාධ්‍යවේදීන් විවධ ස්ථාන වල සිට සිය සේවා කටයුතු කරන රූපරාමු මාලාවක පසුබිමේ සිට එතුමා සිය පණිවිඩය ඉදිරිපත් කරයි.

මෙම පණිවිඩයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, ප්‍රවෘත්ති අවස්ථා වලින් පිරි නූතන ලෝකයේ තොරතුරු වාර්තා කාරණයේදී  ජනමාධ්‍යවේදීන් ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුනට අභියෝග කරයි.

"මුණගැසීමේ සහ සංවාදයේ සංස්කෘතියක් ගොඩනැගීමේ  සේවාව  සඳහා ජනමාධ්‍ය යොමු කරන්නේ කෙසේද?" යැයි එම පණිවිඩයේ එතුමා ප්‍රශ්න කරයි. "මනුෂ්‍ය වර්ගයාගේ සහ සහ මිහිතලයේ පොදු යහපතට කැප වූ තොරතුරු සම්පාදනයක් අද ලෝකයට අවශ්‍යව තිබේ. මේ අරමුණින් ජනසන්නවේදන ක්ෂේත්‍රයේ සේවාව කරන්නන් වෙනුවෙන් යාච්ඥා කිරීමට ඔබ මා සමග එක්  වෙනවාදැ"යි ග්‍රාහක  ජනතාවගෙන් එතුමා විමසයි. "ජනමාධ්‍යවේදීන් සිය වගකීම් ඉටුකිරීමේදී සත්‍යයට ගරු කිරීමෙන් ද ආචාර ධර්ම අනුව කටයුතු කිරීමේ ප්‍රබල හැඟීමකින් ද නිතර අභිප්‍රේරණය ලබත්වායි මම යාච්ඥා කරමි"යි එතුමා ප්‍රකාශ කරයි. සිය මාධ්‍ය මෙහෙවරේ දී මෙම අරමුණ සිත්හි ධාරණය කරගෙන සිය හර්ද සාක්ෂියට අනුකුලව කටයුතු කරන ලෙස සියලු ආගම් වලට අයත් වූ ද ආගමක් අනුගමනය නොකරන්නා වූ ද සියලු මාධ්‍යකරුවන් ගෙන් ඉල්ලා සිටින බව එතුමා සඳහන් කළේය.

මීට කලින් ඉකුත් සැප්තැම්බර 12 වනදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ දී ලෝක ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් මුණගැසුනේ ය. එහිදී එතුමා ඔවුන්ගේ අවධානය යොමු කලේ තොරතුරු සම්පාදනයේ දී සහ විචාරයේ දී මානව ගරුත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැනයි.

" ඔබ‍ගේ වෘත්තීය කිසිවිටෙකත් විනාශකාරී ආයුධයක් ලෙස භාවිත කල නොහැකිය. එසේම, එය කිසි විටෙකත් බිය ජනිත කිරීම සඳහා යොදා නොගත යුතුයැ"යි එතුමා එහිදී මාධ්‍යවේදීනට අවධාරණය කෙළේය.

"ජනමාධ්‍යකරණයේ දී නිශ්චිතව ම විවේචනය නීත්‍යානුකූලය. එපමණක් නොවේ. නපුර ප්‍රතික්ෂේප කරන්නේ යම් සේ ද එසේ ම විවේචනය ද අත්‍යවශ්‍ය බව ද පැවසිය යුතු ය. එහෙත් සෑම  විටම එය සිදුකල යුත්තේ අනෙකාට, ඔහුගේ ජීවිතයට හා ඔහුගේ බලපෑමට ඇති  ගෞරවය ආරක්ෂා කරමිනි. ජනමාධ්‍යවේදය පුද්ගලයන් හෝ ජාතීන් විනාශ කිරීමේ අවියක් නොවිය යුතු" යයි එතුමා පෙන්වා දුන්නේ ය.

"මාධ්‍යවේදී මිතුරනි, මේ පණිවිඩය පතුරුවන්නට ඔබ මට උදව් වෙනවාද?" සුදොතුම් පියතුමා මෙම පණිවිඩය අවසන් කරමින් මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියි. ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

මේ මාසයේ සිය යැදුම් අදහස පිළිබඳව විස්තර කරමින් සුදොතුම් පියතුමා නිකුත් කල වීඩියෝව මෙතැනින් නරඹන්න:



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය