සිත් හැරීමට කිසිදාකත් පමා නැත

 "Father's limitless patience calls us for urgent conversion": Angelus meditation



(2016 මාර්තු 1)
පව්කාරයන් කෙරෙහි දෙවියන්වහන්සේ ගේ ඉවසීමට  ඉමක් නැත. නිමක් නැත. එහෙත් අපේ සිත් හැරීමට කාලය මෙයයි: එය අදයි.

මේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ඉරිදා තුන්කාල ආරාධනා භාවනාවේ සාරාංශයයි.

"සිත් හැරීමට කිසිදාකත් පමා නැත. එහෙත් එය ඉතා හදිසියි. එය දැනුයි. එය අදයි. ඒ නිසා අපි සිත් මාරුව අදින්, මේ මොහොතින් අරඹමු" යයි එතුමන් සමග තුන්කාල ආරාධනා මරිය යැදුමට සහභාගී වීම සඳහා පෙබරවාරි 28 වන ඉරිදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දස දහස් සඛ්‍යාත වන්දනාකරුවන් භාවනාවට යොමු කරමින් පාප් වහන්සේ කියා සිටියහ.

පව්කාරයන් කෙරෙහි ජේසු සමිඳුන් ගේ අනභිභවනීය "දයා කරුණාව" මෙම මෙනෙහි කිරීමේ දී එතුමා විස්තර කළේය. එතුමා පෙන්වා දුන්නේ "දෙවියන් වහන්සේ පව්කාරයන් වෙත දක්වන අනම්‍ය සැලකිල්ල, උන්වහන්සේ වෙත වහාම හැරී ඒමේ නොඉවසිල්ලකින්  අප ඇවිස්සිය යුතු" බවයි.

"දෙවියන් වහන්සේගේ ඉවසිල්ල ගැන ඔබ කවරදාකවත් සිතා තිබෙනවා ද? පව්කාරයන් වෙත උන්වහන්සේ දක්වන අනම්‍ය සැලකිල්ල ගැන ඔබට කවදාවත් සිතී තිබෙනවා ද? උන්වහන්සේ ගේ මේ ඉවසිල්ලත් සැලකිල්ලත් නිසා,  අපට එරෙහිව නොඉවසිලිමත්  වීමේ පෙළඹවීමකින්  අප ඇවිස්සී සිටිය යුතු බව සිතී තිබෙනවා ද?  පාපයෙන් සිත් හැරීමට කිසිදිනෙකත් පමා නැහැ. කිසිදාකත්. අවසන් මොහොත දක්වා. දෙවියන් වහන්සේ ගේ ඉවසිල්ල අප එන තෙක් බලා සිටිනවා..." සුදොතුම් පියතුමා සිය භාවනා පිටපතින් ඉවත ගොස්, සිය අදහස් එක්කරමින්  අවධාරණය කලේ ය.

දෙවියන් වහන්සේ ගේ මෙම ගුණය විස්තර කිරීම සඳහා ජේසු ගේ කුඩා මල වන සාන්ත තෙරේසා තුමිය ගේ ජීවිතයේ සිද්ධියක් එතුමා ඉදිරිපත් කළේය. මරණ දඬුවමට තීන්දු වී සිටි එක් දරුණු අපරාධකාරයකු ගේ සිත්මාරුව වෙනුවෙන් සාන්ත තෙරේසා තුමිය යාච්ඥා කළා ය. මෙම අපරාධකරු කිසිදු පූජකතුමකු ගේ සහාය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටියේය. එහෙත් අවසන් මොහොතේ පූජකතුමකු කැඳවූ ඔහු එතුමන් අත තිබු කුරුස ප්‍රතිමාව  සිය දෝතින් ගෙන සිප ගත්තේ ය.

"දෙවියන් වහන්සේ ගේ ඉවසිල්ල. මෙය උන්වහන්සේ අප වෙනුවෙනුත්, අප සෑම කෙනෙකු වෙනුවෙනුත් කරනවා. දෙවියන් වහන්සේ දයා කරුණාව මෙයයි.



අනතුරු හා ආපදා දෙවියන් වහන්සේ ගේ දඬුවම් ද?

ඉරුදිනට යෙදී තිබූ දේව වාක්‍ය කෙරෙහි අවධානය යොමු කල ප්‍රැන්සිස් පාප් වහන්සේ ජනමාධ්‍ය මගින් දිනපතාම වාර්තා කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ආපදා ගැන  සිහිපත් කලේ ය. එදින සුබ අස්නේ ජේසු සමිඳුන් විස්තර කළ අනතුරු සහ ආපදා දෙකකට එතුමා ඒවා සම්බන්ධ කළේය. ඒවා නම්, රෝමානුවන් .....................කිරීම හා පුද්ගලයන් රැසක් මරණයට පත් කරමින් ජෙරුසලමේ සිලොම් කොත කඩා වැටීමයි. ජේසු සමිඳුන් මෙය අද මෙන්ම එදා ජනතාව අතරත් තිබූ 'අන්ධ විශ්වාස" බිඳ දේව දයාව පෙන්වීමට  යොදාගත් අයුරු එතුමා විස්තර කලේ ය.

"තමන්ට සවන් දෙන ජනතාව මෙවැනි ඇතැම් සිද්ධීන්  අන්ධ භක්තියෙන් නිර්වචනය කරන බව ජේසු සමිඳුන් දැනගෙන සිටියා. ඔවුන් විශ්වාස කලේ දෙවියන් වහන්සේ මෙම ජනතාවට දඬුවම් දීම සඳහා මෙම උපද්‍රව ඇතිකළ බවයි. එහෙත් ජේසු සමිඳුන් එම අදහස එකහෙලා ප්‍රතික්ෂේප කරනවා.මන්ද, ව්‍යසන යනු දෙවියන් වහන්සේ ජනතාවගේ පාපවලට දෙන දඬුවම් නොවන නිසායි. ඒ වෙනුවට ජේසු සමිඳුන් පෙන්වා දෙන්නේ එම සිද්ධිවලට ගොදුරු වූවන් අනිත් අයට වඩා අයහපත්  නොවන බවයි."

"අදත්  ව්‍යසන සිදුවූ විට, ඒවාට ගොදුරු වූවන්ටත්, ඇතැම් විට දෙවියන් වහන්සේටත් අප දොස් පවරනවා. එහෙත් ජේසු සමිඳුන් මෙම උදාහරණ දෙක යොදා ගන්නේ, තම පාප වලට පසුතැවී සිත්මාරුවක් කර නොගන්නේ නම්, පව්කාරයන් ද  ව්‍යසන වලට ගොදුරුවූවන් සේම විනාශවන බවට අනතුරු ඇඟවීමටයි. මේ නිසා සුබ අස්නේ මග යමින් ජේසු සමිඳුන් අපට ආරාධනා කරන්නේ, අප තුළ සිත් මාරුවක් ඇතිකර ගන්නා ලෙසයි.නපුර සමග අපගේ ඇති ගනු දෙනුව අත්හැර දමා, විප්ලවීය ලෙස අපගේ ජීවිතයේ  ආපසු හැරීමක් සිදු කරගන්නා ලෙසයි."

කෙසේ නමුදු අප තුළ ඇති 'මම යහපත්' යන දුර්පරීක්ෂාව සිත් මාරුවක් ඇතිවීමෙන් අප වලක්වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප සිත් හරවා ගන්නේ කුමකින් ද? අප සියලු දෙනා යහපත් අය නොවේ ද? ඉරිදාට පමණක්වත් පල්ලි යන, ප්‍රමාණවත් තරමින් දහම ඉටුකරන විශ්වාසකයන් නොවේද? මේවා අප නගන ප්‍රශ්නයි. එම දුර්පරීක්ෂාවෙන් අප ජයගත යුතුයි"

ජේසු සමිඳුන් දෙවි පියාණන් ගේ ඉවසීම ගැන කියන අත්තිකා ගසේ උපමාව ගැන සුදොතුම් පියතුමා ඊ ලඟට භාවනා කළේය. උන්වහන්සේ තුළ වන "ඉමක්, නිමක් නැති ඉවසීම නිසා" වතු පාලකයා වන දෙවි පියාණන් "ඵල නොදරන ගසට ඵල දරන්නට කල් දෙන" බව එතුමා පැහැදිලි කලේ ය.

එතුමා අවධාරණය කලේ දයාවේ ජයන්තිය සිත් මාරුවක් ඇතිකර ගැනීමට දෙවි පියාණන් විශේෂාකාරයෙන් අප කැඳවන වරප්‍රසාදයේ සමයක් බවයි. මෙම සමයේ ලැබෙන වරම් වැස්සෙන් ඵල ලබා ජේසු සමිඳුන් ගේ ජයග්‍රාහී දෙවන ගමනට සුදානම් වෙමුයි එතුමා වන්දනා කරුවනට ආරාධනා කලේ ය.




 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය