Posts

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලියුමෙන් සිත වෙනස් වූ නව යොවුන් සිරකරුවා ගේ කතාව

Image
The Pope's letter that that changed the teenage prisoner's heart   (2016 මාර්තු 7) නව යෞවනයේම මිනීමැරුමකට වරදකරු වූ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කාලෝස් ඒඩ්‍රියන් වස්කුවස් සිතුවේ මුළු ලෝකයම ඔහු මිනීමරුවකු යැයි සිතන බව ය. ලෝකයම ඔහු ප්‍රතික්ෂේප කර පිළිකුල්  කරතැයි ඔහු සිතුවේය.  මේ නිසා සිරගෙදරදීම සිය ජීවිතය විනාශ කරගන්නට ඔහු කල්පනා කලේය. එහෙත් ඊට කලින් ඔහු එක දෙයක් කළේය. ඔහු ප්‍රැන්සිස් පාප් වහන්සේට ලියුමක් යැවුවේය. "මට ඕනැ කරලා තිබුනෙ මම කරපු වැරදිවලට සමාව ඉල්ලන්න." වස්කුවස් CNN ප්‍රවෘත්ති සේවයට කීවේ ය. "මම හිතුවේ නෑ ඒකට උත්තරයක් ලැබේය කියල. ඒත් මා පුදුමයට පත් කරමින් පාප් වහන්සේ මට ලියුමක් එවුවා. මට විශ්වාස කරන්න බැරි වුනා ඒක. මං හිතුවේ නෑ හිරගෙදරක ඉන්න කෙනෙකුට පාප් වහන්සේ ලියුමක් එවයි කියල." ඔහු පුදුමයට පත් කල මේ ලියුම ජනවාරි 21 වැනිදා ලැබුනේය. ආදරණීය කාලෝස්, ජේසු සමිඳුන් ගේ සාමය ඔබට ලැබේවා! ඔබ පසුගිය දා මට එවූ ලියුම දැක  මම බොහෝ සතුටට පත්වුනා" සුදොතුම් පියතුමා කාලොස්ට එවූ ලියුම පටන් ගෙන තුබුණේ එහෙමය. "සුදොතුම් පියතුමා ඔබ වෙනුවෙන්...

"පාපය අප දුප්පත් කොට හුදෙකලා කරයි" පශ්චාත්තාපික දිනයේ අනුශාසනය

Image
 "Sin impoverishes and isolates us....." සුදොතුම් පියතුමා ගිය සිකුරාදා  සාන්ත පීතර බැසිලිකාවේ දී පාපොච්චාරණය දීමට පෙර, බැසිලිකාවේ සිටි පියතුමෙකුගෙන් එම සක්‍රමේන්තුව ලබාගත්තේ ය. (2016 මාර්තු 5) රිජුව නැගී සිට පියාණන්වහන්සේ ගේ සමාවට විවෘත වන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අනුශාසනා කරති. "උන්වහන්සේ වෙත දුවගෙන යාමට බාධා කරන සියලුම බර අපි අපෙන් ඉවත් කරමු. අපට බොහෝ ආරක්ෂා සහිත යැයි සිතෙන නමුත් අපව උන්වහන්සේ වෙතින් ඈත්කරන අප ඇලීගැලී  සිටින දෙයින් ඉවත් වෙමු" යි උන්වහන්සේ ඇරැයුම් කරති. ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ ආරාධනය කලේ මාර්තු 4 වන සිකුරාදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ  පැවැති වාර්ෂික චතාරික පශ්චාත්තාප මෙහෙයේ අනුශාසනය කරමිනි. වසරක් පාසා සාන්ත පීතර බැසිලිකාවේ දී පැය 24 පස්චාත්තාපික දිනයක් පැවැත්වේ. මේ දිනයේ  එම දෙව්මැදුර හා රෝමයේ ප්‍රධාන දෙව්මදුරුවල පැය 24 පුරා සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය ලබා දීමට පුජාප්‍රසාදිවරුන් හා රදගුරුතුමන්ලා සුදානමින් සිටිති. මෙය ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් 2014 දී ආරම්භ කල චාරිත්‍රයකි. ඉකුත් සිකුරාදා පැවැති මෙම මෙහෙයෙන...

යේමනයේ වැඩිහිටි නිවාසයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්; දයාවේ සොයුරියන් 4 දෙනෙකු ඇතුළු 16 දෙනෙක් මියයති. (UPDATED)

Image
 Four Missionaries of Charity sisters among 16 dead in a Home for the seniors (Updated with Pope's message)  (2016 මාර්තු 1) දයාවේ ධර්මදූතික සොයුරියන් 4 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 4 වැනි සිකුරාදා යේමනයේ වැඩිහිටි නිවාසයකට එල්ල කෙරුණු ප්‍රහාරය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ හෙලා දකිති. උන්වහන්සේ පවසන්නේ එය "ඉතා දුෂ්ට ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙසයි. අවි අතහැර සාකච්ඡාවේ මාර්ගයට එක වන්නැයි අවිගත් පිරිස් වෙතින් එතුමා යලිත් ඉල්ලා සිටියි. එතුමා මෙසේ ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය පිලිබඳ සොව පල කරමින් යේමනයේ දයාවේ ධර්මදූත සොයුරියන් වෙත යවන ලද විදුලි පුවතක් මගිනි. පාප් වහන්සේ වෙනුවෙන් ඊට අත්සන් තබා ඇත්තේ වතිකාන රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණෝ ය. යේමනයේ වැඩිහිටි නිවාසයකට අවිගත් පිරිසක් විසින් ඊයේ (මාර්තු 4) එල්ල කරන ලද ප්‍රහාරයකින් දයාවේ ධර්මදූත සොහොයුරියන් සිව් දෙනෙකු  ඇතුළු 16 දෙනෙක් මිය ගියහ. මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ  මේ වන විට දරුණු සිවිල් යුද්ධයකට මැදි වී ඇති යේමනයේ  තාවකාලික අගනුවර වන ඒඩන් නුවර පිහිටි වැඩිහිටි සාත...

සුලුතරයන් වෙනුවෙන් පන පිදූ පාකිස්ථාන කතෝලික දේශපාලකයා ප්‍රාණපරිත්‍යාගවරයට එසවීමේ ක්‍රියාමාර්ගය ඇරඹේ

Image
Pakistan Church opens the Cause for Shahbaz Bhatti to be declared a martyr ෂබාස් භට්ටි (2016 මාර්තු 3) දේශපාලකයකුව සිටියදීත් ආදර්ශවත් කිතුනු ජීවිතයක් ගත කර සිය විශ්වාසය වෙනුවෙන් ජීවිතය පූජා කළ ගිහි කතෝලිකයකු, ප්‍රාණපරිත්‍යාගීවරයකු ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාමාර්ගය පාකිස්තාන කතෝලික සභාව ආරම්භ කරයි. පාකිස්ථාන කතෝලික සභාව විසින් මෙසේ සාන්තුවරයට එසවීමට යන්නේ එරට සුළුතර කටයුතු ඇමතිවරයාව සිටියදී අන්තවාදීන් විසින් ඝාතනය කරන ලද ෂබාස් භට්ටි මහතා ය. සුළුතර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයකු වූ ඔහු ජනාධිපති අසීෆ් අලි සර්දාරි ගේ කැබිනට් මණ්ඩලයේ සිටි එකම කිතුනුවා විය. සුළුතර ආගමිකයන්ට එරෙහි හිංසනයන්ට විරුද්ධව හේ එඩිතරව පෙනී සිටියේ ය. පාකිස්ථානයේ ඇතැම් පිරිස් කිතුනුවන්ට හිංසා කිරීම  සඳහා යොදා ගත් දේව අපහාස නීතිය අහෝසි කර ගැනීමට මුස්ලිම් බහුතරයකින් සැදී කැබිනට් මණ්ඩලයක සිටියදීත් ඔහු  එඩිතරව ක්‍රියා කළේය. මෙම අරමුණ සඳහා ඔහු තුළ වූ කැපවීම වර්ධනය කරන ලද්දේ, 2010 නොවැම්බරයේදී කිතුනු කාන්තාවක වූ ඒශියා බිබී දේවඅපහාස නීතිය යටතේ  මරණ දඬුවමට නියම වීමත් සමග ය. මේ හේතුවෙ...

"සභාවට කිලිටි සල්ලි එපා!" ප්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන් එඩිතර ප්‍රකාශයක්

Image
Pope Francis:"The Church doesn't need 'dirty money' "  සුදොතුම් පියතුමා මාර්තු 2 වැනිදා පොදු හමුවේ දී (2016 මාර්තු 2) 2016 මාර්තු 2 වන දා බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේ දී  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික සභාවට ලැබෙන සම්මාදම් හා පඬුරු මුදල් පිළිබඳව පාප් වහන්සේ නමක්  මෙතෙක් කල එඩිතරම හා විවෘතම ප්‍රකාශය කළේය.  ශ්‍රම සුරාකෑම සහ වෙනත් ආචාරධර්ම විරෝධී මාර්ගවලින් උපයන ධනය "කිලිටි සල්ලි" ලෙස හැඳින් වූ එතුමා " මේ කිලිටි සල්ලි සභාවට එපා! එසේ හම්බ කාරණා මුදලින් ලියන ඔබේ චෙක්පත් පුළුස්සා දමන්න" යයි උපදෙස් දුන්නේ ය. මෙවරත් බදාදා පොදු හමුව සඳහා වන්දනාකරුවන් දසදහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටියහ. පොදු හමුවේදී තමන් කල ධර්මෝපදේශ කතාවට එතුමා මෙවර තේමා කරගත්තේ ඉසයියාස් දිවස්ප්‍රසාදීවරයාගේ පොතේ පළමුවැනි පරිච්ඡේදය යි. "මේ කොටසින් දෙවියන් වහන්සේ පවසන්නේ තමන්වහන්සේ මිනිසුන් ගේ යාග පුජාවලට කැමති නැති බවයි. විශේෂයෙන් ම ඒවා ඔප්පුකරනු ලබන්නේ සිය සහෝදරයන් ගේ ලේ තැවරුණු දෑත් වලින් නම් උන්වහන්සේ ඒවා නොපිලිගනියි" යය...

සිත් හැරීමට කිසිදාකත් පමා නැත

Image
 "Father's limitless patience calls us for urgent conversion": Angelus meditation (2016 මාර්තු 1) පව්කාරයන් කෙරෙහි දෙවියන්වහන්සේ ගේ ඉවසීමට  ඉමක් නැත. නිමක් නැත. එහෙත් අපේ සිත් හැරීමට කාලය මෙයයි: එය අදයි. මේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ඉරිදා තුන්කාල ආරාධනා භාවනාවේ සාරාංශයයි. "සිත් හැරීමට කිසිදාකත් පමා නැත. එහෙත් එය ඉතා හදිසියි. එය දැනුයි. එය අදයි. ඒ නිසා අපි සිත් මාරුව අදින්, මේ මොහොතින් අරඹමු" යයි එතුමන් සමග තුන්කාල ආරාධනා මරිය යැදුමට සහභාගී වීම සඳහා පෙබරවාරි 28 වන ඉරිදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දස දහස් සඛ්‍යාත වන්දනාකරුවන් භාවනාවට යොමු කරමින් පාප් වහන්සේ කියා සිටියහ. පව්කාරයන් කෙරෙහි ජේසු සමිඳුන් ගේ අනභිභවනීය "දයා කරුණාව" මෙම මෙනෙහි කිරීමේ දී එතුමා විස්තර කළේය. එතුමා පෙන්වා දුන්නේ "දෙවියන් වහන්සේ පව්කාරයන් වෙත දක්වන අනම්‍ය සැලකිල්ල, උන්වහන්සේ වෙත වහාම හැරී ඒමේ නොඉවසිල්ලකින්  අප ඇවිස්සිය යුතු" බවයි. "දෙවියන් වහන්සේගේ ඉවසිල්ල ගැන ඔබ කවරදාකවත් සිතා තිබෙනවා ද? පව්කාරයන් වෙත උන්වහන්සේ දක්වන අනම්‍ය සැලකිල්ල ගැන ...

සුවය ලබන මතට ඇබ්බැහිවූවන් සමග ගත කළ සිකුරාදාව

Image
Pope Francis spends a day with people in drug and alcohol recovery සුදොතුම් පියතුමා ආයතනයේ නිවැසියන් සමග යාච්ඥා කල අවස්ථාව (2016 පෙබරවාරි 29) දයාවේ වසර වෙනුවෙන් සිය මාසික දයාවේ ක්‍රියාව ඉටුකරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 26 සිකුරාදා බැහැදැකීමට ගියේ රෝමයේ පිහිටි මත්ද්‍රව්‍ය සහ මත්පැනට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකටය. එතුමා එදින බැහැදුටු "ගරු මාරියෝ පිච්චි ඉතාලි සහෝදරත්ව මධ්‍යස්ථානය",  ගරු පිච්චි පියතුමන් විසින් 1979 දී ආරම්භ කරන ලද ආයතනයකි. මෙම මධ්‍යස්ථානය  තරුණයන් සහ පවුල්, කොන්කිරීමටත් සමාජයෙන් බැහැර කරනු ලැබීමටත් වීරුද්ධව  පෙරමුණ ගෙන කටයුතු කරන ආයතනයක් ද වේ. තරුණ සහ මැදිවියේ මතට ඇබ්බැහි වූවෝ මෙහි කාර්ය මණ්ඩලයේ ආදරය හා සෙනෙහස තුළ සුවය අත්විඳිති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිච්චි සහෝදරත්ව ආයතනයට ගියේ කිසිවකුටත් නොදන්වා, තනිව (සිය සහායකයන් හෝ නොමැතිව) හදිසියේය. එතුමා සමග සිටියේ දයාවේ වසරේ පිළිවෙත් හා වැඩසටහන් සංවිධාන කරන නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී රයිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමිපාණන් පමණි. මෙම ගමන ගැන මාධ්‍යවේදී...