"අපි අහස සූරන කුලුණු සහ මන්දිර ඉදි කරමු; එහෙත් ඒ අතර අපි මානව ප්‍රජාවන් විනාශ කරමු" - බදාදා පොදු හමුව -"ලෝකය අද වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය, සහෝදරත්වය යි"

 "Solidarity is the antidote to selfishness, exploitation": Weekly Audience 



(2020 සැප්තැම්බර 6)

"පෙර සිටියාටත් වඩා හොඳින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප එක්ව ක්‍රියා කල යුතු ය; එනම්, ලෝකය අද වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය, සහෝදරත්වය ය."

"සහෝදරත්වය මුල් බැස ඇත්තේ දෙවියන් වහන්සේ මේ මිහිතලයත් සියලු මනුෂ්‍යයිනුත් මවා වදාළ සේක යන සත්‍යය තුළ ය. 

"අපි උස් කුලුණු සහ අහස සූරන මන්දිර ඉදි කරමු; එහෙත් ඒ අතර අපි මානව ප්‍රජාවන් විනාශ කරමු. අපි මිහිතලයේ ස්වාමිවරුන් වන්නට උත්සහ කරමු; එහෙත් ඒ සඳහා අපි ජෛව විවිධත්වයත් පරිසරයේ තුල්‍යතාවත් විනාශ කරමු."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු  පෙන්වා දුන්නේ සැප්තැම්බර 2 වැනි දින බදාදා වතිකානයේ පැවැත්වුණු සතිපතා පොදු හමුවේ දී ය. 

කෝවිඩ් "කොටු වීමෙන්" පසු ප්‍රථම වරට ජනතා සහභාගිත්වය 

මාර්තු මාසයේ ඉතාලිය අඳුරු කරමින් පැතිරුණු කෝවිඩ් වසංගතය නිසා එරට ජනතාව මුළුමණින්ම  නිවාස වලට 'කොටු" කිරීමටත් සෞඛ්‍ය ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීමටත් ඉතාලි ආණ්ඩුවට සිදුවිය. ඊට අවනත වූ වතිකානය ද සුදොතුම් පියතුමා ගේ ප්‍රසිද්ධ හමුවීම්, දිව්‍ය පූජා, දේව මෙහෙයන් සේ ම පොදු හමුව ද අවලංගු කළේය. 

මාස හයක කාලයකින් පසු දැන්  සුදොතුම් පියතුමා සහභාගි වන අවස්ථා ක්‍රමයෙන් ජනතාවට විවෘත වෙමින් තිබේ. ඒ අනුව සැප්තැම්බර් 2 වැනිදා පවත්වන ලද පොදු හමුවට සහභාගී වීමට ප්‍රථම වතාවට ජනතාවට අවසර දී  තිබිණි. කෙසේ වුවත් එය පවත්වන ලද්දේ සාමාන්‍යයෙන් එය පවත්වනු ලබන 30,000කට පමණ එක් විය හැකි සාන්ත පීතර චතුරශ්‍රයේ නොව වතිකාන උද්‍යානය ඇතුළත පිහිටි  සන් දමාසෝ අංගනයේ දී ය. 

අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් තොරව ඕනෑම කෙනෙකුට ඊට සභාගීවීමේ අවස්ථාව ලබා දී තිබිණි. එහෙත් ඊට එක්වන සියල්ලන් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය විය. දොරටුව අසල සිටි මොල්ටාවේ නයිට් වරුන් ගේ සාමාජිකයකු විසින් කෝවිඩ් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් ක්‍රියාත්මක කරනු ලැබිණි. හය සියයකට අධික පිරිසක් මෙම ප්‍රථම පශ්චාත්-කෝවිඩ් පොදු හමුවට සහභාගී වූහ. 

"ජනතාව තිරයෙන් දකින්නට නොව මුහුණට මුහුණ දකින්නට ලැබීම සතුටක්,' යි පොදු හමුව ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කීවේ ය. "කෝවිඩ් සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම ප්‍රදර්ශනය කරන්නේ සමාජ ජීවියකු වන මිනිසාට තවත් මිනිසුන් අවශ්‍ය වන බව යි"

සුදොතුම් පියතුමා ගේ පොදු හමුවේ නව ධර්මෝපදේශ දේශන මාලාවේ තේමාව "ලෝකය සුවපත් කිරීම" යන්නය. මෙවර ද එතුමා එම තේමාව තුළ සිය දේශනාව කලේ ය. 

අන්තර්-යැපීම ඉස්මතු කළ වසංගතය 

වර්තමාන වසංගතය විසින් එක  සාධකයක් ඉස්මතු කර ඇති බව සිය දේශනය අරඹමින් සුදොතුම් පියතුමා කීවේ ය. එනම් මිනිසුන් අතර පවතින අන්තර්-යැපීම (Interdependence) සහ ඒ මගින් ගොඩ නැගෙන සහෝදරත්වය යි. 

"වර්තමාන වසංගතය විසින් මිනිස් අප අතර ඇති අන්තර්-යැපීම  ඉස්මතු කරනු ලැබ තිබේ. යහපතට හෝ අයහපතට, අප එකිනෙකා  එකිනෙකාට සම්බන්ධ වී සිටිමු. එබැවින්, පෙර සිටියාට වඩා හොඳින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම්, අප ක්‍රියා කල යුත්තේ එක්වන්ව ය. එනම් අප සියල්ලන් සහෝදරත්වයෙන්  එක්ව ය. තනිව නොවේ. එකට ය," යි එතුමා  කීවේ ය. 

සමස්ත මානව සංහතියේ පොදු සම්භවය පවතින්නේ දෙවියන් වහන්සේ තුළ යැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප සියල්ලන් ජීවත් වන්නේ දෙවියන් වහන්සේ විසින් අපට වාසය කිරීමට දෙන ලද මේ උද්‍යාන-ග්‍රහයා මත ය. එය අපගේ පොදු නිවහන ය. එමෙන් ම අපට ක්‍රිස්තුන් වහන්සේ තුළ පොදු ගමනාන්තයක් තිබේ."

"එහෙත් මිනිසාට එය අමතක වන විට අන්තර්-යැපීම නොසලකා හැරෙන අතර විෂමතාව සහ කොන් කරනු ලැබීම වර්ධනය වේ; සමාජ ජාලය දුර්වල වේ; පරිසරය විනාශ වේ. "

එහෙත් මෙම අන්තර්-යැපීම නිතරම සහෝදරත්වයට පරිවර්තනය නොවන බව සුදොතුම් පියතුමා කීවේ ය.   

"ඊට පටහැනිව, පෞද්ගලික හෝ ජාතික හෝ බල කණ්ඩායම් වල ආත්මාර්ථකාමීත්වය නිසා සහ න්‍යායාත්මක දෘඪ බව නිසා පාපයේ ව්‍යුහ ගොඩ නැගේ."

"අනෙක් අතින් සහෝදරත්වය මුල් බැස ඇත්තේ දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්  සහ මිහිතලය මැවූ සේක යන සත්‍යය තුළ ය. ... මේ නිසා සහෝදරත්වය අනෙකාට ගෞරවයෙන්  සලකයි. එසේම උපද්‍රවයක දී අනෙකා  ගේ සහයට පැමිණෙයි."

සහෝදරත්වයේ මානසිකත්වය 



බයිබලයේ උත්පත්ති පොතේ එන බාබෙල් කොත ඉදිකිරීමේ කතාව සිහිපත් කල සුදොතුම් පියතුමා කියා සිටියේ  'අහසට ලංවන්නට' අප දරන උත්සාහය තුළ අපගේ සහෝදර ජනතාව අමතක කරන බව යි. " අපි අහස සූරන කුලුණු සහ මන්දිර ගොඩ නගමු; එහෙත් ඒ අතර අපි අපගේ මානව ප්‍රජාවන් විනාශ කරමු; අපි මිහිතලයේ ස්වාමිවරුන් වන්නට උත්සහ කරමු; එහෙත් ඒ සඳහා අපි ජෛව විවිධත්වයත් පරිසරයේ තුල්‍යතාවත් විනාශ කරමු."

"අපි අහස සූරන කුලුණු සහ මන්දිර ගොඩ නගමු; එහෙත් ඒ අතර අපි අපගේ මානව ප්‍රජාවන් විනාශ කරමු; අපි මිහිතලයේ ස්වාමිවරුන් වන්නට උත්සහ කරමු; එහෙත් ඒ සඳහා අපි ජෛව විවිධත්වයත් පරිසරයේ තුල්‍යතාවත් විනාශ කරමු."

කිතුනුවනට සහෝදරත්වයේ උල්පත ශුද්ධාත්මයාණන් වහන්සේ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"මාවත මෙයයි: එනම්, ප්‍රසංවාදයෙන් සම්බන්ධ වූ විවිධත්වය සහ සහෝදරත්වය යි. එක් එක් පුද්ගලයා ගේ තනි පුද්ගලභාවයට අවශ්‍ය කරන 'ප්‍රතිදේහ' විවිධත්වය සහ සහෝදර තුළ තිබේ." 

පෙන්තකොස්ත දිනයේ දී ශුද්ධාත්මයාණන් ශ්‍රාවකයන් මත වැඩම කර ඇදහිල්ල තුළ එක්සත් වූ ප්‍රජාවක් ගොඩ නැගුවේ ය."එම ප්‍රජාව විවිධත්වයෙන් සහ සහෝදරත්වයෙන් එක්සත්ව සිටියේ ය. මාවත මෙයයි: එනම්, ප්‍රසංවාදයෙන් සම්බන්ධ වූ විවිධත්වය සහ සහෝදරත්වය යි. එක් එක් පුද්ගලයා ගේ තනි පුද්ගලභාවයට අවශ්‍ය කරන 'ප්‍රතිදේහ' විවිධත්වය සහ සහෝදර තුළ තිබේ. එම ප්‍රතිදේහ පවතින විට පුද්ගලයකු ස්වාර්ථවාදයෙන් හෝ ආත්මාර්ථකාමයෙන් රෝගී වන්නේ  නැත" යි ස්දොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"අර්බුදය මධ්‍යයේ, විශ්වාසය තුළින් මග පෙන්වන සහෝදරත්වය, මන්දිර හෝ පවුරු ඉදිකිරීමෙන් නොව ප්‍රජාවන් එකට සම්බන්ධ කිරීමෙන් සහ සැබවින්ම මානුෂික සහ ස්ථිර වූ ධරණීය වර්ධනය ක්‍රමවේද ඔස්සේ,  අපගේ සංස්කෘතීය  තුළ  දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය පරිවර්තනය කිරීමට අට හැකියාව ලැබේ," යි එතුමා පැහැදිලි කලේ ය. "මේ කාලයේ අප වෙන් කිරීමට කෙතරම් පවුරු ඉදි වන්නේ ද? ඒවා කෙතරම් විනාශ වන්නේ ද?" එතුමා ප්‍රශ්න කලේ ය.  

මේ නිසා පුද්ගලාර්ථය වෙනුවට සහෝදරත්වය ගොඩ නැගීමට ක්‍රියා කරන්නැයි එතුමා කිතුනු ජනතාවට ආරාධනා කලේ ය. 

"අර්බුද සහ කුණාටු මධ්‍යයේ, සියල්ල විනාශ වී ඇතැයි යන සිතිවිල්ල ඇති කෙරන මේ හෝරාවේ, ස්ථිරත්වය, සහෝදරත්වය සහ සියල්ලට අරුතක්  ලබා  දෙන සහෝදරත්වය ගොඩ නැගීම සඳහා සමිඳාණෝ අපට ආරාධනා කරති." 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය